ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්…

November 3, 2021 at 10:02 pm | lanka C news
ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්…

යුගදනවි ගිවිසුම හා මෙරටට LNG සැපයුමේ ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සූදානම් බව දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ පැවැති විරෝධතාවයක් අතරතුර මේ බව කියා සිටියේය.

තම වෘත්තිය සන්ධානය විසින් අදාළ ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බවත් එහි සාක්ෂිකරුවන් ලෙස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිවරුන් කැඳවීමට ඉල්ලා ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර අමාත්‍ය විහල් වීරවංශ මහතා මෑතකදී කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දී LNG ඒකාධිකාරය ඇමරිකාවට පැවරීමට විරුද්ධව දැඩි විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.

48,853 views

10 Comments to “ආණ්ඩුවට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාක්‍ෂි දෙන්න ඇමති විමල් සූදානම්…”

  1. nilu says:

    Drohiyek novui hitabpan wimale. Gota is doing fine.

  2. පොහොට්ටුව අප්පිරිය අයගේ සංගමය says:

    පොහොට්ටුවේ උද්දච්චයන් තමන්ට ලැබුණු 2/3 ට මොකක්ද කර ගත්තේ….!

  3. nilu says:

    විමලේ ඔයා හොඳ කෙනෙක්. නමුත් ඔබට ව්‍යාපාර ගැන කිසිම අදහසක් නැහැ. පාර්ලිමේන්තුවේ අන්තර්ගතය ඉදිරිපත් කර ප්‍රශ්නය ගැන විවාදයක් කරන ලෙස බැසිල්ට කියන්න. මතභේදාත්මක ප්‍රශ්නයක් ඇත්නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ලෝකයේ සෙසු රටවල උදව් නොලබා ඔබ මේ ආකාරයට ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්නේ කෙසේද? ඔබට කළ හැකි උදාහරණ කිහිපයක්: 1) ඵලදායී කාල සීමාව වසර 10 සිට 5 දක්වා අඩු කිරීමට ඔබෙන් ඉල්ලා සිටිය හැක. 2) ශ්‍රී ලංකාවට ලැබෙන 50% ලාභය වැඩි කරන ලෙස ඔබ ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැක. 3) ඔබට ශ්‍රී ලංකාවෙන් 95% සේවකයන් ලබා ගැනීමට ඉල්ලා සිටිය හැක. 4) ඔබට කළමනාකාරිත්වයෙන් 95% ගෙන් විමසිය හැකි අතර තාක්ෂණික කාර්ය මණ්ඩලය 100% වසර 10 කට පසු ශ්‍රී ලංකාවෙන් බඳවා ගනු ලැබේ. ආදිය

  4. රට දෙකඩකිරීමේ ''ඵම් සී සී'' වියරැව වක්‍රව ක්‍රීයාත්මකයි,.!.! says:

    පාවාදෙන පාහරයන්ට රැවටීමට ලක් නොවිය යුතුයි,.!

    ”’ඵම් සී සී ගිවිසුමේ පළමු අදියර, බටහිරයන්ගේ යුධ නැව් සඳහා ”සේවා සැපයිම නොහොත්..”හෙළයන් සමුළඝාථනයට පැමිනෙනා බටහිර අමෙරිකානු බ්‍රීතාන්‍ය සතුරාට, මාත්‍රෘභුමිය තුළම සේවා සැපයිමේ පහත් පාවාදීමේ ගිවිසුමයි,.! වංචාසහගතලෙස රහසිගතව ගෝඨාබය වංචනිකයා හොරරහසේ අත්සන් කිරීම තුළින් සහ පසුගිය කාළයතුළ තුළ රට තුළ සීදුවු දේ අධ්‍යණය කිරිම තුළින් ගෝඨාබය යනු පහත්ම ගනයේ පාවාදෙන්නකු ලෙස හඳනාගැනීමට සැමට හැකියාව ලැබුණි,. ”’ගෝඨාබය සැබෑම හෙළ භුමිපුත්‍රයකු වීනම්,. ඹහුව මරණයෙන් ගලවාගනිමින් ඹහු සඳහා ලබාදෙන ලද අවස්ථාව ප්‍රයොඡනයට ගනිමින් ඹහු අතින් සිදුවු වරද නිවැරදිකර ගැනීමට කටයුතු කිරිමට තිබින,.! ගෝඨාබය විසින් සිදුකරන ලද ක්‍රීයාව අංගසම්පූර්ණ පාවාදීමක් බව මේ මොහොතේ භුමි පුත්‍රයන් අවභෝධ කරගනිමින් සිටිනු ලබයි,.! ”බුද්ධිමත් ඡනතාව තවදුරටත් කිසිමළෙසකින්වත් කුඨ වංචනික රාඡපකෂ පාවාදෙන පාහරයන්ට රැවටීමට ලක් නොවිය යුතුයි,.!

  5. Kamal says:

    සෑර් මහජන බැංකුවට චීන තනාපති කාර්යාලයම මැදිහත් වී සිදු කරන ලද විශාල දීර්ඝකාලීනව හානිකර ගැටළුව, චීන අසූචි නැව ගැන කටක් ඇරියේ නැත.
    එහෙත් ඇමරිකන් ප්‍රශ්න ගැන මැරෙන්න වුනත් ලෑස්ති.

  6. MD says:

    දෙයියනේ ඇරලා තියෙන දොරෙන් එලියට යන්න පුලුවන්නේ?මොකට උසාවි ගානේ යන්න හදනවද මන්දා. ගෝඨාභයට ඔය ගහන්නේ වැරදි කරන අය මිසක් රට ලෝකය මේ වේලාවෙ පත් වෙලා තියෙන ආර්ථික අර්බුදය හරියට තේරුම් නොගෙන කටයුතු කරන අය තමයි.ලෝකයම මළකඳන් බවට පත් වනකොට අපි පණ බේරගත්ත එකම මදිද?

  7. Testing Testing 1 2 3 says:

    අධිකරණයේ ඇමරිකාවට ගැති උදවිය ඉන්නවද? බලාගන්න පුළුවන් වෙයි.

  8. Open mind says:

    සාක්ෂි පරස්පර නිසා නඩුව ඉවරයි. ඕක කරන්න කැසකවන අය ලංකර ගැනීම පරෙස්සමින්.

  9. range says:

    ada guvan viduliye hassan samarasekara mahathaa sahena guna varnnana karaa .salakiya uthu kalayak mahinda athulu me pirisa ada methana inna haraum lakshaya wimal kiyala kiva .dan inna eunta eka matha na kiva ..wimal yana gamana gana sathutui hadawathi=nma..

Main News