ආණ්ඩුවේ ගැටුමක්.. ලිහන්න අගමැති මැදිහත් වේ… අන්තිම තීන්දුව ඔහු අතේ…

April 10, 2021 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ ගැටුමක්.. ලිහන්න අගමැති මැදිහත් වේ… අන්තිම තීන්දුව ඔහු අතේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනම මැයි දිනය සැමරීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩු පක්ෂය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ.

මේ හේතුව මත මැයි දිනය එක්ව සමරන්න ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 19 වැනි දා පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයින් පසුගියදා බහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමේ දී ද මේ ගැන වශයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මේ අතර ආණ්ඩුවේ සුළු පක්‍ෂ කිහිපයක් දැනටමත් තීරණය කර ඇත්තේ මෙවර වෙනම මැයි දිනයක් පැවැත්වීමටයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද තනිව මැයි රැලියක් සංවිධානය කිරීමට අවශ්‍ය වුවහොත් එහි සංවිධාන කටයුතු දුමින්ද දිසානායක ඇමතිවරයා යටතට පත් කර ඇත.

38,605 views

7 Comments to “ආණ්ඩුවේ ගැටුමක්.. ලිහන්න අගමැති මැදිහත් වේ… අන්තිම තීන්දුව ඔහු අතේ…”

  1. kkuruwita says:

    සාගර, රේනුක, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න වගේ අය තමන්ගේ මට්ටම දන්නේ නැතුව කාගේ හෝ ලණු කාලා කරපු ගොංකතා නිසයි මේ ඔක්කොම. උඩ ගියා වගේම පහ්ට වැටෙන්නත් එක චන්දයක් විතරයි තියන්න ඕන. අපි 69 ලක්ෂයේ අය හටියට ඔය හැම දෙයක් ගැනම කල්පනාවෙන් තමයි බලා ගෙන ඉන්නෙ. කවදාකවත් කාටවත් නොලැබුන , පොහොට්ටුව නිසාම නොව , තනිකරම ගෝටා මහින්ද සුසං‍යෝගයට ලැබුන මේ ජන වරම සමගියෙන් රැකගන්න බලා පල්ලා. ඒදෙන්නා වැටුනොත් රටත් ඉවරයි. ඔබලාත් ඉවරයි.

  2. කැප්පෙටිපොළ says:

    My dear ambassador,
    Freedom and right are two things. You are talking about human rights but it should not go with freedom. I will explain you what is freedom that obedience of truth and protecting people practice truth. But rights are something else you should not make him pain physically. Mental pain who minds even idiot can say anything we cannot stop it.

  3. බයියට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    ගැට ලිහන්න කලින් සාරමේ ගැටේ තදකරන් ඔය දුබල වෙච්ච පංචස්කඳේ තව දිරන්න කලින් පිනක් දහමක් කරගන්න. අපි ඉතින් දැක්කා ඉන්දියාවේ ගිහින් හරහට ඇවිදිනවා. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්..මැරෙනකොට ඉතිං රජ කම උනත් ගෙනියන්න ද ?

  4. Love nature says:

    රට දියුණු වෙන්න නම්.

    රටක පාලකයන්රටේ සින්නක්කර ඔප්පුව සහිතව හැසිරෙන පිරිසක් වෙනවා වෙනුවට රටේ තාවකාලික භාරකරුවන් හැටියට, පාලකයන් නොව ජනතා සේවකයන් හැටියට පත් විය යුතුයි.

  5. Mahinda says:

    කිසිම ආකාරයකින් වත් සිදු නොවන්නක් ඔය කියන සුළු කියන පක්ෂ හොදි න් දන්නවා කුක්කා මැරුනු දාට මැක්කාට කක්කා වත් ඉතුරු නොවනවග. අව සානයේ ඉතා සංවීදීව පොහොට්ටුවේ මයි නැත්නම් ගෙදරතමා.

    • kkuruwita says:

      එ ජා පෙත් පොහොට්ටුකාරයෝ වගේ අධි තක්සේරුවක ඉඳල වෙච්ච් වැඩේ දැන් පේනවානේද ? ඒ නිසා කල්පනාවෙන් සමගියෙන් රටට ජනතාවට වැඩකරපල්ලා. පශු පෙලට මොලේ පෑදේවා !!!

  6. කොන් ඩොකා says:

    අමතක කරන්න එපා, 69 ලක්ෂයක් ඡන්ද ලැබුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. පොහොට්ටුවට එච්චර ලැබුනේ නෑ.

Main News