ආණ්ඩුවේ කාබනික පොහොර වැඩපිළිවෙළ අසාර්ථකයි.. ගොවි ජනතාව සමග පාරට බහිනවා..- ශ‍්‍රීලනිප මූලස්ථානයේ මාධ්‍ය හමුවක්..

July 21, 2021 at 2:10 pm | lanka C news
ආණ්ඩුවේ කාබනික පොහොර වැඩපිළිවෙළ අසාර්ථකයි.. ගොවි ජනතාව සමග පාරට බහිනවා..- ශ‍්‍රීලනිප මූලස්ථානයේ මාධ්‍ය හමුවක්..

කාබනික පොහොර සම්බන්ධ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථක බවත්,ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ගොවි ජනතාව මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ගොවි ජනතාව සමග අරගල කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් අරුණ දේශප්‍රිය පැවසුවේය.

කාබනික පොහොර භාවිතය නිසා ගොවීන්ට ඇතිවන ගැටලු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.

‘කාබනික ගොවිතැන සම්බන්ධ කටයුත්තට අද සම්බන්ධ කරගෙන ඉන්නේ කෘෂිකර්මාන්තයට ඝෘජුව සම්බන්ධ නොමැති විද්වතුන් පිරිසක්. ආණ්ඩුව කඩිනමින් කාබනික ගොවිතැනට යෑම ගැන අපි විරුද්ධයි. ලෝකයේ කිසිදු රටක් සියයට සියයක්ම කාබනික ගොවිතැන කරන්නේ නෑ. ගොවියාට කාබනික පොහොර බෙදීමෙන් පමණක් කාබනික ගොවිතැන සාර්ථක වන්නේ නෑ. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට මේ අයුරින් කටයුතු කිරීම මගින් සිදුවන්නේ අස්වැන්න අඩුවීමෙන් ගොවීන්ට සහණාධාර ලබාදීමට සිදුවීම පමණක් නොව පිටරටින් ආහාර ආනයනය කිරීමට සිදුවීමයි.

කාබනික පොහොර ගැන ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථකයි. මේ සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නෑ. මේ තත්ත්වය මෙලෙස පැවතුණොත් ජනාධිපතිවරයාට තවත් වසර පහක් බලයේ ඉන්න ඡන්දය දෙන්න ගොවි ජනතාව සූදානම් නෑ. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ගොවි ජනතාව මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ගොවි ජනතාව සමග අප අරගල කරනවා’

– aruna

36,439 views

8 Comments to “ආණ්ඩුවේ කාබනික පොහොර වැඩපිළිවෙළ අසාර්ථකයි.. ගොවි ජනතාව සමග පාරට බහිනවා..- ශ‍්‍රීලනිප මූලස්ථානයේ මාධ්‍ය හමුවක්..”

  1. රාගම එදිරිමුණි says:

    පක්ෂය රනිල්ට උගස් තියලා නැති බංග වෙච්ච අඩුව මේ වෙලාවේ බොර දියේ මාළු බාල පුරවගන්න හදන්නේ.පක්ෂයට කරපු විනාසය එහෙම ලේසියෙන් ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා නම් එක මිත්‍යාවක්.

  2. Dengu Nona says:

    Parlimenthuwata Harak tikak yawalaa thibunaa nam Goma pohora tikak wath ekathu koraganna thibuna.

  3. Planter says:

    This is what happens when arbitrary decisions are taken without stakeholder consultation…. It should be clear to everybody -by now- that Organic solution cannot be forced upon our farmers…. The ground situation is totally different to Colombo based media shows.

  4. Boo says:

    යහපාලනයක් ගෙනෙල්ලා රට කාලා මහ පාරට වැටුණු උන්ට කොහොමත් අයිති මහ පාරම තමයි. ආයෙ අමුතුවෙන් පාරට බහින්න ඕන නෑ.

  5. Gangabadaya says:

    ශ්‍රීලනීප මන්ත්‍රී ඔක්කෝම ගියත් අවුලක් නැහැ.මොකද වාසියට තමයි වැඩ කරන්නේ.

  6. ජනජය says:

    උඹල වගේ එවුන් බොලගෙ ඔය පක්සෙ ඉන්නව කියල දන්නෙත් අදයි…රටේ ගොවිතැන නවත්තන්න ආපු වික්කාම සිංහ එක්ක බුදිය ගන්න ගියා නේද මීක් නැතිව …දැං එනව මෙතන දික් කරගෙන …!

    • එක පුලියේ says:

      ඉතින් යකෝ මොන උඹලා කුලියට කැස්සට මොකෝ යකෝ එහෙනම් මේ ආණ්ඩුවෙන් වික්‍රමසිංහ යාව ආපහු ගත්තේ…

  7. Ayotallah says:

    What has happened to Ranil Maithreepala government will awaits for SLFP at the next elections. They will get wiped out like the UNP who were in power with 106 parliamentary seats but were reduced to ZERO and a similar fate awaits SLFP. This was caused by the elevation of Maithreepala as head of government who were not accepted by either Colombo or outstation Sinhalese majority

Leave a Comment

Main News