ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 එලියට බහී.. 29 කොළඹ රැළියක්..

October 25, 2021 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 එලියට බහී.. 29 කොළඹ රැළියක්..

ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් අවස්ථාවක් නොදීම නිසා ප‍්‍රසිද්ධ රැළියක් පවත්වා ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුවට සහාය ලබා දෙන දේශපාලන පක්ෂ එකොළහක් තීරණය කර තිබේ.

ඒ අනුව මෙම ජන හමුව එළැඹෙන 29දා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වෘත්තීය සමිති වල සහභාගිත්වයද ලැබීමට නියමිතව ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ සෙසු දේශපාලන පක්ෂවල නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.

එමෙන්ම මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ද තීරණය වී තිබේ.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා සැප්තැම්බර් මස 21 වැනි දින ලිපියක් යොමු කළ ද ජනාධිපතිවරයා එම අවස්ථාව ලබාදී තිබුණේ නැත.

ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ඒකමතිකව පක්ෂ සියල්ල තීන්දු කළ බවයි.

ජනාධිපතිවරයා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු සමඟ බලෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් නැතැයිද නානායක්කාර මහතා පැවසීය.

ගිවිසුම අත්සන් කර අවසන් වූවද සියල්ල අවසන් වන්නේ දේශපාලන බලය මත බවද ඔහු තවදුරටත් පැවසීය.

131,735 views

20 Comments to “ආණ්ඩුවේ සෙසු පක්‍ෂ 11 එලියට බහී.. 29 කොළඹ රැළියක්..”

  1. saman says:

    ආයෙත්රැවටෙමුද අපි

  2. Felix says:

    Konda Pana Nethi Wahallu Tika…… Thaniyma Tharaga Kaloth Chanda 50,000 Wath Ganna Behe.

  3. Rabok says:

    ඇතුලෙ ඉඳගෙන කකුල් මාටිටු දමන අපතයො හැලෙන එක ඉතාමත් හොඳයි – මුන් කවදාවත් ආණ්ඩුව වැටෙන්න දෙන්නැ එහෙම උනොත් උනුත් අනාථ බව උන් දන්නවා – විමල්ගෙ අගමැති බලාපොරොත්තු හිනයක් පමණයි

  4. බේබි හාමු says:

    හවසට රැස්වීම, පසුදා උදේට කැබිනට්.
    බොරු කාරයෝ; ඇත්තටම විරුද්ධ නම් කැබිනට් එකෙන් අස් වෙයල්ලා.

  5. සකු says:

    අනිවාර්යයෙන් ම අයින් වෙන්න මේ 20% කොමිස් කාක්කා රට පාලනය කරන එක නවත්වන්න

  6. ලංකාවටම පමණක් සීමාවු කොටස් කොටස් එලිදක්වන ප්‍රධාන නළුවන් ගොඩක් ඉන්න විගඩම නාටකයේ තව කොටසක් අප්පාආආ….

  7. දේශීය චින්තනය ඉදරියට පැමිනියේ යුතුම කාළයයි.. ! says:

    මාත්‍රෲහූමීයේ ආරකෂාව සහ ජාතික සම්පත් සුරැකීමේ සඳහා වහාම ක්‍රියාත්මක විය යුතුයි!
    ජාතිය නැංවීම සඳහා තින්දු තීරන ගනු ලබන බටහිර ගැත්තන් බහිරවයන් පන්නා දමා, දේශීය චින්තනය සහිත සැබැ අවංක, අව්‍යාජ බුද්දිමත් දාර්ශනිකයන් ඉදරියට පැමිනියේ යුතුම කාළයයි!

  8. Sunil Perera says:

    Never ever trust these rogues. Playing dirty double games has been their prime motive to fool people. Shameless idiots…

  9. Sunil Perera says:

    Never ever trust these dirty dishonest rogues.. Playing double games has been their prime motive right throughout…Bastards…

Main News