ආණ්ඩුවේ ලැගගෙන කරන ප‍්‍රතිසංවිධාන වැඩක් නෑ.. අද මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි..- සුසිල්

May 17, 2018 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ ලැගගෙන කරන ප‍්‍රතිසංවිධාන වැඩක් නෑ.. අද මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි..- සුසිල්

එක්සත් ජාතික පක්‍ෂය සමග සිටින ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවී සිදු කරන කිසිදු ප‍්‍රතිසංවිධානයකින් පලක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ශ‍්‍රීලනිපය මේ මොහොතේ කල යුත්තේ කැමති අයට ආණ්ඩුවේ සිටින්නට ඉඩ දී පක්‍ෂයක් ලෙස ආණ්ඩුවෙන් ඉවත් වීම යයිද ඔහු සදහන් කරයි.

තනි තනි පුද්ගලයන් ලෙස ඇමති ධුර දරමින් ආණ්ඩුවේ සිටිමට හැකියාවක් ඇති බවත් පක්‍ෂයක් ලෙස ආන්ඩුවේ සිටීමට හැකියාවක් නැතැයිද ඔහු කියා සිටී.

අද පස්වරුවේ පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තම කණ්ඩායමේ අදහස ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කලේය.

37 views