ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..

May 21, 2019 at 3:24 am | lanka C news
ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ කඩිමුඩියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ ආණ්ඩුවත් සහ දැනටමත් විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා රැකගැනීමටත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බදුයිදීන් ඇමතිවරයාට එරෙහිව දැනටමත් ආණ්ඩුව තුළ සිටින කතෝලික මන්ත‍්‍රීවරුන් හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන මැති ඇමතිවරුන් ගණනාවක් එකතු වී සිටින බවයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා කියා සිටියේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.

මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇමති බදියුදීන් බේරා ගැනීමට වඩා ආණ්ඩුව බේරා ගැනීම පහසු බවත් අනුර දිසානායක මහතා දැනුවත්ව මේ කරමින් සිටින්නේ එම බහසුකම සැලසීම බවත් ඔහු තව දුරටත් පැවසීය.

91 views

23 Comments to “ආණ්ඩුවත්-බදියුදීනුත් එකවර බේරා දෙන්න ජවිපෙ රටේම ඇස් වසා දැමූ වෙට්ටුව මෙන්න..”

  1. Sadda says:

    මේකා නම් ජාතියේ අවාසනාවට ඉපදුණු කාලකණ්ණි යෙක්.

  2. අපි ගොන්නු නොවේ...! says:

    JVP සුනඛයින්ගේ සමාජවාදය ඉතිරිව ඇත්තේ කොල්ලුපිටිය පැත්තට හරවා සිටින පශ්චාත්බාගයේ රතුපාටෙහි පමණි…..මේ කථාව සම්පුර්ණ ඇත්ත.

  3. Upali says:

    අපි දන්නවා අනුරකුමාරගේ හැටි.

  4. අප්පුහාමි says:

    වසලයන් 225 එකට එකතු වී ජනතාව රවට්ටනවා.මුං ආණඩුව ,විපක්ෂය ,විපක්ෂ නායක,කතානායක වැනි ප්‍රයෝගකාරී නම් දමාගෙන උන් අතර වෙනස්කම් විරැද්ධකම් ඇති බව අපට දවාලේ පෙන්වා අදුරේ උන් එකට එකතු වෙනවා.
    අප්‍රේල් 21 ප්‍රහාරය වසලයන් 225ම දැනගෙන උං 225ම එකා මෙන් ඒ රහස රැක්කා.
    වසලයන් 225ටම මේ වෙනකොට විශ්වාසය භංග වෙලා තියෙන්නේ ජනතාව ගැනයි…වසලයන් එකිනෙකාට උන් ගැන ඇත්තේ බලවත් විශ්වාසයක්.
    අපේ විසදුම වසලන් 225 හා උන්ගේ නායකයන්, සහචරයන් කොන්දේසි විරහිතව පන්නා දැමීමයි.

    • Ponil says:

      අප්පුහාමි පිට්ටු හොරා. පොල් බැයට තට්ටු කරා

  5. Niru says:

    It is claimed that both Government and JVP are scared to offend Bathurdeen because of the block vote. Does this mean that most Muslims still carry extremist views and not moderate views?

  6. මෝඩයා says:

    ඔයාට එක පාරටම හාමුට විරුද්දව කටයුතු කරන ඇයි කියලා අපි වගේ අය හැර සැවොම දන්නවා. ඒ නිසා ඕක අකුලුවා ගෙන පස්ස පැත්තෙ ගහගන්න

  7. Sun says:

    At the beginning I thought JVP was fighting for the rights of people like Carl Mark. But they going in a different path looking for ways for their survival by using the vote of innocent people. But they cant play the double tongue attitude as people know well where we going. They create unhappiness within and out by these shoddy waves. Ultimately no one is going to trust your words except some fools running for money.

  8. සකල බුජං says:

    අනුර කුමාරයට මහ බැංකු මාම හරහා රනිල් හාමු ගෙවනව මෙහෙන් නෙමෙයි සිංගප්පූරුවෙන්.කුට්ටිය පිටින්ම අයර්ලන්තෙ ගිණුමට යන්නෙ ඔන් ලයින්.අනිත් පැත්තෙන් ඊබ්‍රහිම්ගෙ කළු සල්ලි යනව ඒ ගිණුමටම ඒත් ඔන් ලයින්,අනුර කුමාරය ගොඩේ ගොඩ.කාලෙන් බාගෙන් ෂේප් කරන කාල් ලාන්තය මේව දැනගෙන මල පැනල ගිහින් පාරෙ යන අහිංසක උන්දලව බයිට් එකට ගන්නව.යටත් විජිතය අපිට අයිති විදුලි බල මංඩලේ ලයිට් කණු උගේ දේපල වගේ හප්පන්නෙත් සූර් වෙලා ගිහිං.ඒත් ඌ සූර් උනාම ඇල්කොහොල් ටෙස්ට් කරන්නෙ නැතුව පොලිසිය යටත් විජිතය මුදා හරින්නෙ හිතකින් නොවේ රනිල් හාමුගෙ ආනුභාවෙන්. ගමේ කැට හොල්ලන උන් ඒ සොච්චමත් මුන්ටම දෙන්නෙ මුන් උන්ගෙ බ්‍රේන් වොෂ් කල නිසයි.රස්සාවක් නොකර මෙලෝ යකෙකුට නොතේරෙන ඒව දොඩවන දිනන තුරු (Til-Win) සිල්ව ජීවත් කරවන්නෙත් ගමේ කැට හොල්ලන උන්. උන්ගෙ පවුල් ජීවත් වෙන්නෙ තාමත් බද්දක් නොගහන වායු ගෝලයෙ පිහිටෙන් නිකං හම්බ වෙන හුලං බීල​.

  9. Gamini M.A. says:

    This is another role play of JVP which has to play in order to the script of UNP. This is the TRUTH and REALITY. As a human we also can understand some simple thing of politics in Sri Lanka. This is a habit of Anura. How about Lalkantha then? What wil be his opinion on this?

  10. jay says:

    ANURA Umba Thirisanek.

Main News