ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද එලියට.. සවස වෙනම සමුළුවක්..

March 2, 2022 at 3:20 am | lanka C news
ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද එලියට.. සවස වෙනම සමුළුවක්..

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.

අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද පවසති.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට ඉහත පක්ෂවල නායකත්වය සහභාගී වන අතර විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට ඇරයුම් ලැබ සිටිති.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

42,030 views

18 Comments to “ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 අද එලියට.. සවස වෙනම සමුළුවක්..”

  1. siri mama says:

    පක්ශ 11ම ආණ්ඩුවෙන් වහාම අයින් වෙන්න.. මොන ප්‍රකාශන ඉදිරිපත් කියන දේ අහන්නෙ නැති ආණ්ඩුව්කින් වැඩක් නෑ

  2. saman says:

    දැන් එලියට ඇවිත් වැ දැක නැ ගෝඨාබයටත් බැ උබලටත් බැ

  3. nipun says:

    එලවලා දාන්න තියෙන්නේ අයිෂේ ඔය සුළුතර තෙල්බාලලාව. එහෙම කරල මොල හතේ සෑර්ට වැඩේ බාර දුන්නා නම් තෙල් එන්නේ මේම මේම…..

  4. කාලි says:

    ඔය රාවණා කාලි පරපුරේ යක්ඛයො ලඟ නැද්ද රහස් ඩීසල් පෙට්‍රල් වට්ටෝරු එහෙම ………..අර කොරෝන පැනි වගේ ………තිබුනනම් මොකක් හරි ගේමක් ගහන්න තිබුන වහල්ලු ටික ගොනාට අන්දල හැබැයි

  5. Hi says:

    ඔබලා සිටින්නෙ ආණ්ඩු පක්ෂයේ.
    ඒවගේම ඇමැතිකම්, මන්ත්‍රි කම් දරනවා.
    රට පාලනය කරවට මහජනයාගේ මුදලින් තමන් පමණක් නොව තමන්ගේ හිතවතුන් ,පවුලේ අයව සන්තර්පණය කරකර මේ නටන නාඩගම කුමක්ද කියා වැටහෙන්නෙ නැත.
    මේකේ වේදිකාව හා මහජන හමුව පැවැත්වීමටත් මහජනයාගේ මුදල් තමයි වැඩකරනවා ඇත්තෙ.මොකද ඔබලා ආණ්ඩු පක්ෂය නිසා.

  6. 1994 says:

    1994 සිට අද දක්වා අවුරුදු 28 ක් රට පාලනය කල විටින් විට වෙස් මුහුණු වෙනස් කර බලයේ උන්නු ජනාධිපතිකම් දැරූ එකම මල පෙරේත කණ්ඩායමේ චන්ද්‍රිකා මහින්ද සිරිසේන නන්දසේන හෙවත් නිදහස් පක්ෂ පිලිලය රටට උරුම කල සෞභාග්‍යය

    • ජනජය says:

      උඹ 1994 ඉපදිච්චි එකෙක් වෙන්න ඕන නැත්නං 1994 මැරිල ඉපදිච්චි එකෙක් වෙන්න ඕන …මේ රටේ හරියට ඉන්නව එහෙම උං ඔය උඹ වගේ කමෙන්ට් කරන…ඇයි 1994 ට කලින් ඒව කියන්න බැරිද….පිපිරුනු බෝම්බ ගාන…විකණපු සහ පුච්චපු ජාතික සම්පත් ….ටයර් උඩ පිච්චුන ධර්මිෂ්ඨ සමාජෙ…ලිස්ට් එක ගොඩක් දිගයි …බොලට ඒව වගක් නෑ !

  7. කුසල් says:

    මේවා විහිලු වැඩ. ජනතාව ගොනාට අන්දවනවා බොරු. එකම න්‍යාය පත්‍රයේ කොටස්

  8. Common Sense says:

    This is an attempt to suppress the up-rising of suffering masses who were affected as a result of the silly and unwise moves of the present government. Be mindful that these fellows are also a part of it.
    Now, they are trying to be smart while blocking the forward march of the opposition. Don’t get caught. Except SLFP, all others won’t be able to enter the parliament, hadn’t they joined the Pohottuwa. Please note that these fellows are the parasites to progress of this country.

  9. Vesamuni says:

    meya honda piyawarak, namuth thakkadi ratanayath havul karagatta ekanam balawath wereddak. rata hari magata gantanam mohu ethulu siyalu sanghaya desapalanayen sahamulinma ivathkala yuthui.

  10. කුරුවල් says:

    Delaying the Ukrainian victory is Putin’s strategy.
    It is difficult for those who are obsessed with Western knowledge to understand.

Main News