ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවලට දන්වයි..

November 16, 2021 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවලට දන්වයි..

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ උද්ඝෝෂණ වල සැබෑ අරමුණ ජනතාව පාරට බස්සවා කොවිඩ් බෝ කර කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කර නැවත රට වැස්සවිම බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රට තුළ කොවිඩ් වසංගතය වැඩි කිිරිමෙන් විපක්ෂය කුරිරු සතුටක් ලබන බවයි. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැඩි කැපවීමෙන් කොවිඩ් වසංගතය පාලනය කර තිබිය දී නැවත රට තුළ උද්ඝෝෂණ රැල්ලක් ඇති කිරීමට විපක්ෂය කටයුතු කරන්නේ මේ නිසා බව ද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දී පැවති උත්සවයක දී අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව සදහන් කළේය.

එහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“අපිට පහුගිය යහපාලන ආණ්ඩුව භාරදුන්නේ දේශීය ආර්ථිකයේ කොදු නාරටිය බිදපු රටක්. අපිට මතකයි සිරිමාවෝ මැතිණියගේ කාලයේ මේ රටේ දේශීය ආර්ථිකය නංවන්න කටයුතු කළා. හැබැයි 1977 දි ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විවෘත ආර්ථිකය හදුන්වා දීලා මේ රටේ මිනිස්සුන්ට සොසේජස් කවලා, චීස් බටර් කවලා දේශීය නිෂ්පාදනය විනාශ කළා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න කටයුතු කළත් 2015 දි බලයට පත් වු යහපාලන ආණ්ඩුව එය සම්පූර්ණයෙන් ම විනාශ කළා. අපි 2019 දී භාරගත්තේ මහබැංකුව මහ දවල් කොල්ලකාලා රටේ ආර්ථිකය විනාශ කරපු රටක්. මේ මහ බැංකු මංකොල්ල කෑමෙන් පස්සේ මේ රටට ආයෝජකයෝ එන්නේ තවමත් බයෙන්. කොටි ත්‍රස්තවාදී යුද්ධය වගේම 88-89 ජේ.වි.පි කැරැල්ලත් මේ තත්ත්වයට වග කියන්න ඕනේ.

2019 ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ අපිට මේ ගෝලීය කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න සිදු වුණා. මේ වසංගතය හේතුවෙන් අපේ ආර්ථිකය කඩන් වැටුණා. යහපාලන ආණ්ඩුව දේශිය ආර්ථිකය කඩා දැමිමත් අප අද මේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට හේතුවක්. නමුත් රජය දැඩි කැපවීමකින් කොවිඩ් වසංගතය පාලනය කිරිමට කටයුතු කළා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒ සදහා කළ කැපකිරිම අද විපක්ෂය අවතක්සේරු කරනවා ඒ නිසයි ඔවුන් ජනතාව පාරට බස්සලා කොවිඩ් බෝ කරලා  කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කරලා ආපහු රට වස්සවන්න හදන්නේ. කොවිඩ් වැඩිවෙලා මරණ වැඩිවෙනකොට විපක්ෂය ඒකෙන් කුරිරු සතුටක් ලබනවා. කොවිඩ් පොකුරු වැඩි කරලා, මරණ වැඩි කරලා රට වැහුවාමයි සජිත් අනුර ඩබලට නින්ද යන්නේ. ”

ආණ්ඩුවේ සහෝදර පක්ෂ වල ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කිසිවෙකු  බලහත්කාරයෙන් රදවා ගැනීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නොමැති බවයි.

”ඉන්න කැමති අයෙකුට ඉන්න පුළුවන්. යන්න ඕන අයට යන්න පුළුවන්. අපිට බලහත්කාරයෙන් කිසිවෙකු තියාගන්න අවශ්‍යතාවයක් නෑ. ආණ්ඩුව තුළ සාමුහික එකගත්වය රැකීම අපි හැමෝගෙම වගකීමක්. ආණ්ඩුව ඇතුළේ ඉදලා ආණ්ඩුව විවේචනය කරලා වීරයෝ වෙන්න සමහරු හදනවා. ඉදිකට්ට රත්තරං කියලා අපිට ඇහේ ඇනගන්න බෑ. රටේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන හැමෝම ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් උදව් කරන්න ඕනේ. ” යැයි ද ඇමතිවරයා කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

21,363 views

22 Comments to “ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවලට දන්වයි..”

  1. ටිකිරි මොලේ says:

    මට වෙලාවකට ඔබතුමා කියන දේ හරි කියලත් හිතෙනවා. බලන්න අර උසාවි වලින් මේකට තහනම් නියෝග දුනෙත් නෑ. මේකේ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක. රාජපක්ෂ පවුලේ හිතවතා. ඒයා ගේ දුවට මේ ආණ්ඩුවෙන් ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලේ රස්සාවකුත් දුන්නා. ඉතිං කොහොමහරි සෙනගක් ගෙනල්ලා ඒක වීඩියෝ කරලා නිවුස් වල දාලා පෙන්නුවොත්, ආයෙත් කොවිඩ් වැඩිවුනා විපක්ෂය නිසා කියලා පොකුරක් පෙන්නලා රට වහන්න පුළුවන්. නැත්තන් තෙලුත් නෑ, ගසුත් නෑ, බෙහෙතුත් නෑ ප්‍රශං ගොඩයි. ඔක්කොම වහගන්න පුළුවන් මෝඩ පුතාගේ උත්ගොසනෙන්. කොහොමද ටිකිරි මොලේ.

