ආණ්ඩුවේම හිදිමින් ආණ්ඩුවට බනින උන් ආණ්ඩුවේ නොසිට විපක්‍ෂයට යනු..

March 23, 2018 at 6:30 am | lanka C news
ආණ්ඩුවේම හිදිමින් ආණ්ඩුවට බනින උන් ආණ්ඩුවේ නොසිට විපක්‍ෂයට යනු..

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අර්බුදයක් නැහැ. අර්බුද ඇති තිරීමට සමරු උත්සාහ කරනවා. මෙම උත්සාහය රාජපක්ෂලාගේ වුවමනාව මත සිදු කරනවා ද යන්න ඉදිරියේ දී සනාථ වනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වේදීන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“මම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සුරකීමේ පෙරමුණේ සිටින්නේ. රජය ආරක්ෂා කළ යුතුයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය අවශ්‍ය රාජපක්ෂලා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට පමණයි. තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති නඩු හබ වලින් බේරීම සදහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. එය නොතේරෙන රජයේ සිටන ඇතැම් මැති ඇමැතිවරුන් ද විවිධ අදහස් පළ කරනවා.

වර්තමානයේ ඇත්තේ නායකයින් වෙනස් කිරීමක් නොවෙයි. රට සංවර්ධනය කර 2020 මැතිවරණයට ඉදිරිපත්වීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව මැතිවරණයට ඉදිරිපත්වීමෙන් ජයග්‍රහණය ලබාගන්න පුලුවන්. ඒ සදහා පක්ෂ දෙක එකතු විය යුතුයි. එම එකමුතුව විනාශ කිරීමට තමයි ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ.

ඇතැම් මැති ඇමැතිවරු රජයේ සිටිමින් රජයට විරුද්ධව අදහස් පළ කරනවා. ඒ අතර යහපාලන රජය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව වේදිකාවේ අදහස් පළ කළ අයත් ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සිටින විටත් චරිත ඝාතනය කළ අය ඉන්නවා. එම චරිත ඝාතන පසෙකලා ජන බලයෙන් අපි මැතිවරණය ජයගත්තා. එවැනි අය රජය තුල සිටිමින් විවේචනය නොකර විපක්ෂය තුල අසුන්ගැනීම උචිතයි.”

– ප‍්‍රසන්න අධිකාරී

4 views

7 Comments to “ආණ්ඩුවේම හිදිමින් ආණ්ඩුවට බනින උන් ආණ්ඩුවේ නොසිට විපක්‍ෂයට යනු..”

  1. Boo says:

    ඉතින් කුණු බල්ලෝ, තොටත් ඒක කරන්න තිබුනනේ ගිය ආණ්ඩුව කාලේ.

    ඔය ආණ්ඩු පක්ෂේ ඉන්න උන් එහෙම නොකරන්නේ උන්ටත් බටලන්දේ ඉරණම ලැබෙයි කියල, මොකද රනිල්ට පිනට ලැබුන මුර බල්ලෙක් (නොහොත් කලවැද්දෙක්) ඉන්නවනේ පිං ලයිස්තුවෙන් ආපු. ඌට කියල අර ලසන්තට කළා වගේ ඔය විරුද්ධ වෙන මන්ත්‍රිලත් සුර ලොව යවයි කියල උන්ට බයයි.

  2. mp says:

    කතාව හරි… ඒ උනාට මුන් රට සංවර්ධනය කරන්නේ නෑනේ… හොරකම් කරනවා ඇරෙන්න…!!!

  3. NARAYANA says:

    ESTA VANASU ME DAYA ELAWANNA PELA GASEMU

  4. බන්ඩා says:

    රාජිත කියන්නෙ දත් ගලවල නැව් ගත්ත කියන පල් හොරෙක්නෙ. ඉතින් නැව් හොරා මහ බැංකු හොර නඩේ කැප්ටන් රකින එක කියන්නත් දෙයක්ද?

  5. Asaranaya says:

    Kunu Dhatha was survived with first attack, 2nd attack is on the way, I saw that a couple of times he is rubbing his chest indicating he is still having the problem, Kunu Dhatho you are R.I P very soon, That is our wish, you are a terrible cancer to the Sri Lankan nation

  6. john the baptice says:

    මේ රජය පෙරලුනොත් මුට තැනක් නැහැ දැන් පිස්සු වැටිලා

  7. lion says:

    ධර්‍මපාලතුමාට ඒ කාලයේ සුද්දන්ට පර සුද්දා කියන්නටත්, කළු සුද්දන්ට ගොන් වස්සා කියන්නටත් භයක් නොතිබුණා නම් දැන් ඉන්නා ගොබ්බ ඇමතිලාට පරයින්, සක්කිලින් කීමට භයක් නැත.