ආණ්ඩුවේ දුෂ්ඨයන් සුළු පක්‍ෂවලට එරෙහි කුමන්ත‍්‍රණයක.. කලින් කුමන්ත‍්‍රණයෙන් අගමැති ඝාතනය කලා..- රාජ්‍ය ඇමති

June 23, 2021 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ දුෂ්ඨයන් සුළු පක්‍ෂවලට එරෙහි කුමන්ත‍්‍රණයක.. කලින් කුමන්ත‍්‍රණයෙන් අගමැති ඝාතනය කලා..- රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට සම්බන්ධ හවුල්කාර පක්ෂ නායකයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි නායකයන්ට ආණ්ඩුව තුළම සිටින දුෂ්ට බලවේග විසින් විවිධ කෙනෙහිලිකම් කරමින් සිටිනා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කළ යුතු බවට ජාතික මතයක් ඇති කළේ එම හවුල්කාර පක්ෂ නායකයන් විසින් බවද ඒ මහතා පවසයි.

එම කුමන්ත‍්‍රණකරුවන් විසින් මේ වන විට ආණ්ඩුවට සම්බන්ධ සහෝදර පක්ෂවලට බලපතල දේශපාලන ප්‍රශ්නයක් හා පීඩාවක් ඇති කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

1956 දී, 1970දී ආණ්ඩුවලට එරෙහිව මේ ආකාරය කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද පැවසූ ඔහු එවැනි කුමන්ත්‍රණ කරුවන් තම ගමන නැවැත්තුවේ එවකට අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමෙන් පසු බවද කියා සිටියේය.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.

41,723 views

13 Comments to “ආණ්ඩුවේ දුෂ්ඨයන් සුළු පක්‍ෂවලට එරෙහි කුමන්ත‍්‍රණයක.. කලින් කුමන්ත‍්‍රණයෙන් අගමැති ඝාතනය කලා..- රාජ්‍ය ඇමති”

  1. saman says:

    හොරු හොරු ගහ ගන්න කොට ඇත්ත එලියට එනවා.

  2. Hudson says:

    That’s good. Both of them a crooks.

    • සීගිරි says:

      බටහිර අධිරජ්‍යවාදීන්ගේ (America,UK,Canada) ‌දෙපතුල් ලෙවකන ගමන්, ලෙවකන කකුලම මදක් විකා ප්‍රදර්ශනාත්මක අධිරාජ්‍ය විරෝදී දේශානුරාගයක් පෙන්වන්න හදන කපටි නිවටයන්ට රැවටෙන්න එපා.
      ඔවුන් බටහිර අධිරජ්‍යවාදීන්ගේ දෙපතුල් ලෙවකෑ තරම කොතරම්ද කියා ඔවුන්ට හිමිවූ ද්විත්ව පුරවැසිභාවය,අද ඔවුන්ගේ දරුවන් එම රටවල ලබන රැකවරණ හා වරප්‍රසාද සාක්ෂි දරණවා.
      මේ කපටි නිවටයන්ව වීරයන්,දේශමාමකයන් ලෙස පෙන්වා කරපිටින් වඩම්මවා බලයට පත්කල උන්ට තව වතාවක් රැවටෙන්න එපා.

      • අනුරේ says:

        මොනවද අනේ මේ කියවන්නෙ? ඔය වචන සැට් එක විතරද තියෙන්නෙ? බැසිල් ඔලුව දාගන්න හදනක එක හරි.ළමයිත් පිට රට කියමුකො. ඒකෙන් අධිරාජ්‍යවාදය පැතිරෙන්නෙ කොහොමද? මෙහේට ලොක්කෙක් වුණාට එහේට බැසිල්ලා ලොක්කො නෙවි.

  3. LalithM says:

    ත්‍රී වීල් පක්ෂයකට බලය තියෙන්නේ ආන්ඩුවක් ස්ථාපිත වෙනකම් විතරයි. ඒකවත් නොදැන මහජනයාට විරුද්ධව වැඩ කරන ඔය පක්ෂ උඹලත් එක්ක හැඳිගෑවිලා යන්න ඕන.

  4. ධර්මපාල තුමා says:

    ක්‍රිඩාවේ සින්ඩ්රෝම් හා රැකියාවේ busy සින්ඩ්රෝම්
    මේ සින්ඩ්රෝම් දෙකම හානිකරයි. ඔබට සතර සතිපට්ඨානය පුහුණු කරන්න වෙනවා මෙයින් ගැලවිමට .මම කියන්නෙ ක්‍රිඩාව අත්හරින්නවත් රැකියාව අත්හරින්නවත් නෙවෙයි සිහියෙන් ඉන්න.

    • අරුණකුමාර says:

      ඊට හොඳයි සිහිය අතෑරල පුළුවන් හැම ක්‍රීඩාවක්ම කරන එක.

  5. Ms.commonsense says:

    Good news 😁 RIP SL parliament

  6. සිංහල බන්ඩා says:

    මහින්ද ගෙන් පස්සෙ පොහොට්ටුවක් නැහැ. ඒ නිසා ජාතිකවාදීන් හරි වෙලාව බලා අලුත් පක්ෂයක් හදන එක ඇඟට ගුනය්.

  7. ගොවි බන්ඩා says:

    2022 පලාත් පාලන චන්දෙදි බැසිල් කුණු කූඩෙට වැටෙනවා. විමල්ලා වෙනම ඉල්ලුවෙ නැත්නම් අපි චන්⁣ද පොලට යන්නෙ නැහැ.

  8. Sun says:

    Most of these politicians are fully corrupted. They are thinking of filling their pockets rather than developing the country. We cannot trust most of these dirty heads, that is the reason for this collapsing economy. Still they do not care to uplift. Their stolen money in the foreign banks. They go to people and plead. How can we believe these idiots my friends.

  9. mali says:

    you all need to rally around a different nationalistic leader not from any of Rajapaksha. you all should start now itself otherwise floating votes and nationalistic voters would not vote then all the LTTE diaspora votes and muslim voters get the dominance and make the way to their dream of divide the country into 3 parts. Be careful of Ali Sabri, he is the man behind all these keeping idiotic Namal next to him to get his dream of making Srilanka a muslim country

  10. Aurora says:

    අති ගෞරවණිය පට්ට 20% තුමාගේ කීකරු නටු බලු සෙට් එක දමල මේ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න විමල්, උදය ඇමතිවරුන්ට ප්‍රශ්ණ හදන්නත් දෝෂාරෝපණය කරන්නත් පුළුවන්. නමුත් විමල්, උදය ඇමතිවරුන් ප්‍රමුඛ පොහොට්ටුවේ ඉන්න අනෙකුත් පක්‍ෂ පළාත්සභා චන්දෙට වෙනම ඉල්ලුවොත් පොහොට්ටුවේ හොට්ටන්ට පුකෙන් තමයි යන්න වෙන්නේ. අපි බලමු 2019/2020 මැතිවරණ ඇදපු අපේ දේශප්‍රේමී අන්තර්ජාලයේ සහෝදරවරු අති ගෞරවණිය පට්ට 20% තුමාගේ කීකරු නටු බලු සෙට් එකට අමුඩ ගස්සනවා. බලමු ඊළඟ මැතිවරණෙ ජනතා බලය තියෙන්නේ හොරෙකුටද නැතිනම් රට වෙනුවෙන් කට්ට කන උන්ටද කියල.

Main News