    • සුදු කෙස් ඇති පිස්සු වඳුරා says:

      තිස්ස අත්තනායකගේ විතරක් නෙවෙයි …ඔහුගේ දුවත් ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ වැඩ කරන්න දාලා …මුගෙ පවුලම ගොඩ අරන් තියෙන්නේ …මේ කාලකන්නි දැක්කත් වගතුවක් නෑ ….රටේ අහිංසක තරුණ පරපුර උන්ට යන එන මගක් නැතුව රටවල් වලට යන්න පොර කනවා ….

  2. 0.00069 BIYYO says:

    උගතුන්ට තැනක් නැති පවුලේ එවුන්ට තනතුරු දී රට ගොඩනගන්න බැහැ කියල රාජ වසුරු ලෙවකන නුඹ වැන්නෙකුට හැර පොඩි දරුවෙකුට වුවත් වැටහෙනවා. 😂😂😂😂
    ආණ්ඩුවට ප්‍රසාදයක් තියෙයිද බං උඹ වගේ බඩ ලොකු ගොනෙක්ව tourism minister කරපුවම…. තෝව දැක්කම සුද්දෝ දුවයි 😂😂😂😂

  3. සිංහල බන්ඩා says:

    පරිස්සමින්. ආණ්ඩුවට 3න් 2 නෙවෙය් බහුතරයත් නැතිවෙය්.

  4. Saleem says:

    ආණ්ඩුවෙ ඉන්නවනං ඉන්න නැත්තං යන්න කියල උඹල අතරෙම කියා ගන්න එක නවත්තල උඹල ඔක්කොම මකබෑවිල පලයල්ලා ආණ්ඩුව කරන්න පුළුවන් කෙනෙකූට දීල

  5. Suraj says:

    ආණ්ඩුවෙ ඉන්නවනං ඉන්න නැත්තං යන්න කියල උඹල අතරෙම කියා ගන්න එක නවත්තල උඹල ඔක්කොම මකබෑවිල පලයල්ලා ආණ්ඩුව කරන්න පුළුවන් කෙනෙකූට දීල

  6. Mtmmanvar says:

    Tamuse urek wage mahathwela awidagannath baruwa tthatamanne cheese butter kala noweda?

  7. Sunil says:

    If had a brain like his stomach he could have done something .sorry to say you cannot say he is a brother of Arjuna.For me he is good to sell wadai on pavement as his thinking is similar to wadai seller.

  8. චන්ඩි කොල්ලා says:

    මේ රජය බලයට පත්කරගැනීමට අවශ්‍ය බලවේගය ගොඩනැගීමට විමල් ගම්මන්පිල වාසු ඇතුළු සුළු පක්ෂ ලබාදුන් සහයෝගය පිළිබඳව හොඳින්ම දන්නා ඔබවැනි කෙනෙකුගෙන් තවදුරටත් ගොඨාභය සහ මහින්ද රාජපක්ෂ දෙදෙනා ගැන විශ්වාසය තබාගෙන සිටින අප කිසිවිටෙකත් බලාපොරොත්තු වුයේ නැහැ. ඔය ස්ථාවරයේ සිට දිගටම කටයුතු කලහොත් වැඩිදුර ගමනක් නැතිබව සිහියේ තබාගන්න !

  9. LalithM says:

    අනේ ඉතින් තව කොච්චර කාලයක් ඔහොම පාට් දමන්නද. රටේ තත්ත්වය දන්නෙ නැති අමනයෝ.

  10. සුදු කෙස් ඇති පිස්සු වඳුරා says:

    රටේ නපුංසක නායකයා නිහඬව ඉන්නැද්දි ….මේ වගේ තුට්ටු දෙකේ කාලකන්නි ජාතික ටෝක් දෙනවා ….අනේ රටට ගිය කලක් ….වෙලාවකට අර අමන නාමල් …මුව වැලි කොට්ටයක් වගේ පිටිපස්සේ තියාගෙන රේස් කාර් පදිනවා ….මූ වගේ පිස්සෙක් …මෝඩ පකෙක් …ආයෙම මූට නං ඡන්දෙ දෙන්න එපා තොපිලා …මූ විතරක් නෙවි මුන්එ එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා තොපිලා

Main News