ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීට නෑ.. – දේශීය ආයෝජකයින්

February 22, 2017 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීට නෑ.. – දේශීය ආයෝජකයින්

එකම ව්‍යවසායකින් කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණගැසී රටේ ආර්ථිකය සම්බන්ධයව මෙන්ම හම්බන්තොට ආයෝජන සම්බන්ධයව කතා කිරිමේදී ජනාධිපතිගේ ප්‍රතිපත්තිවලට ඉදුරාම වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් මෙන්ම ආයෝජන සැලසුමක් අමාත්‍ය මලික් සමරවික්‍රම යෝජනා කිරිමෙන් සම්මුති ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්ති පැහැදිලි වී ඇත.

පසුගිය පාලන සමයේදී දේශිය ආයෝජකයින් සඳහා හම්බන්තොට වරාය ආශ්‍රිතව ආයෝජන සඳහා ප්‍රමුඛස්ථානය දී කටයුතු කිරීම නිසා විදේශීය ආයෝජන විශාල ප්‍රමාණයක් ශ්‍රීලංකික ව්‍යවසායකකින් සමග හවුල් ආයෝජන වශයෙන් ආරම්භ කිරිමට ගිවිසගෙන තිබුනි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු ද එම රජය විසින් සූදානම් කොට තිබුණි.

එහෙත් හම්බන්තොට වරාය ඇතුළු සියලු ඉඩම් චීනයේ සමාගමකට පැවරීමට වත්මන් ආණ්ඩුව ගිවිසගෙන ඇති බැවින් ඒ සඳහා ආණ්ඩුවට තවදුරටත් මැදිහත් විය නොහැකි බවත් ඉදිරි මාස දෙක තුල චීනය සමාගම සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කරන ලෙස උපායමාර්ග හා ව්‍යවසාය අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගිය සතියේදී මෙම දේශිය ආයෝජකයින්හට පවසා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විධායක බලය සහිතව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වුවත් රජයේ වැඩපිළිවෙළ සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ඔහුට ලබාදී නැති බව මෙයින් ඉතා පැහැදිලි බව එමා සාකච්ඡාවල සහභාගි වු දේශීය ආයෝජකයින් ගේ මතය වී ඇත.

හම්බන්තොට ආයෝජන කිරීමට ඉදිරිපත් වී ඇති දේශීය ව්‍යවසායකයින්ට ඇමති මලික්ගේ උපදෙස් ජනාධිපතිගේ උපදෙස්වලට හාත්පසින්ම වෙනස් වීම නිසා මෙම අදහස් මතුව ඇත.

6 views

10 Comments to “ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීට නෑ.. – දේශීය ආයෝජකයින්”

  1. asaranaya says:

    අට පාස් මනුසත්වයාට මොන මොලයක්ද? පව් බන්

  2. රාහුල කොලුවා says:

    කලින් හිටපු ඡනාධිපතිවරියක් සෝබෝන් විශ්ව විද්‍යාලටත් ගියාලු… හැබැයි එයා යන කොට ආර්ථිකේ රින කරලා ගියා කියල කිව්වේ අපේ එස්.බී ඇමතිතුමා… හැබැයි ඉතින් දැන් ආර්ථිකේ මෙහෙය වන්නේ මෛත්‍රී නෙවෙයිනේ… අපේ රාඡකීය ලොක්කනේ…

  3. Kolitha says:

    Paw…asaranaya…..

    • asaranaya says:

      පින්ගුත්තරයයි පඹයයි හරි ජයට ඩිජිටල් කරනවලු, පව් බන්! කොලිතයෝ

  4. Dickie Bird says:

    This is to protect Malik Samararay’s businesses (factories) in Guangdong Province he wants to sell the hambantota to a Chinese company in Hong Kong ignoring the SOE signed by Mahinda.

    This is the long and short of it. SELL THE HAMBANTOTATA AND EVERYTHING ELSE IN THE COUNTRY TO THE CHINESE TO PROTECT MALIKS BUSINNESSES IN SHENZHEN IN GUANGDONG PROVINVE IN CHINA.

    So…….. this is not love for the country but to Self.

  5. singha says:

    08ට පාස් මැට්ටෙකුට මුදල් සහ බලය ලැබුනහම නීතියක්,ජාතියක්,ජම්මයක් ඌට
    තේරෙයිද?විනිසුරුවරුන්,නීතිවේදීහු මොහුට ලිපි ලිවීමත් ඉමහත් විහිලුවකි මෝඩයෙක ඉදිරියේ වියතුන්, බුද්ධිමතුන් දන නමනා ලොව එකම රට ලංකාවයි.මහජන ඡන්දය යනු
    කුමක්ද? යන්නවත් මොහුට නොතේරෙයි.මොහු තවෙකෙකු
    විසින් මැටියෙන් තැනූ සිතුවමකි.නියම සිංහළයින් නම්
    මොහුට ජනපති කියා කියන්න එපා. මොකද එයත් සාඩම්බර
    අපේ සිංහළ ජාතියට කරනා ද්රෝහී ක්රියාවක් යැය මාගේ හැඟීමයි
    නියම සිංහළයිනි තම දරුවන්ටත් මොහුට ජනපති කියා කියන්න
    දෙන්න එපා.ගැලපෙන එකම නම හීන් බබා සීයයි.ඒ තරමටම මොහු මෝඩයෙකි.මොහුට හොද හඩක් සහ
    ඒකාකාරී වචන මාලාවක් ඇත.මොලයක් නැත.මුදල්ඇත,අපේ කමක් නැත. නිවටකමක් ඇත.කවට රජෙක් ඇත .රට එකම තැන පල්ව ඇත.
    තවද මොහුට ලක්ශ,කෝටි වශයෙන් මිස මිලියන,බිලියන යන වචනවල තේරුමවත් මොහු නොදනී. රටේ බුද්ධිමතුන් මේ මැට්ටාට අතිගරු කියා කීමට ඔවුන් මොනතරම් පවක් කරලා ඇත්ද?

  6. Nalika says:

    Ekekta igenagenath mole naha anikata nugath nisa mole naha. Maru gon bana . Ane mehemath wigadam.Rukada natawanna kiyapu charitha deka.

Main News