ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ..- අගමැති

February 15, 2021 at 6:29 am | lanka C news
ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ..- අගමැති

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කරන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මම සන්තෝෂ වෙනවා. අපි ගමකට සේවය කරනවා නම් ඒ සේවය ලබා ගන්නා තැන හොඳට තියෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ.

සේවයක් කරන්න සේවය කරන ස්ථානය බලපානවා. අද සභාපතිතුමාට නව ගොඩනැගිල්ලක් ලැබිලා තියෙනයා. මෙහි එන ජනතාවට වුණත් ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා හොඳ පරිසරයක් තුළ ඉඳගෙන තම සේවාව කරන්න මෙහි සේවකයන්ට පුළුවන් කම තිබෙනවා. සේවාව ලබා ගන්නා තැනත්තාටත් ඒ පහසුව ලැබෙනවා.

මේ වගේ සභාපතිවරයෙක් ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද තමන්ට රජයෙන් සහ අනෙකුත් අංශවලින් ගත හැකි හැම උදව්වක්ම අරගෙන තම ප්‍රදේශය සංවර්ධනය කරන්න ගරු ඇමතිතුමන්ලා, මන්ත්‍රිතුමන්ලා සමඟ එකතු වෙලා මෙතුමා කටයුතු කරලා තියෙනවා.

අපි අද වෙනකොට ආණ්ඩු බලය අරගෙන අවුරුද්දක් වගේ කෙටි කාලයක්. හාමුදුරුවනේ ඒ කාලයෙනුත් මාස හතරක් වගේ තමයි ආණ්ඩුව කරන්න පුළුවන් උනේ. අනෙක් කාලය ගැන පසුගිය කාලයේ තිබුණ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.

කෙසේ වෙතත් අද විශේෂයෙන් නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. ගමට නගරයේ තිබෙන පහසුකම් ලබා දීම අපේ වගකීමක් හා යුතුකමක්. ඒ කාර්ය අපි ඉටු කරනවා.

කෙනෙකුට වතුර ටික, විදුලිය, මහා මාර්ග ලබා දෙන්න පුළුවන් නම් සියලු කටයුතු වලින් ගමක් දියුණු කරන්න පුළුවන් කම තියෙනවා. එමගින් පළාතක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කාර්යභාරයට අප මුල් තැන දී කටයුතු කරනවා.

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැය 15 ක් විතර වැඩ කරන නායකයෙක්. ඇත්ත කියන්න ඕන එච්චර නම් මම වැඩ කරන්නෙ නැහැ. නමුත් එතුමා ඉඳගෙන මේ සියලු ආයතන ගැන, පළාත් පාලන ආයතන ගැන, අවබෝධයක් ඇතිව තමයි තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා අපි ඉන් ප්‍රයෝජනය ගන්න ඕන.

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් ලෙස මම දකිනවා. එහෙම නැතිව ඇමතිවරු පත්කරලා, මන්ත්‍රිවරු පත්කරලා, සභාවක් ගොඩ නගලා, මන්ත්‍රිවරු පත්කළා දැන් අපට වැඩේ කෙරෙයි කියලා පැත්තකට වෙලා ඉන්න ගියොත් ඉන් පළාතට වගේම තමන්ටත් පාඩුවක් වෙන්නෙ.

ඒ නිසා තමන් පත් කරන මන්ත්‍රිවරයා, තමන් පත් කරන සභාපතිවරයා, තමන්ගේ දේශපාලන නායකයෙකු ලෙස පත්කරගත්තට පස්සෙ ඔබේ වගකීම තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩකරවා ගැනීම, එය කර ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපට තියෙනවා.

තමන්ගෙ පළාත දියුණු වුණොත් තමයි අවට තිබෙන අනෙක් පළාත් දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා මම සංන්තෝෂ වෙනවා මේ ස්ථානයට ඇවිල්ලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අනූප පැස්කුවෙල්, සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

28,248 views

18 Comments to “ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා.. මා නම් එපමණ කරන්නේ නෑ..- අගමැති”

  1. wijebahu says:

    Not just 15 hours even he works for 23 hours have no results. quantity is not what needed quality. Gota has to work so much of hours because he does not have knowledge in virtually anything. just a inflated personality.

    • Banda says:

      ජනාධිපතිතුමා පැය 15 ක් වැඩ කරනවා .මම එතුමාගේ කකුලෙන් අදිනවා .

    • ගොංබාහු says:

      I am the one who knows everything. But I was completely blind during our mucky palana of our hamu.
      I am so strong, knowledgeable, and capable, but still I am a key punching slave paid by ‘you know who’.

    • dev says:

      nothing. newei. patta wada tikak akranne. umbalage halparu unp karayo newei.

