ආණ්ඩුවේ සංවර්ධනයට විරුද්ද පිරිස් ආණ්ඩුව පෙරලා දමන්න හදනවා..- රාජිත
August 6, 2017 at 12:40 pm | lanka C news
මහනුවර මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සදහා මුල්ගල් තැබීම සහ අවසන් කළ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ සිදුකෙරිනි.
එහිදී රුපියල් මිලියන 1000 ක මුදලකින් ඉදිකරන නව හෙද විද්‍යාලයට මුල්ගල් තැබීම, නව පිළිකා රෝහලේ ඉදිකිරීම් නිරික්ෂණය කිරිම, අභිනව හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරිම, හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම, අවයව බද්ධ කිරීමෙි සායන මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරන ලදි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීම සදහා 2017 වසරේ දී රුපියල් මිලියන 8500 ක් වැය කරනවා. සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා මෙම වසරේ දී රුපියල් බිලියන 235 ක් වෙන් කර තිඛෙනවා. ඒ යටතේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විවිධ වැඩසටහන් දියත් කර තිඛෙනවා. රජය විසින් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයින්ට ලබා දුන්නා. සෞඛ්‍ය සේවාවේ අනෙකුත් කාර්ය මණ්ඩල සදහා ද වෙනම දීමනා ලබාදීමට මම කටයුතු කළා. වෛද්‍යවරුන්ට රජයෙන් වැඩිකළ රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද රුපියල් 10,000 ක් වැඩි කළා. ඔවුන්ට රුපියල් 20,000 ක් ලැඛෙනවා. හෙද සේවාවේ හිඟ අතිකාල දීමනා ලබාදීමට පියවර ගත්තා. නමුත් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරනවා. එය සිදු කරන්නේ මාලඹෙි පෞද්ගලික වෛද්‍ය ව්ද්‍යාලය අල්ලාගෙන. සෞඛ්‍ය සේවාව තුල එය කුඩා සංකේතයක් පමණයි. අසරණ රෝගී ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්වූවායින් පසු විශේෂ සේවාවන් 24 ක් දියත් කර තිඛෙනවා. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් වල මිල අඩු කිරීමට පියවර ගත්තා, නමුත් අපේ රටේ කථා කරන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීම පමණයි. ස්ටෙන්ස් මිල ලක්ෂ ගණනකින් අඩු කර තිඛෙනවා. ජිව්තයේ පරම ලාභය සෞඛ්‍ය බව බුදුරජාණන් වහන්සේ ද දේශනා කළා. නිදහස් සෞඛ්‍ය සේවාව වත්මන් රජය යටතේ අකුරටම සිදු වෙනවා. සටන් පාඨ වාචාලකම් ප්‍රකාශ කරන අයට මම අභියෝග කරනවා මෙවැනි නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදෙන තවත් රටවල් හදුන්වා දෙන්න කියලා. මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කරන අයත් ඉන්නවා. ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනය කිරිම සදහා ජපානය විශේෂ මුල්‍ය ප්‍රදාන ලබාදිමට එකඟ වී තිඛෙනවා. මෙම සංවර්ධන වැඩසටහන් දියත් කිරිමට ප්‍රථම ඇතැම් පුද්ගලයින්ට රජය පෙරලා දැමීමෙි උවමනාවක් මතුව තිඛෙනවා. නමුත් අභීයෝග මැද රජය ඉදිරියටම යනවා.
– ප්‍රසන්න අධිකාරී
අය්යෝ කියලා වෑඩක් නෑ. මේ ආන්ඩුව කරන මේ මහා සන්වර්ධනයට ඉරිසියා කරන මිනිස්සු ආන්ඩුව පෙරලන්ඩ හදන්නෙ.
ඉතිහාසයෙ පිනට පහල උන යහපාලන ආන්ඩුවෙ සන්වර්දනය උහුල ගන්න බැරුව ඉන්න හන්ද තමයි ගිය ආන්ඩුවෙ පරන සන්වර්දන වියාප්පෘති විකුනන්නෙ….සන්වර්දනයක් ගැන දන්නෙ නැති මුන්ට චන්දෙ දීපු 62 ලක්ශයක් උන හරක්ටනම් හොදයි මුන්ගෙ මේ වගෙ මොන්ගල් කතා…..එන චන්දෙදි මුස්ලිම් චන්ද නැතිඋනොත් මුට ඇපත් නැ…..
නැත්තං!
මදිද රවි විතරක් ගත්තම වෙච්ච සංවරදනේ?
එතකොට අපි? මේ මම, මලික්, ඔය තලතලා, කිරිඇල්ලලා, ජෝන්ලා?
ටික ටික හරි මං කියන්නෙ?!
මොලේ නෑ.
කාලකන්නි!
(මට මතක නෑ නෝනයි චතුර පුතායි අපේ පවුලෙ බිස්නස් වලින් කොච්චර සංවරදනේ උනාද කියල.පා-ච රනේ නං කියනව ගල් අඟුරු සංවර්දනේ හරි කියල. ඒත් නෝනල ගත්තම කොයි නෝන කොහොම වුණාද කියල මතක නෑ කියල.)
(Who else will rot in the Hell?)
ඔය කියන්නෙ මැති ඇමතිලගෙ සංවර්ධනය ගැන වෙන්න ඇති.
Stent mila laksha gananakin adu karala nisa chande dunnu laksha 62ma heart attack hada ganilla . Bath malu kanna epa.
Muta pissuwa enna ennama thada wegana enawa.
The truth is….
ආණ්ඩුව සංවර්ධනයක් කරල තියා හිතලවත් නැහැ !
ආණ්ඩුව හමුදාව, පන්සල, සහ ගිය ආණ්ඩුවේ සංවර්ධන වැඩ වලින් පළිගත්ත,..සහ පලිගනිමින් ඉන්නව !
ආණ්ඩුව ඒගොල්ලන්ව පත්කරන්න කුමන්ත්‍රණය කරපු අය සතුටු කරන්න නම් නොසෑහෙන්න වැඩ කරල තියෙනවා!
රාජිත මහත්තයට ලැජ්ජාව කියල එකක් නැද්ද මේ විදිහට කතා කරන්න ?
wadiyenma mulgal thiyapu rajaya hatiyata jahpalanaya world record thiyawi