ආණ්ඩුවෙන් ඉවත් වන තීන්දුව ගැනීමට ජනපති ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කැදවයි.. මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි..

September 9, 2018 at 9:20 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වන තීන්දුව ගැනීමට ජනපති ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කැදවයි.. මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි..

වත්මන් හවුල් ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේද සහභාගීත්වයෙන් මේ සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්චාව සදහා 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද සම්බන්ද වීමට නියමිතය.

ආණ්ඩුවෙන් ඉවත් වවි යුතු බවට 16 කණ්ඩායම විසින් ඉදිරිපති කර ඇති යෝජනාව ගැන මෙහිදී තීරණාත්මක ලෙස සාකච්චා කිරීමට නියමිතය.

මෙම සාකච්චාවේදී ගන්නා තීරණ මීලග පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

67 views

14 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වන තීන්දුව ගැනීමට ජනපති ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කැදවයි.. මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි..”

  1. mottaya says:

    ඔය කූතාඞි රැල එකතුවෙලා ඔය මොනව මොනව හරි ගොං කථා ටිකක් කියවල පැයකට දෙකකට විතර පස්සෙ එළියට එයි. එළියට එනකොට මාධ්‍ය කාරයො අද මොනවද ගත්ත තීරණ කියල ඇහුවම. මුකුත් නහැ. එහෙම දෙයක් අද සාකචඡා කලේ නැහැ. එහෙව් දෙයක් න්‍යාය පත්තරේ තිබුනෙ නැහැ කියයි.

  2. Nandasoma says:

    මෙවරත් ඔය පැත්තේ ඉන්න සමහරු තමුන්ගේ පුද්ගලික පැවැත්ම ගැන හිතලා unp අලියාගේ වලිගෙ එල්ලිලා රට පවා දෙනගමන් ඇමතිකම් වල ඉන්න තීරණය කරාවි හැබැයි මේ එන්නේ අන්තිම අවස්ථාව .මේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්න කිසිම කෙනෙකුට ආයෙත් ජිවිතේට පාර්ලිමේන්තු යන්න ලැබෙ නෑ” ඒවගේම ජාති ද්‍රෝහීන් ලෙස හංවඩු ගැහෙනවා ;unp කරන හැම අලුගුත්තේරු වැඩකටම දේශද්‍රෝහී වැඩකටම ඇත උස්සන උන් දේශද්‍රෝහී පවා දෙන්නෝ වෙනවා .එනිසා ඔය තමුන්ගනම විතරක් හිතන ගංජා කරුවෝ අතහැරලා වහාම අනුද්වෙන් ඉවත්වීම ඔය හැමෝගෙම අනාගතයට හොඳයි

Main News