ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන්….

January 9, 2019 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන්….

වත්මන් ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

ගෙන එනු ලබන ව්යවස්ථාව ෆෙඩරල් ව්යවස්ථාවක් යැයි කියන්නේ අප නොවෙයි. එම් ඒ සුමන්තිරන් මන්ත්රිතුමා උතුරේ රැස්වීමක දෙමළ භාෂාවෙන් කළ කතාවක දී තමයි කියන්නේ මේ ගෙන එනු ලබන ව්යවස්ථාව පෙඩරල්වලටත් එහා ගිය ව්යවස්ථාවක් බව.

පෙඩරල් රටක් වන ඉන්දියාවෙත් ප්රාන්තයක් රටේ නීතියට එරෙහිව කටයුතු කරනවා නම් එම ප්රාන්ත සභාව විසුරුවා හැර ජනාධිපති වරයාගේ ඍජු පාලනයට එය නතු කර ගැනීමේ හැකියාව තියෙනවා.

හැබැයි සුමන්තිරන් මන්ත්රීවරයා කියන විදිහට නම් නව ව්යවස්ථාවට අනුව පළාත්සභාවලට ඇඟිලි ගහන්නට ජනාධිපතිවරයාටවත් බලය නැහැ. ඒ වගේම ආණ්ඩුකාරවරයාටත් කිසිම බලයක් නැහැ. මේක පෙඩරල් ව්යවස්ථාවත් ඉක්මවා ගිය දෙයක් විදිහටයි සුමන්තිරන් මන්ත්රීවරයා පැහැදිලි කරන්නේ.

පෙඩරල් ඉක්මවා ගිය පාලනයකට කියන්නේ කොන් පෙඩරල් පාලනයක් කියලයි. පෙඩරල් පාලනය සිංහලෙන් හැඳින්වෙන්නේ සන්ධීය පාලන ක්රමයක් විදිහටයි. කොන් පෙඩරල් පාලනයක් කියන්නේ සහසන්ධීය පාලන ක්රමයකටයි. මොකක්ද මේ දෙක අතර ඇති වෙනස.

පෙඩරල් පාලනයකදී රාජ්යයේ කැමැත්තකින් තොරව කිසිම ප්රාන්තයකට වෙනම රාජ්යයක් බවට පත් වීමේ හැකියාවක් නැහැ. නමුත් මේ කොන් පෙඩරල්පාලනයක් තුළ දී එනම් සහසන්ධීය රාජ්යයක දී තම කැමැත්තෙන් පමණක් වෙන්ව යෑමට ප්රාන්තයකට පුළුවන්.

දැනට කොන් පෙඩරල් රාජ්යයකට උදාහරණයක් විදියට තියෙන්නේ යුරෝපා සංගමයි. ඒ අයට වෙනම පාර්ලිමේන්තුවක් තියෙනවා. විධායක අමාත්ය මණ්ඩලයකුත් ඉන්නවා. යුරෝපා සංගමයට බලපාන පොදු නීති වලට ඔවුන් සියලු දෙනා යටත් වෙනවා. ඉන් ඉවත්වීමට බ්රිතාන්ය තීරණය කරනවා. නමුත් ඔවුන් ඉවත්ව යෑම නතර කිරීමට අනෙකුත් සාමාජිකයන්ට හැකියාවක් නැහැ.

අලුත් ව්යවස්ථාවේ හැටියට උතුරට හා නැගෙනහිරට ඒකාබද්ධ වෙන්න පුළුවන් බව සුමන්තිරන් මන්ත්රිතුමන් කියනවා. ඒ වගේම ඒ ඒකාබද්ධ වන අයට සහසන්ධීය තත්ත්වයකදී අනෙත් අයගේ කැමැත්තකින් තොරව වෙන්න යන්නත් පුළුවන්. වේළුපිල්ලේ පිරිබාහරන්ටත් ජීවිත විසි අට දාහක් පුදා ලබාගන්නට බැරි වූ දේ නොවේද සුමන්තිරන් මේ උතුරට ලබා දෙමින් සිටින්නේ.

