ආණ්ඩුවට 2/3 බලයක් දී මරණ මංචකයේදී ඒ පින අනුමෝදන් වෙන්න..

August 2, 2020 at 2:10 pm | lanka C news
ආණ්ඩුවට 2/3 බලයක් දී මරණ මංචකයේදී ඒ පින අනුමෝදන් වෙන්න..

ගෝඨාභය රාජපක්ෂ මහතාට තම කාර්ය ඉටුකිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යබව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිට ඔහුගේ ගමන යාම සඳහා තුනෙන් දෙකේ බලයක් සහිත අන්තවාදීන් ජාතිවාදීන් නොමැති පාර්ලිමේන්තු බලයක් ලබාදිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

එසේ කළහොත් එම පින්කමට දායක වූවා යැයි මරණ මංචකයේදී ද සැනසීමක් ලැබීමට හැකි වනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමින් අදහස් පල කලහ.

856 views
Main News