ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද එලියට.. සවස වෙනම සමුළුවක්..

March 2, 2022 at 3:20 am | lanka C news
ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද එලියට.. සවස වෙනම සමුළුවක්..

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද පවසති.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට ඉහත පක්ෂවල නායකත්වය සහභාගී වන අතර විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට ඇරයුම් ලැබ සිටිති.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

41,971 views

18 Comments to “ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද එලියට.. සවස වෙනම සමුළුවක්..”

  1. Kasun Perera says:

    මුලු රටම හරි මගට අම්බෝ බෝ බෝ බෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  2. Bandara says:

    “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය රචනය බැසිල් රාජපක්‍ෂ, එළිදැක්වීම හවුල්කාර පක්ෂ 11, අනුග්‍රහය ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය, අපේක්‍ෂිත ප්‍රතිඵලය ජනතාව තුල පවතින රජය කෙරෙහි අප්‍රසාදය සමනය කර නව බලාපොරොත්තු ඇති කිරීම.

    • Kapila says:

      අවසන් ප්‍රතිඵලය කැබිනට් එකේදී සහ පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවේ යෝජනා වලට අත ඔසවා ඇමතිකම් රැකගැනීම.

  3. ගෞම් ඊයාරාජ් says:

    ඉතින් අපිට පාන්ද බං ? කොහොමත් උබලගේ සිල්ලර පක්ශ ටිකට මෙ පාර කෙලවෙනවා වැඩ බැරි පාණ්ඩුවක් අස්සේ ඉදන් මාධ්‍ය ගිමික්ස් පෙන්නලා රටේ සබුද්ධික ජනතාව අන්දන්න තවදුරටත් බෑ , ඒත් ඉතින් සම “හරක්” ගොන්න් ඇන්දෙයි. කොහොමත් කාඩ් බොඩ් දේශප්‍රේමින්ගේ නිරුවත රටට පෙනිලා සහ දැනිල ඉවරයි .

  4. Gamarala says:

    ඔබලා රජයෙන් අස් උනොත් නියම වීරයෝ. ජනතාව ඔබලා සමගයි.

  5. සුවාරිස් says:

    ජනතාව ගොනාට අන්දවන ටෙලි ජවනිකා බලලා දැන් අපිට එපා වෙලා ආයුබෝවන් …

  6. Srimal says:

    Gon athal dan අපිට ඇතිවෙලා තියෙන්නේ bn…අනේ තොපේ හරි මඟ dan අවුරුදු 74..

Main News