ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ජනපතිගේ හා අගමැතිගේ වාහන දෙකක් ගල් කරයි..
January 23, 2022 at 10:02 pm | lanka C news
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති කාර්යාලයෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාහන දෙකක් ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඔහු දුර බැහැර දිස්ත්‍රික්කයකින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී වරයෙකි.
තමනට ගමට යාමට වාහනයක් නොමැති යයි පවසමින් නිසා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාහනයක් ඉල්ලාගෙන ගොස් ඇති අතර ඔහු එය මෙතෙක් ආපසු බාර දී නැති බව ද වාර්තා වෙයි.
මේ අතර ඔහු ජනාධිපති කාර්යායෙන්ද වාහනයක් ඉල්ලාගෙන ගොස් ඇත්තේ ගෙදර ගොස් ආපසු ගෙන දෙන පොරොන්දුව පිටයි.
නමුත් එම වාහනය පොරොන්දු වූ පරිදි නැවත භාර දී නැත.
මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේද වාහන අංශ භාර නිලධාරීන් බලවත් ගැටලුවකට මුහුණ දී සිටින බවද වාර්තා වෙයි.
මේ වන විට අදාල මන්ත්‍රීවරයා ජනාධිපති කාර්යාලයෙන් හා අගමැති කාර්යාලයෙන් ලැබෙන ඇමතුම් මෙන්ම නාදුනන අංකවලින් ලැබෙන ඇමතුම්ද මගහරිමින් සිටින්නේ යයිද සදහන්ය.
මුන්වගේ පට්ට හොරුනේ මහජන සේවයට එන්නේ .මහ උන් හොරා කද්දී මේ වගේ පගර නැට්ටොත් හදන්නේ අතට අහුවෙන් ඕන දෙයක් හොරා කන්ඩ .කාලකන්ණි හොර හැත්ත 225 ම හැදිගෑවිලා යන්ඩ ඕනෑ
ඇයි දැන් ජනාධිපතිට බැරිද ඔය පම්පෝරි ගහන විධායක බලය පාවිච්චි කරල වාහනේ ගෙන්න ගන්න. මිනීමරුවන්ට නිදහස දෙන්නයි සාමාන්‍ය මිනිස්සුන්ට තග දාන්නයි විතරද ඒකෙන් පුළුවන්? ඔක්කොම නාටක විතරයි. තව රාජ්‍ය දේපල කීයක් නම් හෙන්චයියන්ට දීල ඇත්ද දේශපාලුවො
හරියට එක ලොක්කෙක් හිටියා නම් ඕවා වෙන්නෙ නැහැ.
They would not even miss the two vehicles for they have so many allotted to them .unlike the PM and Presidents elsewhere in the world ..No news this ..just a minor problem
ඡනපතිතුමා ගැන නම් දන්නෙ නෑ.හැබැයි අගමැති තුමාට නම් ඉස්සර වාහන සංචිතයේ තිබුනා වාහනසංචිතයේ තිබුනා වාහන 1000 ට වැඩිය. (2015 කලින් සැරේ)
ජනපති, අගමැති,ඇමති,මන්ත්‍රී කවුරු කරත් එතන තියෙන්නෙ දූෂණයමයි.මොකද මේ 225 ම කන පාර්ලිමේතු බත්වේල,පඩිය,බෝනස්,දීමනා,පෙන්ෂන් හා හොරාකන හැම දේම සදහා ගෙවන්නෙ මහජනතාව.
When we have Jokers and grandpas on positions what eles you can expect?
Kala dutu kala wala iha ganeema!
දේශපාලකයන් හා රජයෙ සේවකයන් දෙගොල්ලොම හරි හරියට රටට වින කටිනවා වගේ.
Those who do these type of robberies are well aware that they are 100 percent safe and no action is forthcoming in the event of being caught. What a country, what type of rulers.
මූ මහ මෝඩ යකෙක්..