ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි..- අමරසේකරගේ විරෝධය..

August 19, 2020 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි..- අමරසේකරගේ විරෝධය..

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවත් වසර දෙකකට වඩා ගත වනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා පවසා ඇතත් එය සම්පූර්ණයෙන්ම විහිලුවක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.

ආණ්ඩුව තවත් අවුරුදු දෙකක් ගත වන තුරු බලා සිටියොත් සිදුවිය හැක්කේ තුනෙන් දෙක තුනෙන් එක වීම බව ද පැවසූ ඔහු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විශාල කාලයක් ගත නොකර ඉක්මනින්ම ගෙන ආ යුතු බවද පැවසීය.

පවතින 19 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් නොකර එහි සංශෝධන පමණක් සිදු කිරීමට රජය සූදානම් වන්නේ නම් ඊට දැඩිව විරුද්ධ වන බවත් රටට දැන් අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් බවත් ඒ මහතා කියා සිටියේය.

ගෝටාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජනතාව ඡන්දය ලබාදුන්නේ ද පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ හා සමානව ජයග්‍රහණයක් ලබා දුන්නේද ව්‍යවස්ථා සංශෝධනයකට නොව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවද ඔහු පෙන්වා දුන්නේය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

81,725 views

20 Comments to “ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි..- අමරසේකරගේ විරෝධය..”

  1. Banda says:

    9වන ව්‍යවස්ථාව අනතුරේ…!
    ජෝන් ඩොයිලිලා 2ක්
    9වන පාර්ලිමේන්තුවේ….!

  2. samna says:

    නැවෙන් ගෙනත් බාන්නද සීයෙ?

  3. kawinda says:

    mamath hithanne G.amarasekara hithana vidihatamai. hema deyakma kadinamin karana janapathita avurudu deka diga wdeiya.

  4. නිලන්ත says:

    මේ වාගේ වයෝවෘධ උගතෙකුට තේරැන්නේ නැද්ද රටක නීතිය වන ව්‍යවස්ථාව ආප්ප පුච්චනවා වගේ තනි මතයට කරන්න බැරි බව. 50% කට අඩුවෙන් ජනතා කැමැත්ත ඇරන් ඕනි පිස්සුවක් කෙලින්න පිස්සුවක් පුලුවන් ද? අනාගතේ රට ලේ විලක් නොකර හරි දේ කරනු.

  5. Nandasoma Suriyaarachchi says:

    නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි……!

    ඒක දවසෙන් දෙකෙන් කරන්න බැහැ……!!

    එතෙක් රට ඉදිරියට යාමට බාධකයක්ව ඇති 19 ය සංශෝධනය කළ යුතුයි……!!!

    ඒකට ඉතාම කෙටි කාලයයි /ත වෙන්නෙ……!!!!

  6. Sirimal says:

    This old man should go to the temple and meditate and not hold bulshit press conference

  7. Sarath Bulathsinghala says:

    අලි සබ්රි මහතා ඉතා අහිංසක ලෙස වචන හලනවා. මේවා යථාර්ථය වීමට ඉඩ නොතැබීමට අපි ප්‍රවේසම් විය යුතුය.

    පසුගියදා ඔහු කිව්වා මුසොල්මානුවන්ට අවුරුදු 1000කට එහාගිය ඉතිහාසයක් තියෙනවා කියා. මේවැනි මුසාවන් ජනගත කරන්න හදන්නේ ඉතාමත් ශූක්ෂම අනාගත තත්වයන් ගැන අභිලාෂයෙනුයි.

    ඉතාමත් ප්‍රවේසම් විය යුතුය.

    ඉතාමත්

Main News