ආණ්ඩුවේ උවමනාවට මැතිවරණ කොමිසම නීතිය බිම ගෑවෙන්නම නමයි.. මැතිවරණය තවත් කල් දමයි..

December 4, 2017 at 10:39 pm | lanka C news
ආණ්ඩුවේ උවමනාවට මැතිවරණ කොමිසම නීතිය බිම ගෑවෙන්නම නමයි.. මැතිවරණය තවත් කල් දමයි..

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ පෙබරවාරි 09 වැනිදා යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කිරීම මගින් ඔහු මැතිවණ කොමිසමේ රාජකාරියක් පවරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එමගින් අගමැතිවරයා සිදුකර ඇත්තේ මැතිවණ කොමිසමේ ස්වාධීනත්වයට සෘජුවම ඇගිලි ගැසීමක් යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මැතිවණය පවත්වන බව කියන දිනය සම්බන්ධයෙන්ද විශාල ගැටළුවක් ඇති බවත් හැතිවරණ කොමිසම කල යුත්තේ පනත අනුව නාම යෝජනා කැදවීමෙන් පසු සති පහකට නොඅඩු සති හතකට නොවැඩි දිනයක මැතිවරණය පැවැත්වීම බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඒ අනුව මැතිවරනය සදහා මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93 සදහා මැතිවරණය පැවැත්විය යුත්තේ ජනවාරි 18 හා පෙබරවාරි 01 වනදාත් අතර දිනයක බවත් පෙන්වා දෙන ඔහු එසේ තිබියදී අගමැතිවරයා විසින් පෙබරවාරි 10 දා මැතිවරණය පවත්වන බව පවසන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරයි.

මෙහිදී මුල් කොට්ඨාශ 93 සදහා මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා කැදවා අවසන් කරන දින මැතිවරණය ප‍්‍රකාශයට පත් නොකර තවත් දින 09ක් කල් දැමීම තුලින් පෙබරවාරි 10 වන දින තෙක් මැතිවණය කල් දමන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව මැතිවරණ කොමිසම පෙබරවාරි 01ට පෙර පැවැත්විය යුතු මැතිවරණය නීතිය පොලොවේ ගෑවෙන්නම නමා පෙබරවාරි 10 වැනි දිනට කල් දමනු ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

මැතිවරණ කොමිසම විසින් මේ ආකාරයේ කටයුත්තක් කරන්නේ සෘජුවම ආණ්ඩුවේ උවමනාවට යයිද ඔහු වැඩි දුරටත් චෝදනා කරයි.

61 views

4 Comments to “ආණ්ඩුවේ උවමනාවට මැතිවරණ කොමිසම නීතිය බිම ගෑවෙන්නම නමයි.. මැතිවරණය තවත් කල් දමයි..”

  1. Warnann says:

    Nekathata chande think koi kaleda..

  2. Bend To Bend says:

    දේශප්‍රිය මාම දැන් දේශ අප්‍රිය වෙලා.අපි කියන්නෙ ඔක්කෝටම කලින් ඔය රැවුල කපල මූණ හෝදගන්න​.ඊට පස්සෙ වැඩි දත් ටික අපි ගලවන්න කලින් ආණ්ඩුවෙ ඉන්න ලොකුම දත් දොස්තරට කියල ගලවගන්න​.ඉතුරු දත් ටික හොඳට මැදල මූණට පව්ඩර් ටිකක් ගාල සිරිදේවිය බැල්ම හෙලන මූණක් හදා ගන්න​.ඊට පස්සෙ මුට්ටි ඇල්ලිල්ල නවත්වන්න​.ඊට පස්සෙ චන්දෙට දිනයක් දා ගන්න​.බැරි නම් ඔය වැඩේ පොඩි ළමයෙකුට බාර දීල මාම ගෙදර යන්න​.පොඩි ළමයි අවංකයි,ස්වාධීනයි,,,,,,,,,,,

    • vishnu says:

      ඊට පස්සෙ mic වලට ඉස්සරහින් වීදුරුවකුත් දාන්න වෙයි
      නැතිනම් මුගේ කෙල විසිවෙනවනෙ හතර අතේ.

  3. PISSU PUSHA says:

    This man is good to wash RANILs back as he is robbing our voting wrights day by daytelling all rubbished

Main News