ආණ්ඩුවට 2/3 අහිමි කරමින් ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට..
September 26, 2016 at 10:00 am | lanka C news
ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවෙන් පිරිසක් ඉවත් වී විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඉදිරියේ එළැඹෙන තීරණාත්මක අවස්ථාවකදී මෙය සිදුවනු ඇතැයිද කී ඔහු නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තු 2/3 අනුමැතිය ලබා ගැනීම එනිසා අසීරු වනු ඇතැයිද කියා සිටියේය.
කෙසේ වෙතත් එසේ ඉවත් වීමට සූදානම් වන පිරිස් රදවා ගැනීම සදහා ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් ඇති බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.