ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

April 12, 2021 at 10:42 am | lanka C news
ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…

ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දැනගත යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය රජයේද දයාසිරි ජයසේකර මහතා ප්‍රබල අමාත්‍ය ධුරයක් දරූ බවත් ඒ රජයට කළ නොහැකි වූ බොහෝ දේවල් වත්මන් රජය විසින් කරන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නය කුමක්දැයි තමන්ට නොතේරෙන බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් කෙණෙහිලි සිදුවන බවට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර ලෙසිනි.

22,147 views

16 Comments to “ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව විවේචනය නොකරනු.. කට වහගනු..- ශ‍්‍රීලනිපයට දන්වයි…”

  1. චන්ද දායක says:

    කසිම සුදුසු කමක් නැතුව පාදඩ දේශපාලනයෙන්ම ඉහලට ගිහින් ⁣ඒකටම ගැලපෙන චන්ද දායකයන්ගෙ චන්ද වලින්ම බලයෙන් මත් වුන හිවලෙක් කතාකරයි.

  2. පස්දුන්කෝරළේ රාළහාමි says:

    වරාය ජනසතු කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක SWRD බණ්ඩාරනායක මැතිතුමා. JR ජනාධිපතිවරයා විසින් වරාය ඇමතිකමට පත්කළේ උගතෙක්වූ ලලිත් ඇතුලත්මුදලි. ඔහු වරාය දියුණුකළා. අවාසනාවකට මැදමුලනෙන් පත්ක⁣ළ හාදයා නැගෙනහිර ජැටිය විකුණන්න කැබිනට් පත්‍රිකාව දැමිමා. වෘත්තීය සමිති සහ දේශප්‍රේමීන්ගෙ අරගල නොතිබුනා නමි මෙයා අදානිගෙ තුරැල්ලෙ. දැන් බටහිර ජැටිය දෙනවලු.
    දේශපාලනයට එන්නට පෙර බෙිරැවල වැල්ලෙ Beach Boy කෙනෙක් හැටියටත්, මුස්ලිම් මැණික් මුදලාලි කෙනෙක්ගෙ ලඟ සිටි නිසාත් Back Side හොඳමදි. එදිරිවීර ප්‍රේමරත්නගෙ වාහනේ එළවන්න ගොහින් දේශපාලනයට නාවනමි තවමත් පරණ සෙල්ලං තමයි. ප්‍රාදේශීය සභාවෙ සභාපති කාලෙ චෙක්දීල සල්ලි අරං පොලු තියපු හැටියට මෙි ආණ්ඩුවෙ ඇමතිකමකට සුදුසුයි.
    දැන්නමි කෝචිචියෙ රත්තරං මාල හොරෙක් නෑ කියල ආරංචියි.
    කට හින්ද මාළුව නහිනව කියල කතාවක් තියෙනවා. මෙයා නහින්නෙත් කට හින්ද.
    මෙි දිස්ත්‍රික්කයේ ඉන්නෙ හරිම මෝඩ ඡන්දදායකයො. නැත්නමි මෙිවගේ පිංගුත්තරයින්ට මෙචිචර මනාප දෙනවද?

  3. Aurora says:

    ආණ්ඩුවේ හවුල්කාරයෝ කියල මෙරට ආරක්ෂක ඉතිහාසයේ විශාලම විනාශය සිදුවෙන්න සිරිසේන කරපු නොසලකා හැරීම අමතක කරමුද? එම නොසලකා හැරීමේ ප්‍රතිපලයක් ලෙස අසරණ සිවිල් මිනිස්සු 300 කට ආසන්න මරණ සංඛ්‍යාවක්, සහ තුවාල කරුවන් 500 ඇතිවෙන්න සිරිසේන වගකීම් පැහැර හරිමින් කරපු අපරාධය අමතක කරමුද? බෝම්බ පිපුරුණට පසුවත් තමන්ගේ වගකීම පැහැර හැරීම සාධාරණය කරන්න බොරු වෛද්‍ය පරීක්ෂණයකට පෙනී ඉඳල රට රවටන්න කරපු බොරුව අමතක කරමුද? නිල වශයෙන් රට සූරකන්න පුළුවන් උපරිමේ සුරන්කාපු, බොරුවෙන්ම අවුරුදු 5 ගෙවපු ගමරාලගේ නිර්ලජ්ජිත ක්‍රමය අමතක කරමුද ? සිරිසේනට අධිකරණය මඟ අරින්න දීල පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ ලේ, කඳුළු, වියෝ දුක් වලට කරන සාධාරණය කුමක්ද? අපි ඒ අසරණ මිනිසුන්ට පිටුපස හරවා සිරිසේනලාගේ සල්ලි වලට යටවෙමුද? හිතන්න ඒ සල්ලිවලට පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ ලේ, කඳුළු, වියෝ දුක් වල අදෝනාව යට කරන්න පුලුවන්ද?

  4. විපත් මග says:

    බල්ලා සහ නැට්ට

Main News