ආණ්ඩුවේ ඉතිරි ශ්‍රීලනිප පිරිසෙන්ද බහුතරයක් විපක්ෂයට.. ඉතිරි පිරිස එජාපයට..
May 24, 2018 at 2:10 pm | lanka C news
ආණ්ඩුවේ ඉතිරි වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසෙන් බහුතරය ඉදිරි කාලය තුල ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්වීමට නියමිත බව 16 කණ්ඩායමේ ආරංචි මාර්ග කියයි.
මෙම තීරණයට විරුද්ද ප්‍රබලයන් දෙදෙනෙකු ඇතුළු කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට අනතුරු අගවා ඇත.
මෙම තත්වය සමනය කිරීම සදහා ශ්‍රිලනිප හා සන්දාන මහ ලේකම්වරුන් ඉවත් කර අලූතෙන් පත් කිරීමට සූදානමක් ඇතැයිද සදහන්ය.
ශ්‍රීලනිපයේ ප්රතිසංවිධානයක් කරන්නේ නම් එය කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව යයි 16 කණ්ඩායමේ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිස දැඩිව කියා සිටීමත් සමග මෙම තත්වය හටගෙන ඇතැයිද පැවසෙයි.
ආණ්ඩුවේ ඉතිරි ශ්‍රීලනිප පිරිසෙන්ද බහුතරයක් විපක්ෂයට..
ඉතිරි පිරිස එජාපයට.
චන්ද්‍රිකා..කුණු කුඩේට…..
තාත්ත හදපු…..අම්ම ගොඩනගපු ඒ ස්‍රි ලන්ක නිදහස් පක්සය කැව දුව ලෙස චන්ද්‍රිකා ඉතිහාසගත වෙනව….2015 ජනවාරි 8 වෙනස මාරයි…..පක්සෙ බලය අරගෙන රටට කෙලින්න ආපු දුවටයි සිරාටයි වෙච්චි දෙ ,,,,
ශ්‍රීලංකා නිදහස් පක්ෂය සිරිසේන පොළොන්නරුවේ වලදමා ඉවරයි