ආණ්ඩුව බරපතල දෙදරීමක.. ආණ්ඩුවේ අය සමග රහස් සාකච්චාද… සජිත්ගෙන් නිවේදයක්…

March 22, 2021 at 1:20 pm | lanka C news
ආණ්ඩුව බරපතල දෙදරීමක.. ආණ්ඩුවේ අය සමග රහස් සාකච්චාද… සජිත්ගෙන් නිවේදයක්…

විපක්‍ෂ නායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂ මාධ්‍ය නිවේදනය

ගරු විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ ඇතැම් පුද්ගලයින් සමඟ සාකච්ඡා කළ බවට පදනම් විරහිත මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර ඒ පිළිබඳව විවිධාකාර අර්ථකතනද ඉදිපත් කොට තිබේ.

එම පදනම් විරහිත මාධ්‍ය වාර්තා සියල්ලම විපක්ෂ නායකතුමා ප්‍රතික්ෂේප කරයි.

ඉතා කෙටි කලක් තුළ නව රජය බරපතල අභ්‍යන්තර සහ බාහිර දෙදරායාම්වලට මුහුණ දී ඇති බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. දිනෙන් දින උග්‍ර අතට හැරෙන විවිධාකාර අර්බුද රැසක ගිලී ඇති මෙම රජය, ජනතා අපේක්ෂාවන් සහමුලින්ම අමතක කොට ස්වකීය බල ව්‍යාප්තිය වෙනුවෙන් පිඹුරුපත් සකසනවා හැරුණුකොට ප්‍රශස්ත රාජ්‍ය පාලනය පිළිබඳව අවධානය යොමු නොකරන බව පෙනෙන්නට තිබේ.

එක් අතකින් කරවටක් ජීවන ප්‍රශ්නද,අනෙක් අතින් තවමත් නිශ්චිත වැඩපිළිවෙළක් නැති කොරෝනා ව්‍යසනයෙන්ද ජනතාව ව්‍යාකූලත්වයටත්,අසරණභාවයටත් පත්ව සිටී.

මේ වනවිට පෙරනොවූ විරූ අන්දමේ පරිසර විනාශයක් සිදුවන අතර ආණ්ඩුව දරුවන් අඳින සිතුවමකට පවා බියවී ඇතිවාක් මෙන්ම,ඒ චිත්‍ර ගලවන ව්‍යාපෘතියක ද ඉතා නින්දිත අයුරින් නියැලී සිටී.
ඒ අතර ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ චිත්‍රය අදුරු වෙමින් තිබේ.

ඉහවහා ගිය වංචාව,දූෂණය මෙන්ම ඥාති හිතමිතුරු සංග්‍රහය අද කරලියට විත් තිබේ. මේ වනවිට සත්‍යය හෙලිදරව් කරන මාධ්‍ය අරභයා ආණ්ඩුවේ තර්ජනාංගුලිය දිගු වෙමින් තිබේ.

69ලක්ෂය ප්‍රමුඛව සමස්ත පුරවැසියාගේම අපේක්ෂාවන් ආණ්ඩුව සිය අදූරදර්ශි ක්‍රියාපිළිවෙත මගින් බරපතල අගාධයකට තල්ලුකොට ඇති අතර නැගී එන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව විසඳුම් සොයනුයේ බොරුව සහ මිත්‍යාව ජනගත කරමිනි.

විපක්ෂ නායකතුමා සහ ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් අතර සාකච්ඡා, හමුවීම් සිදුව ඇති බවට පදනම් විරහිත ප්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව පත්ව සිටින පහත් මානසික තත්ත්වයේ සහ ව්‍යාකූලත්වයේ ස්වභාවයයි.

ඉතා කෙටි කලක් තුල ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්ව ඇති අතර, ප්‍රමාණාත්මකව කුඩා නමුත් ගුණාත්මකව ඉහළ විපක්ෂයක කාර්‍යභාරය මෙරට සමස්ත ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉටු කරමින් තිබේ.

උග්‍ර අභ්‍යන්තර අර්බූද මැද ඉතා වේගයෙන් සිය ජනප්‍රියත්වය අහිමි කරගනිමින් සිටින වත්මන් රජයේ කිසිවෙකු සමග රහස් සාකච්ඡා කිරීමෙහි අවශ්‍යතාවක් හෝ වේලාවක් විපක්ෂ නායකතුමාට නැති බව නැවත අවධාරණය කරමු.

වත්මන් රජයේ බල ව්‍යාපෘතිය ඔවුනටද නොවැටහෙන පරිදි පුපුරාගොස් ඇති අතර එහි ප්‍රතිඵල ඉතා නුදුරේදී ම ජනතාව ඉදිරිපිට දිගහැරෙනු ඇත.

අසත්‍ය සහ මුලාව පතුරවමින් සිය නාය යාමට විසදුම් සොයන ආණ්ඩුවට අපි අනුකම්පා කරමු.

