ආණ්ඩුවට 2/3 ලැබුනේ දකුණේ සිංහලයන්ගේ එකමුතුකම නිසයි..

August 23, 2020 at 10:40 am | lanka C news
ආණ්ඩුවට 2/3 ලැබුනේ දකුණේ සිංහලයන්ගේ එකමුතුකම නිසයි..

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකක බලයක් ලැබුණේ දකුණේ සිංහල ජනතාවගේ එකමුතු කම නිසා බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.

මීට කලින් සිංහල ජනතාව තුළ මෙවන් එකමුතුවක් නොතිබූ නිසා බලයට පත් වූ සෑම ආණ්ඩුවකටම තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.

රටේ සෑම ජන වර්ගයකම එකමුතුකමක් තිබිය යුතු බවත් එවිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවාගෙන රට සංවර්ධනය කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

වර්තමාන රජයට තුනෙන් දෙකක බලයක් ලැබීම සම්බන්ධව කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් නව රජයේ වැඩපිළිවෙළ දෙස තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස දැඩි විමසිල්ලෙන් බලා සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

35,456 views
Main News