ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..

April 24, 2018 at 11:58 pm | lanka C news
ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එකී ප‍්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි සාකච්චා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීම සදහාද ජනාධිපතිවරයා විසින් එහිදී අනුමැතිය දී ඇත.

රාත්‍රී 08.00 ආරම්භ වූ මාධ්‍යම කාරක සභාව රාත්‍රී 11.00 තෙක් පැවතින.

45 views

17 Comments to “ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..”

  1. rathne says:

    These SLFP basters manly worry about there future not the country or future generation. If the jump here or there don’t matter voters already decided not to support of any form of SLFPs any future election.

  2. chandapala says:

    අහෝ !!!!! බණ්ඩාරනායක ඔබගේ ලෙයින් ගොඩනැගුව පක්ෂය අද පිස්සන් මඩුවකි .

  3. Love nature says:

    එදා 1956 එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැති තුමා එක්සත් ජාතික පක්ෂය මේ රට කවදානමුත් නැවතත් විදේශීය කොලොනියක් කරනවා ඇතයි සිතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සාදා ආණ්ඩුවක් පිහිටෙව්වේ කිසිදාක නැවතත් ආපසු එක්සත් ජාතික පක්ෂයට මුක්කු තියන බලාපොරෝතුවකින් නොවේ.

    මේ සිරිසේන රනිල් ගෙනයන මගඩිය ජනාධිපති තුමා වටා සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් තේරුම් ගතයුතුය.

    මේ බව සිරිසේන නොතේරෙනවානම් රනිල් ගේ ඔඩොක්කුවෙ තවදුරටත් ලැගගෙන ඉන්න සුදානම්ව සිටිත් නම් සිරිසේන සමග සිටින ශ්‍රී ලංකා නිදහස්පාක්ශිකයින් එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මැති තුමාට ගෞරව දෑක්වීමක් වශයෙන් වහා සිරිසේන ගේ තුරුල්ලෙන් ඉවත්වීය යුතුය.

  4. Sirisena Yatawara says:

    SLFP must be dissolved by CBK of Tamil federalist of SLFP founder ‘s daughter !
    Join with UNP by MS and CBK has been betray vital interest of majority people of
    Sri lanka?
    UNP and SLFP policies are different. They cannot work together as any level!

Main News