ආණ්ඩුවේ චණ්ඩි ගිහින් සෝමාලි කොල්ලකරුවන්ගෙන් ලාංකිකයන් බේරාගනු.. ලිඛිත ඉල්ලීමක් කලොත් මං යනවා..- ඇවන්ගාඞ් අධිපති
March 15, 2017 at 2:10 pm | lanka C news
සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවේ සිටින ශ්රී ලාංකිකයන් බේරා දෙන ලෙස ආණ්ඩුව ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ඒ සදහා මැදිහත් වන බව ඇවන්ගාඞ් මුහුදු ආරක්ෂන සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
එදා ඇවන්ගාඞ් සමාගමට අවලාද නැගූ ඕනෑම චන්ඩියෙකුට හැකිනම් හැකි නම් අද ගොස් එම නෞකාව හා ශ්රී ලාංකිකයන් බේරාගන්නා ලෙසද ඔහු අභියෝග කරයි.