ආණ්ඩුවේ 50ක් විපක්‍ෂයට… බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්…

January 28, 2022 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ 50ක් විපක්‍ෂයට… බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්…

එළඹෙන අගෝස්තු මාසය වනවිට ආණ්ඩුව කණ්ඩායම් තුනකට කැඩී වෙන්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 50ක් පමණ විපක්ෂයේ අසුන් ගන්නා බවද ඉන් පසුව පාර්ලිමේන්තු බහුතරයේ එකගත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවද අද මේ ආණ්ඩුව පලවා හරින්නට සූදානමින් සිටින බවත් එනිසා ඔළු ගෙඩි මාරුකර කුමන්ත්‍රණය කර ආණ්ඩු පිහිටුවීමට සූදානම් නැති බවත් හෙතෙම සඳහන් කළේය.

නිවැරදි වේලාවට නිවැරදි ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් ආණ්ඩුව පිහිටුවීමට තම පක්ෂය සුදානම් බවද හෙතෙම කියා සිටියේය.

102,748 views

24 Comments to “ආණ්ඩුවේ 50ක් විපක්‍ෂයට… බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    රාජපක්ෂලා එලවන්න හිතුව මදි. පොහොට්ටුවෙ ජය නියතයි. පුටානෝ අනාතයි

  2. de silva says:

    Is this what we need at this moment. There is no end to the greed of minorities who migrated seeking a better life. Its money, money and money. The problem is Sri Lanka will never become their motherland and they cannot love it or have responsibility. They take all they want, disgrace the country and go away to better places taking all they can take.

Main News