ආණ්ඩුවේ මැතිඇමතිවරුන් දිගින් දිගටම අධිකරණයට බලපෑම් කරන බව පැහැදිලියි..

February 8, 2017 at 7:06 am | lanka C news
ආණ්ඩුවේ මැතිඇමතිවරුන් දිගින් දිගටම අධිකරණයට බලපෑම් කරන බව පැහැදිලියි..

ආණ්ඩුවේ මැතිඇමතිවරු අධිකරණ තීන්දු පිළිබඳව තැනතැන සිදුකරන ප්‍රකාශ දෙස බලනවිට ඔවුන් අධිකරණයට දැඩි දේශපාලන බලපෑම් සිදු කරන බව ඉතා පැහැදිලිව පෙනෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා තවත් දින 13කට රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කලේය.

” ගරු අධිකරණයේ තීරණය අනුව විමල් වීරවංශ මැතිතුමන් පෙබරවාරි 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. ආණ්ඩුවේ මැතිඇමතිවරු අධිකරණය දෙනු ලබන නඩු තීන්දු ගැන දැන් කල්තියාම ප්‍රකාශ නිකුත් කරමින් යනවා. ඒ නිසා අපිට පැහැදිලිව පෙනෙනවා මේ ආණ්ඩුව අධිකරණයට දැඩි බලපෑම් එල්ල කරමින සිටින බව.

රනිල් වික්‍රමසිංහ මහත්තයගේ දේශපාලන තීරණය විමල් වීරවංශ මහතා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමනම් එය අපි හෙළා දකිනවා. ඒ වගේම ගරු අධිකරණයේ තීරණයට ගරු කරනවා ”

– අනුරුද්ද බණ්ඩාර

24 views
Main News