ආණ්ඩුවේ පිරිසක් ජවිපෙ සමග සන්ධානයකට සාකච්චා… විමල්ට දොර අරී…

December 27, 2021 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ පිරිසක් ජවිපෙ සමග සන්ධානයකට සාකච්චා… විමල්ට දොර අරී…

විමල් වීරවංශ මහතාට සහ කුමාර් ගුණරත්නම් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

එල් .එන්. ජී බලා ගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව එහි දී නලින් ද ජයතිස්ස මහතා පවසයි.

දයාසිරි ජයසේකර මහතා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ” එක් වීමක් පිළිබඳව කතා කිරීම සම්බන්ධයෙන් තම දයාසිරි ජයසේකර මහතාට ස්තුතිවන්ත වන බව එහිදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණ ට එක්ව කටයුතු කිරීමට හැකි වන බව ජයතිස්ස මහතා පෙන්වා දෙන්යි.

එපමණක් නොව රට ගැන හිතන දූෂණයට වංචාවට එරෙහි සියලු බලවේග වලට ඉදිරියේ දී .ජාතික ජන බලවේගය සමග එක් විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා කියයි.

දූෂණය වංචාවට එරෙහිව ආණ්ඩුවේ සිටින කලකිරුණු මැති ඇමතිවරු රැසක් මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දෙන නලින්ද ජයතිස්ස මහතා ඔවුන්ගේ සහාය ද තීරණාත්මක මොහොතක දී ලබා ගන්නා බව සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ කොන්දේසි වලට එකඟ වන සියලූ පාර්ශව එකතු කරගෙන ඉදිරියේ දී ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් පැවසීය.

119,918 views

34 Comments to “ආණ්ඩුවේ පිරිසක් ජවිපෙ සමග සන්ධානයකට සාකච්චා… විමල්ට දොර අරී…”

  1. අංජනමා says:

    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයි.!

  2. Susantha says:

    3 ක් තියාගෙන දකින හීන, නගුටෙන් බල්ල වනන්ඩ බෑ ජෙප්පොනේ. ආන්ඩුවේ ඉන්න එවුන්, විමල් දැන් පිරිසිදු වුනාද? මොකෙන්ද නෑව්වෙ පිරිසිදු වෙන්න, කන්න ඔනෑ උනාම කබරගොයා නෙවෙයි කිඹුලත් තලගොයා වෙලා වගේ

    • Malinda says:

      RAW is behind the many agitations happening in the country recently supporting JVP & Sajith overtly & covertly.Indians want to weaken the hand of this government to push through many deals they want like the oil tanks & 13A.Our fools fall for this.JVP is always excellent to make chaos & disruption in the country by getting the support of the youth who have economic problems.When you are young you want to shout march and do demontrations in uni or out.JVP means trajedy disguised.

    • Janaka from Matara says:

      අයිබොවං ප්‍රවේසමෙං.
      මිනිස්සුන්නෙ හීන වලට ගරහල ඇනගත්තු රජෝරු අදිරාජයො ලෝක ඉතිහාසෙ බෝමයි.

  3. sunimal says:

    උතරු නැගනහිර එක්කරන්න ගිය එකට ජේ වී පි විරුද්ද උණු එකට අපී අගය කරනවා.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    අනේ ගොනෝ තොපි මොන සන්දාන හැදුවත් පොහොට්ටුව පරදන්න බෑ.

  5. ගූගල් කොකෝ කොලා ලෙමන් පාෆ් says:

    එතකොට අර විස්සට අත උස්සපු , අයවැයට පක්ෂව අත උස්සපු උන් එපා කිව්වේ..? ඒ ජේ වි පි නෙමේද ?

  6. Jaya says:

    එකම ජාතියේ කුනු එකට එකතු වෙනවා .ඕක මොකක්ද ?

  7. Wijitha says:

    අපි මාස 16ක් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ. දැන් ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ළඟා වෙමින් ඉන්නේ. අපි ඉන්දියාවත් එක්ක අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් උදය ගම්මන්පිළ පවසා ඇත.

  8. Ranjith Gunawaradana says:

    The JVP had numerous splinted political groups being to exist since 1965 May….>
    Which was the truth of that brief history of since its beginning of JVP even until death of 1989 November 13 that PND Wijeweera Or Rohana Or Attnayake by his leadership.
    JVP was a well tested political anarchists’ since its started .

  9. David Milli-banda says:

    Lapaya & the JVP Clan has already disowned කුමාර් ගුණරත්නම් sometime ago.
    Kumar Gunaratnam @ Noel Mudalige has iota self respect would not touch the JVP even with a barge pole.

  10. sarath says:

    Since independence, the current president appears to be the most timid, spineless and invertebrate head of state that Sri Lanka ever had. First, responding to the threats of opponents, the country was locked down that resulted in the balance of payment and $ shortage.

    Now trade unions are rubbing their arse on the nose of the head of government still no response from the government and the head behaves as if nothing happens. Is this governing?

    The president wants to emulate the role of ice-cream seller so everyone shows its arse to president; he smiles.

    The best president that Sri Lankan ever had is JR who never tolerated nonsense.

Main News