ආණ්ඩුවේ පරම සිංහල බෞද්ද සුජාතභාවය දැන් අහෝසියි.. මහා සංඝයා නොතකා 20 සම්මත කලේ අන්තවාදීන් සමගයි..

October 26, 2020 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ පරම සිංහල බෞද්ද සුජාතභාවය දැන් අහෝසියි.. මහා සංඝයා නොතකා 20 සම්මත කලේ අන්තවාදීන් සමගයි..

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ගත් ආකාරයක් සමග වත්මන් ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි වී ගිය බව හෙළ බොදු සවිය සංවිධානය සඳහන් කරයි.

ඒ බව සදහන් කරමින් එම සංවිධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාභාවය නැති වුනා

2015 දි 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය මන්ත්‍රිවරුන් 2015 කින් සම්මත වු අතර ඊට විරෝධි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුයේ මන්ත්‍රින්156කින්ය. මෙම ආණ්ඩුවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි කර ගත්තේය. මෙම ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලාය.එම භික්ෂුන් වහන්සේලා දානයේ දි, පාංශුකුළයේ දි ධර්ම දේශනයේ දි අනුශාසනා කලේ පැවති යහපාලන ආණ්ඩුව සුළු ජාතින්ට වරප්ප්‍රසාද, වරදාන දෙන බැවින් ගෝඨාභය ජනාධිපති තුමා ඇතුළු වත්මන් ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසය. ඒ මගින් සිංහල බෞද්ධයන්ට තැන ලබා දෙන රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැක කිසිම කෙනෙක් සමග මෙම ආණ්ඩුවේ බලධාරින් සම්බන්ධ නොවන බවට සහතිකයක් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාවට ජන්දයට පෙර කියා සිටිහ.

20වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරෙ විවිධාකරයෙන් කැප වි සිටින භික්ෂුන් වහන්සේලාගේ 20 වන සංශෝධනයට දැඩි විරෝධයක් එක් කළේය. එය තඹ දොවිතුවකට මාහිම් කලේ නැත.

ගරු ජනාධිපති තුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය. එසේම මෙරට පිළිගත් භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ගත්තහ. එම උප දේශක සභාව කැදවිමක් හෝ 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය සම්බන්ධායෙන් අනුශාසනක් ලබාගෙන නොමැත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට හා අනපනත් සමත කර ගැනිම උදෙසා සුළු ජාතික මන්ත්‍රින්ට විවිධ රජයේ වරක්ප්‍රසාද තනතුර තානාන්තර ලබා දෙන අයුරු ඉදිරියේ දි බලාගත හැක.එසේම බලගතු අධිකරණ වැනි ආමත්‍යංශයක් ලබා දි මුස්ලීම් මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගනිමින් ඇත. එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිද හෙළමින් ඇත.

ජන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රිවරුන් කිසි දිනක අනපත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි. යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ. එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිද දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.

බුදගල ජිනවංස හිමි
සභාපති

85,079 views

46 Comments to “ආණ්ඩුවේ පරම සිංහල බෞද්ද සුජාතභාවය දැන් අහෝසියි.. මහා සංඝයා නොතකා 20 සම්මත කලේ අන්තවාදීන් සමගයි..”

  1. Kaduwela Siva says:

    ආන්ඩුව වෙනුවෙන් කතා කිරීම ලිවීම අත්හැරියෙමි. මින් පසු කිසිවකුටවත් චන්දයක් පවා නොදෙමි.

    • විශ්ව says:

      අනේ මිනිසුනේ මේ රට පාලනය කරන්නේ යක්කු, යක්ෂනියො ප්‍රෙතයෝ, කුම්බාන්ඩයෝ, මහා ජරා අපාගාමී අසුර සෙට් එකක්. සත්පුරුශයෝ කීයක් ඉන්නවද කියලා කියන්න බැහැ. හැබැයි අසත්පුරුශයෝ පත් කර ගන්නේ අසත්පුරුශයෝ මයි. රට විනාශ වෙන එක ගැන දුක් වෙලා වැඩක් නැහැ. මුහුද මැද ගිලෙන්න යන ඔරුව කාටවත් ගොඩ ගන්න බැහැ. ගන්න දෙයක් අරගෙන මාරු වෙන එවුන් මෙතන ඉන්නේ. මෙතන අසත්පුරුෂ යො දිනාඇත අපා දුකට සැප විදිනවා ඇත.

  2. Chandi Kolla says:

    මුස්ලිම් මන්ත්‍රීලා ඡන්දේ දුන්නාම මොකද සංශෝධන පනත ඉදිරිපත් කලෙත් මුස්ලිම් ඇමැතිවරයෙක් නේ.
    අනේ මෙහෙම වෛරක්කාර හාමුදුරු සෙට් එකක්.

    • තුන්වන තැන සිංහල..! says:

      ලෝකයේ නැතිවන ජාතීන් අතර සිංල ජාතිය හයවන තැන අරගෙන ඉන්නේ….!
      කොළඹ ජනගහණය පලමු තැන මුස්ලිම් 2.1% කින් වැඩි වුනා..!
      දෙවෙනි තෑන හින්ඳු … තුන්වන තැන සිංහල..!
      නමුත් මේ චීවරධාරියා රටට ඇහෙන්න බණක් කියනවද ..? සිංහල දරුවනේ පන්සල් ඇවිල්ලා බුදු දහම රැක ගනිල්ලා කියලා.. ඒත් මුස්ලිම් භක්තිකයෝ සිකුරාදා නොවරදවා පල්ලි යනවා… ඒ පල්ලි අසල අත දික්කරගෙන හිඟමනේ ඉන්න කවුද පන්සල ලඟ හිඟාකන සිංහලයාමය..! ඔබලා දැකලා තියෙනවද මුස්ලිම් අය හිඟාකනවා..නැත..! හැබැයි සිංහල අපේ උදවිය අරාබි රටවල වැඩට ගිහිල්ලා පිං අතේ එවන සල්ලි පන්සල්වලට ලැබෙනකොට ඒ මුදල මුස්ලිම් අයට උරුම සල්ලි නොවේද?. හා හා මගේ පන්සලට ඔය රටෙන් මාරුකල සල්ලි එපා කියනවද..?. ඔය ජිනවංශ හාමුදුරුවොත් යන්නේ මුස්ලිම් කෙනෙක් මේ රටට ආනයන කල වාහනයකම වෙන්න ඇති..!

