ආණ්ඩුවේ වාර්තා බොරු.. ඩෙංගු අධි වසංගතයක්.. රෝගීන් ලක්ෂ දෙකහමාර පැනලා..
July 13, 2017 at 8:02 am | lanka C news
ඩෙංගු රෝගීන් 80,000ක් යයි රජයේ සංඛ්‍යා ලේඛණ කියුවත් සත්‍ය ලෙසම එම සංඛ්‍යාව දෙලක්ෂ පනස්දහස ඉක්මවා ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය සදහන් කරයි.
එම සංවිධානයේ කැදවුම්කරු ගිෂාන්ත දසනායක මහතා සදහන් කරන්නේ අද වන මෙම වසංගත තත්වයට මුහුණ දීමට රජයේ ඇති නොහැකියාව නිසා විට ඩෙංගු රෝගීන්ට රෝහල්ගත වීමේ අපහසුවක් ඇති බවයි.
ඩෙංගු මරණ අනුපාතය ඉතාම අඩු මට්ටමට පාලනය කර ඇත්තේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලවල කැපවීම නිසා මිස සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාකාරීත්වය නිසා නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.