ආණ්ඩුවේ ගැටුම් උග‍්‍රයි.. ජනපති-අගමැති එලිපිට ගැටුම්..

July 10, 2017 at 11:20 am | lanka C news
ආණ්ඩුවේ ගැටුම් උග‍්‍රයි.. ජනපති-අගමැති එලිපිට ගැටුම්..

සුරපුරයට යාමට සිතා ආණ්ඩුවේ බසයට ගොඩනැගුණු මැති ඇමැතිවරුන් සුරපුරයට නොයා කනත්තට ඇදෙන බස් රථයෙන් පැනගැනීමට මාන බලමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් දවසින් දවස උග්‍රවෙමින් යන බව පැවසූ රණතුංග මහතා මැති ඇමැතිවරුන් අතර තිබුණු ගැටුම් දැන් ජනාධිපති සහ අගමැති අතරටත් පැතිරී ඇති බවත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කීවාක් මෙන් ඉදිරියේ දී ආණ්ඩුවේ තව තවත සෙල්ලම් බලා ගැනීමට ජනතාවට හැකි වනු ඇති බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ හමුවකට උඩුගම්පොළ  නිවසේ දී එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘අවුරුදු දෙකහමාරක් තුළ රටම විනාශ කරපු යහපාලන හවුල් ආණ්ඩුවේ කාලය දැන් අවසන් වෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේ දී අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට බැන වැදුණා කියලා අපි පත්තරවලින් දැක්කා. ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් දැන් බරපතළ තත්ත්වයකට ඇවිත් තිබෙනවා කියලා ඒකෙන් පේනවා. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය දැන් එළියට ඇවිත් ඉවරයි..

මේ හවුල් ආණ්ඩු අටමගල අටවා ගන්නකොටම අපි කිව්වා ඕක නම් හරියන දීගයක් නෙමෙයි කියලා. ආණ්ඩුවක් හදන්න තියෙන බලලෝභය නිසා එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකට ගැට ගැහුවා කියලා රටට වෙන සෙතක් නැහැ. මේ පක්ෂ දෙක ප්‍රතිපත්ති දෙකක් මත ක්‍රියාත්මක වන පක්ෂ දෙකක්. ඒක හරියට එළ හරකයි මී හරකයි එකට නගුලේ බැන්දා වගේ වැඩක්.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කොටවත් මේ අයට රට ගොඩනැගීම ගැන කිසිම ඉදිරි සැලැස්මක් තිබුණේ නැහැ. තිබුණ එකම අරමුණ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පමණයි. පළිගැනීම සහ වෛරය මුල්කරගෙන බලයට ආපු මේ ආණ්ඩු‍වේ එකම ඉලක්කය වුණේ රාජපක්ෂලා පරාජය කරලා, රාජපක්ෂලා හිරේ දාලා බටහිර ජාතීන්ගේ සහ දෙමළ අන්තවාදීන්ගේ වුවමනා ඉෂ්ඨ කරන එක විතරයි.

හැබැයි පරාජය වුණ මහින්ද මහත්තයා වටේ දිනපු මහින්දට වඩා ජනතාවක් ඒකරාශී වුණ එක මේ අයට බරපතළ ගැටලුවක් වුණා. ජනාධිපති වෙලා හිටියාට වඩා ශක්තිමත් නායකයෙක් ජනාධිපතිවරණයේ පරාජය තුළින් බිහිවීම මේ අයට අදහා ගන්න බැරි වුණා. මහින්ද මහත්තයා මේ තරම් ශක්තිමත් වුණේ නැත්නම් රටේ ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් බිහිවුණේ නැත්නම් අද මේ ආණ්ඩුව රටම විනාශ කරලා ඉවරයි.

බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරන, ඒකීය රට එක්සත් රටක් බවට පත් කරන රට බෙදෙන ව්‍යවස්ථාවට එරෙහිව අද රටම නැගිටලා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂය කළ දැනුවත් කිරීම් නිසයි. මීට අවුරුද්දකට කලින් අපි මේ ව්‍යවස්ථාව ගැන මිනිස්සුන්ට කියනකොට ආණ්ඩුව කිව්වේ එහෙම ව්‍යවස්ථාවක් හදන්න හිතලාවත් නැහැ කියලයි. සමහරු අපට හිනා වුණා උපදින්නත් ඉස්සර දරුවන්ට කේන්දර හදනවා කියලා.

අද හැමෝට පිළිගන්න වෙලා තියෙනවා අපි කියපු දේ ඇත්ත කියලා. මේ ආණ්ඩුව රටටත් ජනතාවටත් ද්‍රෝහීකම් කරන්න හදපු හැම අවස්ථාවකම ඒකාබද්ධ විපක්ෂය පමණයි ඒවාට එරෙහිව නැගී සිටියේ. රටේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් හැමදාම කළේ ආණ්ඩුවේ පදයට නටන එකයි. රටේ නිල විපක්ෂය කටයුතු කළේ ආණ්ඩුවේ හීලෑ කුක්කන් වගෙයි. ආණ්ඩුව කියන වෙලාවට නැට්ට වනනවා එහෙම නැත්නම් බුරනවා.

ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු විපක්ෂ නායකකමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් මේ හීලෑ කුක්කන්ට පිරිනමලා ආණ්ඩුව රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කළා. ඔය පක්ෂ දෙකටම වඩා දෙගුණයකටත් වඩා මන්ත්‍රීවරුන් ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ වේලාව ලබා නොදෙමින්, නොයෙකුත් කෙණෙහිලිකම් කරමින් මර්දන කරන්නයි ආණ්ඩුවට ඕනෑ වුණේ.

රටටත් ජාතියටත් කරපු, කරන්න හදපු ද්‍රෝහිකම් දැන් ආණ්ඩුවට පළ දෙන්න පටන් අරගෙන. එක පැත්තකින් පක්ෂ දෙකේ ඇමැතිවරුන් මරා ගන්නවා විතරක් නෙවෙයි ජනාධිපති අගමැති අතරත් දැන් ගැටුම් ඇරැඹිලා. ඕවට තමයි කළ කම් පල දෙනවයි කියන්නේ. එළිවෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම් කිව්වා වගේ මේ ආණ්ඩුව කරවන අයගේ තව ‍තව දේවල් ඉදිරියේ දී බලා ගන්න පුළුවන් වෙයි.

සභාග ආණ්ඩුවේ බස් එක දැන් යන්නේ කනත්ත පැත්තට. සුරපුරයට යන්න හිතලා ආණ්ඩුවේ බස් එකට නැගපු අයට දැන් දෙවියන් සිහිවෙලා බස් එකෙන් බහින්න ක්‍රම හොයනවා. ඉදිරි මාස දෙක තුන ඇතුළේ බලා ගන්න පුළුවන් කනත්තයට යන බස් එකේ ඉතුරු වෙන්නේ කවුද කියන එක. ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමීන්ගේ තරමත් ජනතාවට එදාට බලා ගන්න පුළුවන් වෙයි.

ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුයි මුළු රටෙන්ම තමන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි කියන එක. ජනතාව දැන් ආණ්ඩුවට සාප කරනවා. තමන් එදා ජනාධිපතිවරණයේ දී ගත්තු වැරැදි තීරණය ගැන පසුතැවෙනවා. මිනිස්සු දැන් ඉන්නේ දෙන්නම් බැටේ කියන මානසිකත්වයෙන්. එන්න එන්නම මේ තත්ත්වය වර්ධනය වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

කයිවාරු ඇමැතිවරුන් රජකරන ආණ්ඩුවෙන් රටට වැඩකුත් නැහැ. ජනතාවට වැඩකුත් නැහැ. දැන් රටට ඕනේ දේශප්‍රේමී, කාර්යශූර ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් රටම ඉල්ලන ඒ ආණ්ඩුව හදන්න අපි සූදානම්. දැන් කසකාරයෝ එනවා. ඉදිරි මාස දෙක තුනේ දී පෙරහැර බලාගන්න රටටම අවස්ථාව උදාවෙයි කියලා අපි විශ්වාස කරනවා’

– ප‍්‍රදීප් අනුර කුමාර

56 views

7 Comments to “ආණ්ඩුවේ ගැටුම් උග‍්‍රයි.. ජනපති-අගමැති එලිපිට ගැටුම්..”

  1. gadol says:

    තන්හාය ජායතී සොකෝ… මල්ලී ඔහොම නොකරන් මගේ ආණ්ඩුවට…

  2. Saradiel says:

    ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි – අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම

  3. Nandasoma says:

    හැබැයි පරාජය වුණ මහින්ද මහත්තයා වටේ දිනපු මහින්දට වඩා ජනතාවක් ඒකරාශී වුණ එක මේ අයට බරපතළ ගැටලුවක් වුණා. ජනාධිපති වෙලා හිටියාට වඩා ශක්තිමත් නායකයෙක් ජනාධිපතිවරණයේ පරාජය තුළින් බිහිවීම මේ අයට අදහා ගන්න බැරි වුණා. මහින්ද මහත්තයා මේ තරම් ශක්තිමත් වුණේ නැත්නම් රටේ ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් බිහිවුණේ නැත්නම් අද මේ ආණ්ඩුව රටම විනාශ කරලා ඉවරයි.

    මේක තමයි ඇත්ත!

  4. sam says:

    Tel me one person other than the thieves who robbed the country wanted Mahinda to come back.

    • Gayantha says:

      2 years gone n you guys could not even find a single lambhoginin or a robbed penny ! Rajapaksha’s should take legal action against all those who made false aligations once they come back to power.
      Everyone knows the real theives of the central bank.
      Ranil, Ravindran n mahendran international bank cleaners !

  5. Mahasona says:

    සිරිසේන -රනිල් දෙමල කොටි ඩයස් පෝරාවේ නටවන රුකඩ දෙකක් …මේ ආණ්ඩුව ඉක්මනින් ඉවත් කල යුතුයි
    සිහලුනේ අවදිවෙව්

  6. SALMAL says:

    It’s funny. People don’t want YAHAPALANA POLITICAL drama 365 days a year
    They create their own storms , then they get upset when it rains …
    People who create their own drama deserve their own karma