ආණ්ඩුවේ නීති ඔස්තාර්ලා රැලම හාන්සියි.. ගම්මන්පිලගේ තර්කයෙන් නොකවුට්..

February 2, 2018 at 2:29 am | lanka C news
ආණ්ඩුවේ නීති ඔස්තාර්ලා රැලම හාන්සියි.. ගම්මන්පිලගේ තර්කයෙන් නොකවුට්..

බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් වූ කොමිෂන් සභා වාර්තාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දුෂණ වරදකට වරදකරු කර නැති බව ඉතා පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අවම වශයෙන් දුෂණ චෝදනා යටතේ නඩු පවරන්න යයි කියා හෝ නිර්දේශ කර නැති බවද ඔහු පෙන්වා දෙයි.

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පුන පුනා කියන කාරණයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහිමි කිරීමට බරපතල වංචා පිළිබඳ කොමිසම නිර්දේශ කර තිබෙනවා කියන එක.  මම වාර්තාවේ එහෙම දෙයක් නෑ කියලා තිබෙනවා නම් ඒක තිබෙන පිටුව නම් කරන්න කියා අභියෝග කලා. එම අභියෝගය බාර අරගෙන  ඒකට පිළිතුරු දෙන්න නීති විශාරදයින් තිදෙනෙක් ඉදිරිපත් වුණා.  ඒ ජනාධිපති නීතිඥ පා ච රණවක,  නීතිය පිළිබඳ මහචාර්ය මහින්ද සමරසිංහ සහ හිටපු අගවිනිසුරු අජිත් පෙරේරා යන මහත්වරු.  අනිත් කට්ටියට නීතිය වැරදීම මට හිතා ගන්න පුළුවන්.  ඒත් මගේ උගත් මිත්‍රයා අජිත් පෙරේරා මැතිතුමාට මෙහෙම වරදින එක ගැන හිතට දුකයි.

මේ අය කියන විධියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න යැයි කොමිසම නිර්දේශ කරලා.  අජිත් පෙරේරා ඇමතිතුමා කියන විධියට ඒක තිබෙන්නේ 148 සහ 149 පිටු වලයි.  මොකද්ද ඒ පිටුවල කියන්නේ? ගම්මන්පිල මහත්තයා වරද්දගෙන කියලා එතුමන් තව දුරටත් සදහන් කරනවා. මොකක්ද මේ පිටුවල කියන්නේ. දැනට තිබෙන නීතිය අනුව අල්ලස්  චෝදනාවකට වැරදිකරු වන අයෙකුට අවුරුදු හතකට ඡන්ද අයිතිය අහිමි වෙනවා. වසර හතකට පසුව නැවත මේ අයට දේශපාලනයට එන්න පුළුවන්. අල්ලස් වරදක් මෙන්ම දූෂණයක් කළ බව ඔප්පු වුණු අයෙකුට ද අවුරුදු හතකට නොව ජීවිත කාලයටම ඡන්ද අයිතිය අහිමි කළ යුතුයි කියා නිර්දේශ කර තිබෙනවා.

මුලින්ම කියන්න ඕනෑ ඡන්ද අයිතිය කියන්නේ ප්‍රජා අයිතියට නොවන බවයි.  ඡන්ද අයිතිය කියන්නේ මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමටත් තරග කිරීමටත් ඇති අයිතියටයි.  නමුත් ප්‍රජා අයිතිය කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්.  1978 අංක 4 දරණ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනතේ 9(3) වගන්තියේ ප්‍රජා අයිතිය නිර්වචනය කර තිබෙනවා.  එයට ඡන්ද අයිතියට අමතරව රාජ්‍ය ආයතනයක යම් තනතුරක් දැරීමේ අයිතිය ද අයත් වෙනවා. ඒ නිසා ඡන්ද අයිතිය අහිමි කරනවා කියන්නේ ප්‍රජා අයිතිය අහිමිකිරීම නෙවෙයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ වරදකට වැරදිකරු වෙලා නෑ.  අවම වශයෙන් දූෂණ චෝදනා යටතේ නඩු පවරන්න කියා වත් නිර්දේශ කර නෑ.  ඉතාම පදනම් විරහිතව නමුත් රාජපක්ෂ මැතිතුමාට නඩු පවරන්න නිර්දේශ කර ඇත්තේ දූෂණයට අනුබල දීම කියන වරදට.  ඒ සඳහා ප්‍රජා අයිතිය තබා ඡන්ද අයිතිය වත් අහිමි කිරීමට නිර්දේශ කර නෑ. දැනට පවතින නීතියෙන් එසේ අහිමි කරන්නත් බෑ. එවැනි නීතියක් ගෙන ආ යුතුයි කියලාවත් කොමිසම විසින් නිරිදේශ කරලත් නෑ.  දූෂණයට අනුබල දුන් බවට නඩු පවරන්න කිව්වාට එයට පදනම් කරගත් සාක්ෂි මොනවා ද කියන එක උපුටා දක්වමින් සාක්ෂි අනුසාරයෙන් සාක්ෂි උපුටා දක්වමින් හේතු දැක්වීමට මේ  කොමිෂන් සභා වාර්තාව සමත් වී නෑ.  අපි දන්නවා නඩුකාරවරුන් වාර්තාවක් ලියද්දී තමන්ගේ නිගමනයට පැමිණීම ගැන හේතු දැක්වීමක් කරනවා. ඒක අපි බැදුම්කර වාර්තාවේ හරි අපූරුවට දකිනවා. ඒක මේ වාර්තාවේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක මේ නඩුකාරමහත්වරු ලියපු වාර්තාව නෙවෙයි. මේක ව්‍යාජව සකස්කරන ලද වාර්තාවක් කියලා.  ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්නට නිර්දේශ කර තිබෙන පිටුව කුමක්දැයි නිශ්චිතව නම් කරන මෙන් මම නැවත වතාවක් අභියෝග කරනවා.

පා ච රණවක මැතිතුමනි, මට කරුණු පැහැදිලි කරන්න පුළුවන්.  නමුත් ඒක තේරුම් ගන්න මොළයක් දෙන්න විධියක් නෑ.

ඒ වගේම අජිත් පෙරේරා මැතිතුමා කියනවා ජනාධිපතිවරයෙකුට හිමි වන මුක්තිය අපරාධ වැරදි සම්බන්ධයෙන් අදාළ වන්නේ ධූරය දරණ කාලයට පමණයි කියා.  මට ජනාධිපතිතුමාගේ භාෂාවෙන්ම උත්තර දෙනවා නම් කියන්න වෙන්නේ බම්බුව තමයි කියලා.  ඒ සම්බන්ධයෙන් තිබෙන විධිවිධානය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය අතිශයින්ම පැහැදිලියි. මම එය හැමෝටම ඇසෙන්න කියවන්නම්. අජිත් පී පෙරේරා මැතිතුමන්ටත් මේක ඇසේවා කියා ප්‍රාර්ථනා කරනවා.

යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරණ අවස්ථාවක දී ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වා ගෙන යෑම නොකළ යුත්තේය.

දැන් ඔන්න අජිත් පෙරේරා මැතිතුමනි, අපරාධ නඩු සම්බන්ධයෙන් මුක්තිය අදාළ නැති බවට ව්‍යවස්ථාවේ කියා තිබෙන වගන්තිය අපට උපුටා දක්වන සේක්වා.

– අරවින්ද අතුකෝරල

96 views
Main News