ආණ්ඩුවෙන් යන්න එපා.. මං තීන්දුවක් ගන්නවා.. දෙසැම්බර් තෙක් ඉන්න..- ජනපති ශ්රීලනිප මැති ඇමතින්ට කියයි..
July 14, 2017 at 11:20 am | lanka C news
ප්රබල දේශපාලන තීන්දු කිහිපයක්ම තමන් ඉදිරි දෙසැම්බර් මාසය වන විට ගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රීලනිප මැති ඇමතිවරුන් වෙත දන්වා ඇත.
එනිසා එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය දෙසැම්බර් මාසය තෙක් කල් දමනා ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.
ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කර ඇත.
හවුල් ආණ්ඩුවේ තව දුරටත් සිටීමෙන් ශ්රීලනිපයට දැඩි හානි සිදුවන බවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම පෙන්වා දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ කුමන් තත්වයක් යටතේ වුවද දෙසැම්බරය තෙක් ආණ්ඩුවේ සිටින ලෙසයි.