ආණ්ඩුවේ බලවතෙකුගේ හයියෙන් රජයේ ඉඩමක් ඩෝසර් කරයි..
August 17, 2020 at 11:20 am | lanka C news
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්න ඉඩමක් අනවසරයෙන් ඩෝසර් කර ඉදිකරන ලද නිවාස 18ක් පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කර තිබේ.
නව ආණ්ඩුවේ බලවතෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් අනුදැනුම මත මෙම ක්රියාව සිදුකර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ නමුත් එම ස්ථානයට පොලීසිය යන විට ඉදිකරමින් සිටි පිරිස පලාගොස් තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම ඉඩම ඩෝසර් කර තාවකාලික නිවාස ඉදි කළ පිරිස හෙළිකර ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.