ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..

May 21, 2019 at 3:24 am | lanka C news
ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ කඩිමුඩියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ ආණ්ඩුවත් සහ දැනටමත් විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා රැකගැනීමටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බදුයිදීන් ඇමතිවරයාට එරෙහිව දැනටමත් ආණ්ඩුව තුළ සිටින කතෝලික මන්ත‍්‍රීවරුන් හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන මැති ඇමතිවරුන් ගණනාවක් එකතු වී සිටින බවයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා කියා සිටියේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.

මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇමති බදියුදීන් බේරා ගැනීමට වඩා ආණ්ඩුව බේරා ගැනීම පහසු බවත් අනුර දිසානායක මහතා දැනුවත්ව මේ කරමින් සිටින්නේ එම බහසුකම සැලසීම බවත් ඔහු තව දුරටත් පැවසීය.

39 views

23 Comments to “ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..”

  1. GANGABADAYA says:

    What a smile they all have on their faces when they hand over the No Confidence Motion against the government.

    Hey “JVP Traitors”
    The people of this country is wise enough to understand your ulterior motives behind this NCM.
    This is to save Ranil and Rishad!!!!!!

  2. Shihan says:

    ලපයා මාර ගේමක් දෙන්නේ ආන්ඩුව බේරා ගන්න.. හාමුව හිරවෙන කොට ලපකොටා හැමපාරම මොකක් හරි විස්වාශබන්ගයක් හරි දෝශාබියෝගයක් හරි ගේනවා.. මූ නම් මුගේ හත්මුතු පරම්පරාවම ගොඩයන ගානකට රතුකමීසේ මලික්ට විකුනන්න ඇති.. එක අතකට බැලුවාම වරදකුත් නෑ ඉතින්.. හැමදාම අන්තිම සටනට සැරසියව් කිය කිය කැටේ අරන් වටේ යන්න බෑනේ..එකපාර සිරිකොතේ කක්කුසි වල ශුද්ද කරලා පරම්පරාවම ගොඩයන ගානක් පිටරට එකවුන්ට් එකක්ට දාගන්නවා..