ආණ්ඩුවට සහාය දෙනවා..- ස්වාධීන පක්ෂ දහය
May 16, 2022 at 12:00 pm | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ අමාත්‍යධුර කිසිවක් බාර නොගෙන රටේ රට ගොඩනැගීම සඳහා වන යෝජනාවන්ට තම කණ්ඩායමේ සහාය ලබාදෙන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ පිහිටුවන කමිටු සඳහා ද තමන් දායකත්වය දක්වන බවද හෙතෙම පැවසීය.
මේ මොහොතේ රට තුල ඇති ගැටළුවලට පිලිතුරු සෙවීම සදහා තම සහාය හිමිවන බවත් කී ඔහු රට අස්ථවර, අරාජික කරන කටයුතු සදහා එක් නොවන බවද කියා සිටියේය.
තෙල් ටැංකි ටික ඉන්දියාවට විකූණලා ගාණ කපාගෙන පැන්න එකා, ආයෙත් ගාණ කපාගන්නේ සෙට් වෙනවා.
මුන් දෙන්න තමය් ඔක්කොම කලේ . බැසිල් එක්ක තරහවට ආණ්ඩුවෙන් අඉන් වෙලා මුළු රටම ගිනි තිවුවා.
දැන් එනවා තව තෙපර බාන්න . කට වහගෙන පල.
MR ගේ කර උඩින් බලයට පැමිණි මෙම කුඩා පක්ෂවලට රට නිසි මගකට යොමු කිරීමට පැහැදිලි සැලැස්මක් නොතිබූ බව මෙයින් පැහැදිලිවේ. දැන් ඔවුන් පරාජිතයන් මෙන් ස්වාධීන වන අතර ඔවුන් නෙරපා හැරීමට උදව් කර අගමැතිට සහාය දීමට උත්සාහ කරති. දෛවයේ විහිළුවක්