ආණ්ඩුවේ සුළු පක්ෂත් ‘සම කැබිනට් ප්‍රකාශක’ තනතුරු ඉල්ලති.. සම කැබිනට් ප්‍රකාශකලා දුසිම් බාගයක් එන හැඩ..
June 1, 2017 at 3:26 am | lanka C news
එජාපයෙන් හා ශ්‍රීලනිපයෙන් කැබිනට් ප්‍රකාශකවරුන් වෙන වෙනම පත් කර ඇති නිසා තම පක්ෂවල මතය ඉදිරිපත් කිරීම සදහා සම කැබිනට් ප්‍රකාශක තනතුරු ලබා දිය යුතු යයි ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ම තීරණය කර ඇත.
ඇතැම් අවස්ථාවන්හිදී කැබිනට් තීරණ හේතුවෙන් පක්ෂ ලෙස තම ස්ථාවරයන් ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් දේශපාලන වශයෙන් තමනට අසාධාරණයක් සිදු වේයයි කල්පනා කරමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මේ ඉල්ලීම පල දැරුවහොත් දැනට සිටින සම කැබිනට් ප්‍රකාශකලා තිදෙනා වෙනුවට හත් අට දෙනෙකු ඉදිරි කැබිනට් මාධ්‍ය හමුවල දැකගත හැකි වනු ඇත.