      • Darshana abayakoon says:

        ජනාදිපති ග්‍රාමසේවකගෙ වැඩෙ කරන්න ගියාම පැය 15ක් වැඩ කරත් මදි තමයි, ගම් කීයක් තියෙනවද කවර් කරන්න. ටොල්ක්ස් ඩුන්නෙ නම් ඔරකල් ඩේට බේස්, අර්ටිෆිශල් ඉන්ටෙලිජන්ස් ගැන. බුවා දැන් සජ්ජ කිව්ව වගෙ ගමක් ගමක් ගානෙ ගිහින් හරක් කැලෙට දක්කන එකයි, රා මදින එවයි විසදනව. මදැයි ලක්ශ 69ක් විරුවෙක් පත්කර ගත්ත.

    • choon pan says:

      Kohomath Agamati kammaliy kiyala muruthettuwe sadhu kiwwane???

  2. sithmal says:

    ඒත් රට එක තැන.

  3. SKF says:

    ජනාධිපති එච්චර වැඩ කරණකොට, වැඩ නොකර හොරා කන්න හිතාගෙන පාර්ලිමේන්තු ආපු හොරගෙඩියෝ බය වෙනවා.

    මොකද, වැඩ නොකරණ හොර ගෙඩියන්ට ජනාධිපති කැමති නැති නිසා.

    ජනාධිපති පක්ශයේ ඉහල තනතුරකට එනවට ඉන් කැමති නැත්තේ ඒකයි.

    • wijebahu says:

      Yes he was given 69 lacks of votes to become the president, then 2/3rds and 20th now he cant work because he has no party leadership. what a load of crap. just say ‘natanna bari minihata polowa aday.’

    • ත්‍රීවීල් says:

      SKF අනේ උඹේ දේශපාලන දැනුම …. ගොං බූරැ තඩියා…

  4. සිංහල බන්ඩා says:

    විමල් ගම්මන්පිල රතන වගේ නිතරම අඬොවැඩියාවෙන් ඉන්න චරිත ටික ආන්ඩුවකින් අයින් වෙනව කියන්නෙ ඒ ආන්ඩුවට ලොකු යහපතක්

    • නෝ කැපෑසිටි පෑඩ් සජිත් says:

      විමල්, ගම්මන්පිල නැත්නම් අද ආන්ඩුවකුත් නැත. අප්පච්චි මලාය බාප්පොච්චිත් මලාය..

  5. Anuradha says:

    අපි ඉතාමැහැ කෘතක්ගුණ වනවා ඔබ ඇත්ත කියාපු එකට.ඒ වගේම අපි ඔබට ගවුරවය කරණවා පැවතුන මිලෙජ්ජ තර්ස්තවාදය තුරන් කිරීම ගැනත්.ඉතින් අගමැතිතුමෝ දැන් එළභී ඇත්තේ ඔබ විවේක සුවය ගෙන පැත්තකට වීම නේද>වැඩකරගන්නත් කතාකිරිමටත් දැන් එතරම් ශක්තියකුත් නැතිබවත් පෙනේනවා.ඒ වගේම පාර්ලිමේන්තුවේදී නිකම් අනවශ්‍ය පොරොන්දුදිමත් සිදුවනවා අපි දන්නවා එවැනි දේවල් වයසත් සමග සිදුවන දේවල් කියා එමනිසා ලැබූ ගවුරවය ආරක්ෂාකරගෙන විවේක සුවය ගන්න

  6. Alponso says:

    ජනපති වැඩ කරද්දී අනිකා හොරා කනවා .

  7. AJith Perera says:

    නහින දෙහින කාලේ මේ මල පෙරේත මහින්ද මුත්තා කොහේ වැඩ කරන්නද? කකා බිබී හොරා කකා ඉන්නවා මිසක්

  8. Piyadasa Yalagala says:

    What is said by Primer MR ,we accept that. Which is good services by GR for developing country and nation created New Epoch will come into being.

  9. kim says:

    මේ රටේ යම්කිසි දෙයක් හරියට වෙනවානම්, ඒ කැලෑ රක්ශිත එලි පෙහෙලි කිරීම, ගස් කැපීම, අනවසර ඉදිකිරිම්, පගාව හා කොමිස් වලට වැඩ, මත් ද්‍රව්ය බිස්නස්. අනිත් ඔක්කොම හරියට වෙන්න ඕන දේවල් වෙන්නෙ රුවිතෙට..
    ඉතින් ජනාදිපති වැඩකරනවාට වඩා හොඳයි නොකර හිටියානම්

  10. Theeraka says:

    Protect the environment, cease back the Hambsntota from the Chinese, solve unemployment, eradicate Muslim extremism etc, these are the most vital issues that your brother Gota should be doing if he is really doing the job as Head of State. Just don’t blow your own trumpet!

Main News