ආණ්ඩුවේ කදුකර බලය දෙදරයි.. කදුරට ජාතික පෙරමුණ පොහොට්ටුව සමග සන්ධාන ගත වෙයි..

October 17, 2017 at 4:40 pm | lanka C news
ආණ්ඩුවේ කදුකර බලය දෙදරයි.. කදුරට ජාතික පෙරමුණ පොහොට්ටුව සමග සන්ධාන ගත වෙයි..

කදුරට ජාතික පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට කැමැත්ත පලකළේය. එම පක්ෂය මේ බව කියා සිටියේ අද නෙඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡවේදීය.

කදුරට ජාතික පෙරමුණ වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය රිෂී සෙන්දිර් රාජ් මහතා ඇතුඵ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම සාකච්ඡවට එක්විය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සංධානය දිනවිමේ හැකියාව තම පක්ෂය සතු බවයි කදුරට ජාතික පෙරමුණේ මධ්‍යම කාරක සභිකයින් මෙහිදී සදහන් කළේ. ඊට අමතරව කෑගල්ල, බදුල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත‍්‍රික්ක සදහාද අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බවත් එම දිස්ත‍්‍රික්ක සියල්ල පොහොට්ටුවේ ජයග‍්‍රහනය වෙනුවෙන් මෙහෙයවීමේ ශක්තියද තමන් සතු බවත් එම පෙරමුණ අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ කදුකර ජනතාව නියෝජනය කරන ප‍්‍රධානතම දේශපාලන පක්ෂයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම`ග සංධානගත වීම සුවිශේෂී ජයග‍්‍රහනයතක් බවයි. ආණ්ඩු විරෝධී බලවේග සියල්ල එකට ගොනුකර ගත් රටේ දැවැන්තම දේශපාලන සංධානය බිහි කිරීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේකෂාවයි. ජාති, ආගම්. පක්ෂ , පාට භේදයකින් තොරව රට වෙනුවෙන් අවංකව හඩ නගන සියලූ බලවේගයන්ගේ පොදු වේදිකාව ලෙස ගොඩනැගෙමින් තිබෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව දේශපාලන සංධානයට එක් වූ කදුරට ජාතික පෙරමුණ ඉතා සතුටින් පිළිගන්නා බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේය.

කදුරට ජාතික පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වර්තමාන රජයට සහය පළ කළ කදුකරයේ ප‍්‍රමුඛතම දේශපාලන බලවේගයකි. එමෙන්ම එම පෙරමුණ 2015 වසරේදී මනෝගනේෂන් මහතාගේ නායකත්වයෙන් බිහි වූ දෙමළ ප‍්‍රගතිශීලී සංධානයේ ප‍්‍රධානතම පාර්ශවකරුවෙකි. උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන් බැහැරව ජීවත් වන දෙමළ ජනතාව පදනම් කර ගත් දෙමළ ප‍්‍රගතිශීලී සංධානයේ ප‍්‍රදානතම පාර්ශවකරුවකු වන කදුරට ජාතික පෙරමුණ ඉන් ඉවත් වී ශ‍්‍රීී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීම විශේෂතත්වයකි.

– සංජීව එදිරිමාන්න

193 views

14 Comments to “ආණ්ඩුවේ කදුකර බලය දෙදරයි.. කදුරට ජාතික පෙරමුණ පොහොට්ටුව සමග සන්ධාන ගත වෙයි..”

  1. එක්නැලිගොඩ says:

    ශී‍්‍ර ලංකා තව්හිත් ජමාත් සංවිධානය කියන්නේ අර බුදු හාමුදුරුවො මිනීමස් කෑව කියපු උන් නේද? බලේ වෙනුවෙන් බුදුන්ට අපහාස කල එකා එක්කත් ලගිනව කියලද මේ කියන්නේ. එහෙනම් ඉතින් උබල උන් එක්කම කොරගනියව්.

    • janaka says:

      para chiritstiyani gembi hattta. Api ape rate para gembo. Api mahinada ekke thamayi.

      • Kumara says:

        තොපි වගේ මී හරක් පොහොට්ටුව එක්ක ISIS සිංවිධානෙ එකතු වුනත් කතිරෙ ගහයි.

    • kapila says:

      yako meka wathu demala pakshayak. Thisik Jamad kiyanne thambi. thopilage muka poottu wela

  2. Saman Kula says:

    Kawuda ban me party eka? Danna kisima kenek meke innawada? Mahindata mama adareyi namuth Basila wa nam penna behe mata

  3. Sampath says:

    Thani ahsta adenawa ban Samahara paksha adamai ahuweth. Mahindage gottanange Moda chun

  4. යුක්තිය says:

    ඒ දවස් වල නම් රතෙනෙගෙ හෙලු උරැමය,රිසාඩගෙ අයිඑස් පක්ශය, මහින්දලට වැදං හිටියෙ ,හැබැයි කොටි නං උන්ගෙ තත්වෙ තියංඑක ගමනක් ගියා…! අරැං වාසි පැත්තට අල්ලන්න ගිහින් අද රතනෙයි උගෙලොක්ක චම්පිකයි, හොයා ගන්නවත් නෑ…රිසාඩත් අද නිදහස් ත්‍රස්තවාදියෙක් විදියට හිටියට අනාගතේ ඌ ත් නන්දි කඩාල් පැත්තට තල්ලු වෙයිද ද්න්නෙ නෑ…මේ එන අය අපි සාදරයෙන් පිලිගන්නව… ! ඒත් අරැන් ගානට වැටෙන්නෙ නැතුව මහත්තුරැ වගේ ඉන්නත් ඉල්ලීම කරනව…!

    • Kumara says:

      කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා නේ බං.

  5. Pachaya says:

    Keliya thama

  6. siripala says:

    ki dawasakata danne ne

  7. Soysa says:

    Handa hattiya antha partaji,dang da matakwealaa tiyannea jaati aagam kula
    Beada, mungea aanduwa aspiyaaganda hitiyea pall booruwoa

  8. sam says:

    No one cares of these three wgeeler paties. Only name boards. Not even their family members vote for them.

  9. Kumara says:

    ඔය වැඩේ unp හරි ශ්‍රී ලංකා එක හරි කරානම් බයියො ටික කියන කතා බලාගන්ඩ තිබුනා අනේ පව් බයියෝ

  10. Alapaluwa says:

    මනුෂයෝ යමක් කරණ විට කිය කියා පෙන්ණුම් නොකර එය නොකර සද්දෙන් කළොත් නේද හොඳ? නැතිනම් වෙන්නේ කට්ටියට no case case කර ඇතුළට යන්න වෙන එකයි.

Main News