ආණ්ඩුවම නඩු වැලක් දමයි.. 2020 තෙක් මැතිවරණ කිසිත් නෑ.. ජනමත විචාරණයත් නෑ..
October 20, 2017 at 6:30 am | lanka C news
පළාත් පාලන මැතිවණයේ සීමා නිර්ණය කිරීමක් සම්බන්ධයෙන් ඇමති මනෝ ගනේෂන් මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වීමත් සමග පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මනෝ ගනේෂන්ගේ නඩුවෙන් පසු කාන්තා නියෝජනය සම්බන්ධ නඩුවක්ද ඉන් පසු තරුණ නියෝජනය සම්බන්ධ නඩුවක්ද ගොනු කිරීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර ඇති නිසා මැතිවණය පැවැත්වීම ස්ථිරවම කල් යන බවද ඔහු සදහන් කරයි.
ඒ අනුව 2020 වන තෙක් කිසිදු මැතිවණයක් මෙරට නොපැවැත්වෙනු ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එසේම මායිම් නිර්ණය කිරීමට ඇති නිසා පළාත් සබා මැතිවරද නොඑන බවත් ජනමත විචාරණයක් කිසිසේතම නොඑන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා වලට අදාල නීතිය සම්මත වුනේ 2/3 පමණයි…පළාත් සභා වලට පරමාධිපත්‍යය නෑ-හිටපු අගවිනිසුරුගේ පෙත්සමට එරෙහිව මුලික විරෝධතා.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
මුන් ඔක්කම නළුවෝ, රටේ ජනතාව එළුවෝ.