ආණ්ඩුවේ සුළු පක්ෂ මෛත්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…
September 21, 2021 at 10:02 pm | lanka C news
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී හමුවී සාකච්ඡා කර තිබේ.
මෙම හමුවේදී සාකච්ඡා කර ඇත්තේ යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු තම අදහස් ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊයේ පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීම සඳහා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බවයි.
මේ රටේ මිනිස්සු ණය ව්‍යාපෘති වලට හරි විරුද්ද නිසා විකල්පය තමා මේක. යුගධනවි බලාගාරයෙන් 40%ක් පුද්ගලික සමාගමකට දෙනවා. ඒ වෙනුවට ඒ සමාගම මෙගා වොට් 700 අලුතින් බලාගාරයට එකතු කරන්න ඕනෙ. දැනට ඕකෙ තියෙන්නේ මෙගා වොට් 300යි.
මේ ගිවිසුමට විරුද්දනම් ආණ්ඩුව ණයට සල්ලි අරගෙන ඔය මෙගා වොට් 700 එකතු කරන්න ඕනෙ. මේ වෙලාවේ ආණ්ඩුවට ණය දෙන්න ඉන්නේ චීනය විතරයි. චීනෙන් ණයක් ගත්තොත් ඒකටත් විරුද්ද වෙනවා රට චීනෙට විකුනනවා කියලා.
හැබැයි එහෙමයි කියලා නිකන්ම හිටියොත් 2024 විතර වෙද්දී ආයෙත් රටේ විදුලිය කපන්න වෙනවා. මොකක්ද ඔය 3න් හොදම විසදුම?
හොඳම විසඳුම ඔබතුමා වගේ සියල්ල දත් බහුශ්‍රැත පණ්ඩිතයෙක් කියන එක තමයි
සටන අරබනවා, ඒ ගමන්ම නවතනවා. මේවා බොහොම හොද වැඩ.
These are well planned action to divert the attention of public from real issues.
These jokers can’t do anything now as all of them acting as puppets of this government