ආණ්ඩුවට 2/3 ගන්න එජාපයේ සහාය ලැබෙනවා..

July 20, 2020 at 3:00 pm | lanka C news
ආණ්ඩුවට 2/3 ගන්න එජාපයේ සහාය ලැබෙනවා..

රට සංවර්ධනය කිරීමට හා ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීමට ජනතාව කටයුතු කරනු ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමත් සමග අසරණ වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා රොඳ බැදෙමින් සිටිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දීමට නොහැකි වීම පිළිබදව ගම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයින් කණගාටුවට පත්ව සිටිනවා. ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සහායෝගය ඔවුන් ලබා දෙනු ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වී රටේ ජනතාව එහි ගොදුරු බවට පත්වී රට අරාජිකත්වයට පත්වනු දැකීම විපක්ෂයේ දේශපාලන පක්ෂ වල අපේක්ෂාව වී තිබෙනවා. ඉන් සිය දේශපාලන වාසි ලබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. යහ පාලන රජය මෙම කොවිඩ් වසංගත තත්ත්වය තුළ රට පාලනය කළේ නම් රටේ ජනතාවට කුමක් වේදැයි සිතා ගත නොහැකියි. රටේ හා ජනතාවගේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වූ බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් කිරීමට ජනාධිපතිතුමා සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි විශ්වාසනීය නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ වගකීමක් මෙන්ම ඒ සදහා ලැබුනු හොදම අවස්ථාව මෙය බවද නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය තුළින් රට තුළ විවිධ අර්බුද ගොඩනැගුනු අතර එය පසුගිය යහ පාලන කාලය තුළ හොදින් අත්විදීමට සිදුවුනා. මෙම අර්බුදකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවාදී නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සදහා තුනෙන් දෙකක ආණ්ඩු බලයක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

166 views

10 Comments to “ආණ්ඩුවට 2/3 ගන්න එජාපයේ සහාය ලැබෙනවා..”

  1. kamal says:

    මේ දිනවල මම පාසලේදි හා විශ්ව විදයාලයේදි අමතර හා අනිවාර්යය විසයක් වශයෙන් කල ගිණුම්කරණය නැවත ඉගෙන ගන්න ගමන් හෙට වෙද්දි එය පුලුවන් වෙනවා. ආර්ථිකය දියුණු කර ණය අවුරුද්දෙන් අවුරුද්ද අඩු කරන්න විතරක් නෙවේ අංක 14න් මහනුවර දිස්ත්‍රික්කයෙන් කඩුවෙන් සිංහලදිප ජාතික පෙරමුණෙන් තරගවදින දියසෙන් කුමාරයාට බැරි ගැණියෙක් පිරිමියෙක් කරන එක විතරයි. මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත

  2. නිරීක්ෂකයා says:

    මේ රටේ මිනිස්සු හැම්දාම කළේ කිරි කලයට ගොම දැමීමයි. දැන් ගොඩ වඩි කරගන්න ගව මුත්‍රාත් එකතු කරනවා. රණවිරුවෝ අස් ඉස් මස් ලේ ජීවිත දන් දීලා නිදහස් කරගෙන ඒකඡත්‍ර කළ රට ශක්තිමත්ව ගොඩ නගා ගන්න බරි ප්‍රාථමීක ජන කොට්ඨාශයක් සිටින මේක. අපරාදේ විනාශ වුණ තරුණ ජීවත 160,000ක්. මිනිස්සු මේ රට අතහැරලා පිට රට යන එක අහන්න දෙයක් නෙමෙයි මේවා බලද්දි.

  3. Mtmmanvar says:

    Munta nidahas kudu bisness karana 3n2 dennama watinawa. Sri lankawe kisima aanduwakata 3n2 denna narakay.

  4. Sun says:

    There is no politician to trust on this Sri Lankan soil. They all have double policy for their survival. They trust only money. Their heads are blank due to this double vision policies. They knew all these but keeping their eyes shut. If you ask people they will tell you the truth.

  5. Gamini Hewa says:

    තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නම්,ඡන්දෙට පෙර රිෂාඩ් හිරේ දාන්න.දැන් දැන් වෙන දේවල් නිසා, සිංහල අය හොඳටම කළකිරිලා ඉන්නේ.දැන් 69 ලක්ෂය,59 ලක්ෂය වෙලා තියෙන්නේ.කරන දෙයක් ඉක්මනට කරන්න.තව සුමාන 3 යි තියෙන්නේ ඡන්දෙට.මුස්ලිම් අයට රැවටෙන්න එපා.ඒ අය මේ ආත්මෙදි පොහොට්ටුවට දෙන්නෙ නෑ.මුස්ලිම් ඡන්ද පස්සෙ ගියාම වෙන්නේ,අතේ තියෙන සිංහල ඡන්ද නැතිවීම පමණයි.

  6. baiya says:

    muu neda handala laduru rohale daanda hadapu nirodaayana madyasthaneta virudda une?

  7. ratawiruwo says:

    මේ ජඩ දේශපාලුවන් එකෙකුටවත් මැදපෙරදිග අනාථ වෙලා ඉන්න මිනිස්සු ගැන මතක් වෙන්නේ නැහැ. ඒ අයව ගෙන්නගන්න වැඩපිළිවෙලක් නැහැ. තොපිට චන්දය විතරද ඕන. මනුස්සකම් කෝ. රට විරුවෝ අනත විරුවෝ වෙලා ඉන්නේ. මුන් ටික චන්ද හිගමනේ. අඩු තරමේ හොටෙල් වල නිරෝධායනය වෙන්නවත් ගෙන්න ගන්නේ නැහැ. ඒ පහසුකම් ඔක්කොම Europe රටවලට විතරයි. සමහර තානාපති කාර්යාල මර නින්දේ.කාට කියන්නද.

    • උක්කුං මල්ලී says:

      රට විරුවන් ට පුදුම ගායක් තිබුණේ ගෝඨාභය රාජපක්ෂ දිනවන්න. දැන් රටට එන්න නෑ. නමුත් ඉතින් සජිත් ප්‍රේමදාස හිටියත් මේ ටික තමයි.

  8. ක්‍රිමිනල් says:

    පුන්නක්කු බෛයො “මීක්” නැහැ.

Main News