ආණ්ඩුවේ ණය බොරුව රවිගේ කටින් පනී.. නාලකට මාට්ටුයි.. ඩොලර් බිලියන එකහමාරක් Missing..

January 4, 2019 at 3:24 am | lanka C news
ආණ්ඩුවේ ණය බොරුව රවිගේ කටින් පනී.. නාලකට මාට්ටුයි.. ඩොලර් බිලියන එකහමාරක් Missing..

2019 ගෙවිය යුතුයැයි වසර 4 කට පෙර දැන සිටි ණය ප්‍රමාණය් මේ වන විට මෙතරම් ඉහල ගියේ කෙසේද කියා ආචාර්‍ය නාලක ගොඩහේවා කොළබ පැවති දේශප්‍රේමී වෘතිකයින්ගේ පුවත් පත් සාකච්චාවකදී ප්‍රශ්ණ කලේය.

මහ බැංකු අධිපතිවරයා මේ සතියේ කියා තිබුනා 2019 ගෙවන්නට ඇති සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 ක් කියා.

නමුත් මේ රජය බලයට පත් වූ විට රවී කරුණානායක හිටපු මුදල් ඇමති තුමා 2015 සිට 2020 දක්වා සෑම වසරකම ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් වලින් ඉදිරිපත් කලා

2015 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 276
2016 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 269
2017 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 355
2018 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 377
2019 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 586
2020 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 509

මේ අනුව 2019 ගෙවීමට නියමිතව තිබුන රු.බි. 586 මුදල එදා ඩොලර් වල අගයට අනුව ඩොලර් බිලියන 4.4 යි. මෙය ඩොලර් බිලියන 5.9 ට වැඩිකරගෙන තිබෙන්නේ එසේනම් වත්මන් රජයයි. ඒ ඩොලර් බිලියන 1.5 ක , එසේත් නැත්නම් රුපියල් බිලියන 279 ක පමන විශාල ණය වැඩිවීමකි

මේ යහපාලන රජය පසුගිය වසර තුල ගත් අතිවිශාල ණය කන්දරාවෙන් 2019 ගෙවිය යුතු මුදල පමනයි. එය හම්බතොට වරාය වසර 99කට බදුදී ගත් මූලු මුදලටත් වැඩියි. එසේ නම් මේ ආකාරයෙන් 2019 ගෙවිය යුතු ණය විශාල වශයෙන් වැඩි වීමට වත්මන් රජයත් වග කිව යුතුයි නේද ?

මීලඟ ප්‍රශ්ණය නම් 2014 රජය වෙනස් නොවුනා නම් මෙම ණය ගෙවීම ගැටලුවක්ද යන්නයි.

2014 අවසන් වන විට රජය සතුව විදේශ සංචිත ඩොලර් බිලියන 8.3 ක් තිබුනා 2005 -2014 වසර 9 ක කාලය තුල රටේ යුද්ධයකුත් තිබී විදේශ සංචිත ඩොලර් බිලියන 6 කින් පමන වැඩිවී තිබුනා. 2014 වන විට ආර්ථිකය 7% පමන වේගයකින් වර්ධනය වෙමින් තිබුනා. ඒ ආකාරයටම රට සංවර්ධනය වූවා නම් මෙ වන විට අපට ඩොලර් බිලියන් 15 ක වත් විදේශ සංචිත ගොඩනැගී තිබිය යුතුය

2015-2017 කාලයේ ලෝක තෙල් මිල අඩුවීමෙන් පමනක් රටට ඩොලර් බිලියන 5 කට වඩා ඉතිරි වුනා. ඊට අමතරව ඩොලර් බිලියන 20 කට වඩා පසුගිය වසර 4 තුල වත්මන් රජය ණය අරන් තියෙනවා.

නමුත් අද රජය සතුව ඇත්තේ රට බාරගන්න විට තිබුනාටත් වඩා අඩු සංචිත ප්‍රමාණයකි. ඩොලර් බිලියන් 6 ක පමන සුලු ප්‍රමාණයකි. ඩොලර් බිලියන් 5.9 ක ණය ගෙවීම මහා බරක් වී තිබෙන්නේ ඒ නිසාය.

දැන් මේ අර්බූදයට වග කිව යුත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ අසාර්ථ්ක ආර්ථික කළමණාකරන හැර අන් කුමක්ද ?

– චාමින්ද කරුණාරත්න

31,996 Viewers

4 Comments to “ආණ්ඩුවේ ණය බොරුව රවිගේ කටින් පනී.. නාලකට මාට්ටුයි.. ඩොලර් බිලියන එකහමාරක් Missing..”

  1. Nalaka says:

    මේකට හේතුව මහින්ද අගමැති කිරීමයි..

  2. jagath says:

    Oya gahapu gahilla mulu ratama dannawa.Namal baby ta salli deepuwa ehema

  3. politics says:

    සමස්ත ජාතියේ ගෙල ණය උගුලක හිර කරන්න දායක වූ හැම නරැමයාටම නිසි දඩුවම් ලැබේවි…තමන්ගේ, තම දරැවන්ගේ ගෙල ණය උගුලක හිර කල එවුන්ව බෙල්ලෙන් එල්ලා දමන්නට ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.
    ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය ගෙවා දැමීමට නව මුදල් ඇමති සූදානම් වනවා.ණය ගෙවීමේ කාර්යයේදී මොන බාදක හමුවේ වුවත් ණය ගෙවා දමන බවට ශපථ කල “බය නැති අගමැති” රනිල් හා “ජාතියේ අප්පොච්චි “ අතර ඇති වෙනස කුමක්ද ?
    මොවුන් ණය ගෙවා දැමීමට මේ තරම් උනන්දුවක් හා රැචියක් දක්වන්නේ ඇයි? ඒ නැවත ණය ගැනීමේ හැකියාව ණය ගෙවා දැමීම මගින් සහතික වන නිසයි….කිසිම වැඩක්, නිශ්පාදනයක් නොකරන උදවිය මහා සිටුවරයන් බවට පත් වන රහස ඇත්තේ “රටත් එහී ජනතාවත් “ ඇපයට තබා ගන්නා මෙම මහා ණය කඳු මතයි !!!!!

  4. LION says:

    සියලු ජනයා එක්වී මේ කලු සුද්දන්ගේ රජය පලවා හැරිය යුතුය

Main News