ආණ්ඩුවට සල්ලි නෑ.. විදෙස්ගත ලාංකිකයන් හැකි තාක් ඩොලර් එවන්න.. දානපතියන් පරිත්‍යාග කරන්න.. ජනතාව ඉවසන්න..

December 12, 2019 at 12:40 pm | lanka C news
ආණ්ඩුවට සල්ලි නෑ.. විදෙස්ගත ලාංකිකයන් හැකි තාක් ඩොලර් එවන්න.. දානපතියන් පරිත්‍යාග කරන්න.. ජනතාව ඉවසන්න..

නව ආණ්ඩුව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එනිසා හැකි තාක් ඩොලර් ලංකාවට එවන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ කීහ.

දානපතියන් හැකිතාක් පරිත්‍යාග කරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ ජනතාව ටික කලක් ඉවසා සිටිය යුතු බවද සඳහන් කළහ.

පසුගිය ආණ්ඩුව විසින් කරන ලද නාස්තිය හා දූෂණය හේතුවෙන් වත්මන් ආර්ථිකය මේ තරම් අසීරු තත්ත්වයකට පත්ව ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

276 views

29 Comments to “ආණ්ඩුවට සල්ලි නෑ.. විදෙස්ගත ලාංකිකයන් හැකි තාක් ඩොලර් එවන්න.. දානපතියන් පරිත්‍යාග කරන්න.. ජනතාව ඉවසන්න..”

  1. විහාරි says:

    ඔයා ජරා පළාත් සභා ටික අහෝසි කරලා දන්නා, ඔනාවටවත් වැඩිය සල්ලි හිටී.

  2. Dilini says:

    Pitarata inna sri lankikayo mahabankuwa kolla kawe naha. Ranilgen illa ganna salli wadiwela karanna deyak nathi wenna puluwan.

  3. N.Wimaladasa says:

    We have deepened on our own efforts .
    There is no SHORT CUT for Economic development ?
    That was key reason UNP failure to delivered nothing for economic Development of
    Sri lanka last 5 years .
    Having NEW Capital Market is look by our leaders .
    That is China Japan Korean and other as well . …Capital market in Asian region.