ආණ්ඩුවෙන් යන්න බෑ.. දිගම එජාපය එක්ක ඉන්න ඔ්නෑ.. මධ්‍යම කාරක සභාවේදී චන්ද‍්‍රිකා-දුමින්ද-අමරවීර එක හඩින් කියති..

April 10, 2018 at 10:00 am | lanka C news
ආණ්ඩුවෙන් යන්න බෑ.. දිගම එජාපය එක්ක ඉන්න ඔ්නෑ.. මධ්‍යම කාරක සභාවේදී චන්ද‍්‍රිකා-දුමින්ද-අමරවීර එක හඩින් කියති..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 වැනිදා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන් ඊයේ (9 වැනිදා) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී එම ඇමැතිවරු මෙම තීරණයට එළැඹ ඇති අතර ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11 වැනිදා) පැවැත්වීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9 වැනිදා) ප.ව. 6.30 සිට රාත්‍රි 10.30 පසුවන තෙක්‌ මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීම කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම්වරු දෙදෙනා වෙනුවට අලුතින් ලේකම්වරු දෙදෙනෙක්‌ පත් කරන ලෙස ද ශ්‍රීලනිප මැති ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම රැස්‌වීමේදී ජනාධිපතිවරයාට යෝජනා කළහ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී පක්‍ෂව ඡන්දය භාවිතා කළ ඇමැතිවරුන් පිළිබඳව සහ ඉදිරියේදී ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිප භූමිකාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

ආණ්‌ඩුවේ ඇමැති ධුර වලින් ඉවත් වීමට අවශ්‍ය බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබෙන අතර එස්‌. බී. දිසානායක මහතා එම යෝජනාව ස්‌ථිර කර තිබේ.

චන්දිම වීරක්‌කොඩි ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ද එම යෝජනාවට පක්‍ෂව අදහස්‌ දක්‌වා ඇත.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමැතිවරයාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ එම යෝජනාවට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇත.

කුෂාන් සුබසිංහ
– divaina

67 views

16 Comments to “ආණ්ඩුවෙන් යන්න බෑ.. දිගම එජාපය එක්ක ඉන්න ඔ්නෑ.. මධ්‍යම කාරක සභාවේදී චන්ද‍්‍රිකා-දුමින්ද-අමරවීර එක හඩින් කියති..”

  1. Alfred says:

    this woman .. some time before spoil the country. she is not suitable for even parliament member.
    The name of banadaranayaka .. she came. bandaranayaka also spoiled nation. should be not use this name…. bandaranayaka mean …. like devils to sri lanka….please chandrika … get loss from our country.

  2. Samuvel says:

    විශාලා මහනුවරට ආපු තුන් බිය මතක් වෙනව හල්ලෝ මේ පින්වන්ත මූනූ දැක්කම.

  3. රාහුල මල්ලී says:

    බණ්ඩාරනායක මහතාගේ අවමගුල් උළෙල අලලා රඡයේ විත්‍රපට අංශය විසින් නිපදවන ලද “ගමනක අවසානය” චිත්‍රපටියේ දෙවන කොටස එතුමාගේ දියණිය විසින් නිශ්පාදනය කර මහඡන ප්‍රදර්ශණය සඳහා දැන් ඉදිරිපත් කර ඇත…. එන්න..! නරඹන්න..!! .ප්‍රීතිවන්න….!!!

  4. kadiya says:

    චෞර රැජින චොරවී එලොවටත් මෙලොවටත් නැති මල හොන්තුවක් බවට පත්වී සිටී. දෙමල බෙදුම්වාදීන් සහ චෞර රැජිනගේ අගුවේ ලගින ලේකම් බාන හැර සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේම ශාපයට ලක්වී සිටී.

Main News