ආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි.. එතකොට ජනාධිපතිතුමාට වෙන දේ බලන්න පුළුවන්..- අමරවීර

December 2, 2021 at 10:22 pm | lanka C news
ආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි.. එතකොට ජනාධිපතිතුමාට වෙන දේ බලන්න පුළුවන්..- අමරවීර

දැනට ආණ්ඩුව නියෝජනය කරන තිහක් හතළිහක් ඉක්ම වූ පිරිසකට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පොදුජන පෙරමුණේ පසුපෙල පිරිස් විසින් පවසා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පක්ෂය තීරණය කරන ඕනෑම අවස්ථාවක ඇමතිධුර අත්හැරීමට සූදානම් බවත් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරන්නේ නම් එසේ කිරීමට සූදානම් බවත් ඔහු පැවසීය.

එසේ ඉවත් වීමට තීරණය කළ හොත් ඉවත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව පනහක් හැටක් පමණ පිරිසක් ඉවත් වනු ඇතැයිද ඔහු පැවසීය.

එවිට ආණ්ඩුවේ තුනෙන් දෙක තියා සරල බහුතරය වත් නැති වන හැටි බලා ගත හැකි යැයිද ඔහු පැවසීය.

පවතින තත්වය ගැන ජනාධිපතිවරයා දැඩිව සැලකිලිමත් විය යුතු බවද කී ඔහු ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

සරල බහුතරය ආණ්ඩුවට නැති කිරීමේ අවශ්‍යතාවය තිබෙන අය ආණ්ඩුවේ සිටින බවත් ඔවුන්ට වෙනත් අරමුණු තිබිය හැකි බවත් ඔහු පැවසීය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

66,682 views

11 Comments to “ආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි.. එතකොට ජනාධිපතිතුමාට වෙන දේ බලන්න පුළුවන්..- අමරවීර”

  1. Sandy says:

    මේ සිප්පි කෑලි හිතාගෙන ඉන්නෙ මුන් හෙන කෙරුමො කියලද?
    ආයිමත් යූඑන්පී එකට ජැක් ගහල පොදු අපේක්ශකයො දාගෙන කොරන්නද?
    රටේ මිනිස්සුන්ට අමතක නෑ මුන් යහපාලනයට එකතුවෙලා රටට කල විනාශය..අදටත් අපි ගෙවන්නෙ මුන්ගෙ ඒ පව.
    දැන් නම් ඕනෙ කරන්නෙ හමුදා පාලනයක්!

    • සිරා says:

      මේ අණ්ඩුවේ බැරි කමට වෙන එවුන් පලි නෑ බං… අවුරුදු දෙකක් ගිහිල්ලාත් තාම කලිං එවුන්ගේ පිට දාලා නොහැකියාව පෙන්නන එපා. මේ ගෙවන්නේ කලින් උන්ගේ පව් නෙමේ උඹලා වගේ 69 ලක්ශේ පව.. මිනිස්සු විදවන විදවිල්ල කවදා හරි උඹලාටත් විදින්න වෙයි.

    • Jagath says:

      බලන් හිටපන්. රාජපස්ස අවසන් කාලේ ගෙවෙන්නේ 😂😂😂😂

    • හමුදා පාලනයක් says:

      ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නෙත් ඕකම තමයි. ඇයි මිනිස්සු 2/3 දුන්නා,19 ගලවලා 20 සම්මත කරලා ජේ ආර් වත් තිබ්බ නැති ජනාධිපති බලයක් දුන්නා, ඇමරිකන් බැසිල්ට එන්ඩ දුන්නා, කබ්රාල්ට කැබිනට් මහා බැංකු අධිපති කමක් දුන්නා. එත් මොනවත් කරගන්න බෑ අන්තිමට ඩඩ්ලියා තමයි හාල් වල ගාන කියන්නේ. හැම එක්කම කෙලවෙලා ඉන්න කොට සජියාගේ වුන් ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු ගලවන්නෙත් නැති නිසා උන්ගේම සෙට් එකක් ගලවලා අනේ අපිට 2/3 නෑ දැන් ඉතින් මොනවත්ම කරන්න විදියක් නෑ වගේ අඬවැඩියාවක් වම්බටු කුට්ටියා ලවා කියවලා ඉන්ඩවගේ හදන්නේ. මේවා ඔක්කොම නාට්‍ය.

    • Jagath says:

      යහපාලනේ 1000000% හොදයි මේ ගොබ්බ ආණ්ඩුව ට වඩා

  2. ගමරාළ says:

    අයියලා මල්ලීලා දෙශපාලන බලයට කා කොටා ගන්නවා , පැඩ් මැන් වෙනම ආතල් එකක, පච රෙනවක හා 3% බොනිකර තරැ මාමා ජනාධිපති හිනෙක, පොනිල් වික්කමසිංහ පක්ෂ නායකත්වය මැරෙන කන් රැකගන්න හිනෙක, රවි කරැපයියා , දතා , තඹ සුජී, කොන්කානිස් බඩුදීන් , ඇතුඑ හොර තක්කඩි රෑල මෙ අවුරුදු පහ හිරේ නොගිහින් ඉන්න බලාපොරොත්තු වක කාලේ ගෙවනවා , මහජනයා හිගා නොකා හිගා කනවා රටට අඹ සරණයී

  3. Sampath says:

    හඃ හඃ ස ෆේල්

  4. කැපුවත් පොහොට්ටුවට says:

    මුන් ගියාට ආන්ඩුව වැටෙන්නෙ නෑ. අපිට විපක්ෂෙන් කට්ටිය අරගෙන ආන්ඩුව ගෙනියන්න පුලුවන්.

  5. ලපයා says:

    යහපාලන ආප්පයයි ක්‍රිකට් කාපු රිලා සිරියයි සභීතාගේ බිල්දීමෙන් කාපු ගංජා දුමියයි ගැන තාම මතකයි.

    • Silva says:

      උන් තුන්දෙනාම පොහොට්ටුවෙ 69 හරක් රැලගෙ පිහිටෙන් සැප විඳිනව.

  6. NAK says:

    MOO dawal heena dakinawa 60 – 70 k aran yanna, inna 14 wath eawida sure nehe.

Main News