ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..

October 26, 2021 at 10:22 pm | lanka C news
ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බව ද සඳහන් කළේය.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කරන ලදී.

එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්‍රතිඥා දුන් බවයි.

දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ.

58,999 views

17 Comments to “ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..”

  1. Ranjith Gunawaradana says:

    The political class of governance in STATE of that few People who are power for a certain period of time having no Right sold out national wealth and assets which belongs Citizens of Islanders to any Big-powers of their personal interest which is wrongdoing.
    Which is UnJUST cause. People having right to voice their protest on democratic way and means in JUST Cause. That is the which PEOPLE’s Democracy being apply exercise right to safeguarded national wealth by protesters of citizens.
    While Selling to Gas and Oil to USA that big companies are we asking for WAR turn the politics to our Land of by rulers of Islandres.
    We have to be careful about that politically and economically and Socially deal with USA is/ was a by war mongering country of that politics of hegemony in globe and Indian Ocean countries. We wanted PEACE and STABILITY for overall Development of Country in future of People and nation .

    • Maha Sinhale says:

      කවුද බන් උබට ඉන්ග්‍රීසි ඉගැන්නුවෙ?

  2. Jagath says:

    ඉන්න බැරි නම් ආණ්ඩුවෙන් යන්න – අගමැතිතුමා 😄

  3. කැපුවත් පොහොට්ටුවට says:

    රට අඳුරේ තැබුවොත් විදුලි බල මන්ඩල සේවකයන් සේවයෙන් ඉවත් කර හමුදාව යොදවන්න. ගම්මන්පිල වීරවන්ස ඇමතිදූර වලින් නෙරපා අත්අඩංගුවට ගන්න.

  4. Shan says:

    3 wheel parties 😂😂

  5. රට says:

    ඕකව පන්නා දමන්න. රාජ්‍ය විරෝදියා.

Main News