– විපක්ෂ නායක මාධ්‍ය අංශය

35,990 views

12 Comments to “ආණ්ඩුව බරපතල දෙදරීමක.. ආණ්ඩුවේ අය සමග රහස් සාකච්චාද… සජිත්ගෙන් නිවේදයක්…”

  1. Helaya says:

    Lewariya tikak hadagena redi apullanna londryak daganna wage pekanil ekak gahahala. munwa hoda uru kotu nadaththu karawanna jathithdrohiya

    • Susantha says:

      ඌරුකොටුවේ ජරාව ටික කාල සුද්දකරන්ඩ උඹ ඕනවෙයි ලෑස්ති වෙලා හිටපන් අඬගහනකම්

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    මේ බූරු පුතා විපක්ෂ නායක නොවී හරිහමන් නායකයෙක් හිටිය නම් මේ ආණ්ඩුව කෙලින බුල් වල හැටියට මේ වෙද්දි ලොකු ජන බලවේගයක් සන්විධානය කරල ආණ්ඩුවට විරුද්ධව.කොහෙද විපක්ෂ නායක බූරු පුතෙක් තුන්වෙනි බලවේගෙ නායක ඩීල් පචෝරිස් කෙනෙක්.එහෙව් රටක ජනතාවට කෝ සරණක්.

  3. තේවතුර says:

    අපි දැක්කා රැවුල් තියන ළමයෙක් චිත්‍ර අන්දිනවා. ජනාධිපති මැතිවරණයෙන් පසු හැන්ගී සිටි අය ආයෙ ළමා වෙස් අරගෙන.

  4. ජනජය says:

    අනේ බං..දෙදරීම බලා ගන්න පුළුවන් ඔය ගොබ්බ පාටියෙ දෙතුන් දෙනෙක් ආණ්ඩුවට ආවම…ප්ලැකනිල් පුතාණෝ බලයෙ හිටියනං ලංකාවෙ ක්‍රිකට් ටීම එක වගේ වෙනව…ගෑණු පාලනය කරන්නෙ..!!

  5. Susantha says:

    ලෝකෙ ගොඩාක් රටවල් දියුනු වෙලා තියෙන්නෙ ගෑනුන්ගෙ පාලනයෙන් බව තෝ නොදන්නව උනාට අපි මොකද කරන්නේ තොගෙ අම්මා මොකෙක්ද? ගෑනුන්ට ගරහන්නෙ

    • ජනජය says:

      හරි විදිහට පාලනය කරනව නං ගෑණු පිරිමි කියල නෑ බූරුවො ..මෙතන කිව්ව එක තේරුං ගනින්..ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ එවුන්ගෙ ගෑනුන්ගෙ ක්‍රියා කලාපය , අත පෙවීම්, වේස පිංපි වැඩ බලපං , තෝ දන්නැත් නං දන්න එකෙක් ගෙන් අහ ගනිං..

    • gihan says:

      Susantha mama oba samaga 100%. ekanga wenawa.
      api kohoman hari punchi ammawa balayata path karamu,
      saji babaatah patthakin inta kiyamu.

  6. HERATH says:

    ආණ්ඩුව පිස්සු කෙලිනවා නම් එහි දෙදරීමක් ඇත්නම්,ජනප්‍රියත්වය අඩු වී ඇත්නම් කොන්ද පණ තියෙන විපක්‍ෂයකට සිය බල පරාක්‍රමය පතුරුවා ජනප්‍රසාදය දිනා ගැනීමට මේ තමයි හොඳම වෙලාව.ඒත් ඇයි එහෙම නොවන්නෙ.ඒ විපක්‍ෂය මෙහෙයවන වැඩ බැරි නායකායගේ වරදින්.පියාණෝ ගහන පුතාණෝ කෙනෙකුගෙන් ඒ කාර්‍යය ඉෂ්ඨ වෙන්නෙ නැහැ.ඔහුම පවසන පරිදි ඔහුගෙන් වැඩක් ගන්නට ජනතාව සෙරෙප්පු ගෙවෙන තුරු තව අවුරුදු හතරක් ඔහු වෙත බඩ ගෑ යුතුයි.අනේ මෙහෙම විපක්‍ෂයක්…

    • Hakim says:

      පේඩිගේ රණසින්හ වගේමයි. රදා පෑඩියාගෙ විච්චූර්න මාද්ය සන්දර්ශන, අපට අපේ පුක කොනින් හිනා

  7. Sinsan says:

    Hari kondak thiyena parisaraya winaasa nokala vipaksha naayakayek hitiyanam mee aanduwe weradi walata kelin kathaa karanna thibuna. Rata Jaathiya gena hangeemak nethiunata a. Nil mahatha meeta wadaa hondai.

  8. P.H.Premachandra says:

    ආණ්ඩුවේ දෙදරීමක් නෙවේ, ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීමේ වැඩපිළිවෙලක් විතරයි සිදුවෙන්නේ.ගොදුර ලැබෙනකන් තොල කට ලෙව කකා බලන් ඉන්න නරියා වගේ බලන් හිටපිය සිහින මව මව!

Main News