    • waachaalaya. says:

      BUDUGALA JINAWANSA KIYANNE WIKURTI AASAAWALIN PELENA BOOTHAL PACHAMPIKAGE
      SATTAMBIYEK BAWA KAWRUTH DANNAWA.

  3. Kalu says:

    Ok already days have passed since 20A approval but where are the works from the great leader, is it still pending, I wish he hurries up!

    • Observer says:

      Kalu, use your brains. Governments do do things! But they dont waste their time by updating everything they do with people like you every minute. Get a life.

  4. kkuruwita says:

    මේ කොහේ තිබ්බ මල මඟුලක්ද හෙල බොදු සවිය කියන්නෙ ? අටව ගත්ත දේශ ද්‍රෝහී , ජාති ද්‍රෝහී NGO කාක්කො ටිකක්ද ?

  5. kings says:

    ඡන්දෙ කාල පැත්තකවත් හිටපු නැති 3% කට්ටියයි පැකනිල් බලකායටයි තමයි දැන් අමාරුව හැදිල තියෙන්නෙ. බුදුගල වහන්සෙල දැන් කඨින පිංකම් ලඟ එන නිසා ඒවයෙ වැඩක් බලාගෙන දායකයන්ට බනක් කියල බෝධිපූජාවක් තියල පිනක් කරහන්න බලන්න දැන්වත්. රජය කරගෙන යයි ඒ වැඩ.

  6. මහී ජිනපාල says:

    හාමුදුරුවනේ, ජාතිවාදයයි, දේශපාලනයයි, ආගමයි පටලවා ගන්න එපා. මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්ව හා දැනුම් තේරුම් ඇතිව තමයි මේ සැරේ ජන්දේ දුන්නේ. ඒකට ඔබ වහන්සේලාටගේ උපදෙස් මොකටද? වරදවා තේරුම් ගන්න එපා මිනිස්සු ජන්දෙ දෙන්නේ ඔබ වහන්සේලා කියන එක අහලා කියලා. තවත් ඔය වගේ උන්නාන්සේ කෙනෙක් තමයි අර අභයාරාමයේ ඉන්නේ. මිනිස්සු මැරෙන්න ඇරලා හෙදියන් වර්ජනය කරවපු උන්නාන්සේ කියලා මේ රටේ මහජනතාවට තාමත අමතක නෑ. සිංහල – මුස්ලිම් – දෙමළ කියන්නේ මේ ශ්‍රී ලාංකිකයෝ. අන්තවාදීන් කියන ගොඩේ ඔය තුන් ගොල්ලම ඉන්නවා. ඒක අමතක කරන්න එපා.

  7. Kandy Gentlemen says:

    මේක හරි කතාවක්නෙ. දැන් එත⁣කොට බුද්ධාගමෙ හැර අනිත් අයට කිසිම අයිතිවාසිකමක් නැද්ද? නියම බුදුදහමෙහි වෛරය පැතිරවිමක් නැත.
    අස්ත්පුරැෂයන් චිවර දරා ගත්තහම මේව අහන්න වෙන එකත් එක අතකට පුදුමක් නෙවෙයි

    • Senevi says:

      දැන් නියම බුදුබණ මතක් වෙලා . විපක්ෂෙ ඉන්නකොට එහෙම නැහැ නේද?

      • Kandy Gentlemen says:

        ඔව් මචං. පහුගිය කාලෙ බුදුබණ ගැන හිතන්න වෙලාවක් තිබ්බෙම නැ. ඒ තරම් busy. රනිල්ගනුයි ගොංජගෙනුයි පස්ස බේර ගන්නෙ කොහොමද කියල හිත හිත හිටියේ

  8. ක්‍රිමිනල් says:

    ට’හුඩු ! සිංහල බෞද්ධ රාජ්‍යය ඔලුව උඩ තියාගෙන හිටපු තැරිදාර පුන්නක්කු බෛයො ,බෞද්ධ භික්ශුවගේ රෙදී ගලොනවා කියහංකො ! යකො බෛයො තරං පට්ට කුජීත ජිවී කොට්ඨාශක් මේ ලොකෙන් ආවා වෙන්න බෑ ,මුන් පිට සක්වල ජිවීයො වෙන්ඩ ඔනෙ. ..මෝඩ බෛයන්ගේ තනි හිංගල බෞද්ධ ගායත් ඉවරෙටම ඉවරයි කියහංකො..😂😂😂

    • Kandy Gentlemen says:

      ඒත් මම මේ බැලුවෙ මොකද මේ එකපාරටම උහුලන්න
      බැරි අශුචි ගදක් එන්නේ කියල. අම්මට සිරි අපේ මේ සද්ගුණවත් කිුමිනල් ඇවිල්ලනෙ.
      හා දැන් ඔයා මේකෙ තනියම කැමති විදිහට කොටන්න. එහෙනම් අපි ගියා ඇ..බායි..

Main News