මේ ව්යවස්ථාව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වන මම දැකලවත් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් ඇහුවහම ඔවුන් දැකලත් නැහැ. ඒකයි අපි කියන්නේ ඔහු මේ රටේ නොනිළ අගමැති.

ඔබට මතක ඇති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට අත දිගු කරමින් සුමන්තිරන් මන්ත්රීවරයා බැන වදිද්දී අගමැති රනිල් වික්රමසිංහ අසරණව බලා සිටියා. ඒ නිසා මේ ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන් මන්ත්රීතුමන් හැර වෙන කිසිවෙකුත් නොවේ.

– අරවින්ද අතුකෝරල

58 views

21 Comments to “ආණ්ඩුවේ සැබෑ පාලකයා සැබෑ නායකයා සුමන්තිරන්….”

  1. LION says:

    උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් දැනටමත් උතුරු පළාතේ සිංහලයන්ට ජීවත් වීමට අයිතියක්‌ නොමැති බව පවසයි. එසේම දෙමළ තරුණ තරුණියන්ට සිංහල තරුණ තරුණියන් හා විවාහ නොවිය යුතු බව පවසයි. තවද උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි කිලිනොච්චියේ පෙළපාලි යයි. මෙම ජාතිවාදී ප්‍රධාන ඇමැතිගේ “හැසිරීම” වර්තමානයේ “බලයක්‌ නොමැතිව” මෙසේ නම් ඔහුට “උපරිම බලය” දුනහොත් සිංහලයාට සහ උතුරේ බෞද්ධ උරුමයන්ට අත්වන ඉරණම කුමක්‌ද?

  2. Saradiel says:

    දේශද්‍රෝහියා යනු දේශයට ද්‍රෝහි වන්නාය. ඕනෑම රටක දේශද්‍රෝහීන්ට මරණ දඬුවම දෙන්නේ තම මවුබිමට ද්‍රෝහී වීම අතිශය බරපතළ වරදක්‌ වන බැවිනි. දේශය කෑලිවලට කැඩීමට කුමන්ත්‍රණය කරන්නාද, දේශය ආරක්‌ෂා කරන රණවිරුවා පාවා දෙන්නාද දේශද්‍රෝහී ගණයට දැමෙන්නේ එයින් රට අස්‌ථාවර වී රටේ මතු පැවැත්ම අනතුරට ලක්‌වන නිසාය.

  3. memopad says:

    Thank you for everyone, giving the true picture of this devastating constitution ruining our Country. It’s sad most prominent personalities are remain silent at this crucial moment. The JVP, Hela Urumaya, patriots in the UNP including Sajith Premadasa, The President of Sri Lanka under deep somber.
    Only our Readers of this news
    blog, explain the dying consequences of the physical change of our country effecting lives 22 million of people of this Island.
    We honour you giving this opportunity Lankacnews web media channel.

  4. LION says:

    ජවිපෙ අද දෙමළ ජනතාවගේ අනුකම්පාව සහ ඡන්ද ලබා ගැනීමට මැයි දිනයේදී යාපනයට ගොස්‌ උතුරේ දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය ගැන කතා කරයි. කිසිම රජයක්‌ උතුරේ සංවර්ධනයක්‌ කර නැතැයි පවසයි. යුද්ධයෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය උතුරේ කර ඇති දැවැන්ත සංවර්ධන නොදකින්නේ අන්ධයෙක්‌ පමණි. රටේ සංවර්ධන වේගය එදා 7% ක්‌ වන විට උතුරේ සංවර්ධන වේගය 22% ක්‌ විය. අනුර කුමාර මේ බොරු කියන්නේ කාටද?

    ඔහු අත්වැල් බැඳගත් සුමන්දිරන් මීට දින කිහිපයකට පෙර ඉතා පැහැදිලිව කිව්වේ උතුරේ බුදු පිළිම / පන්සල් සෑදීමට ඉඩ නොදෙන බවය. ඔහු විසින් නාගදීපයේ එවන් ඉදිකිරීම් සිදුවේදැයි බැලීමට මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ද යවා තිබේ. එයට අද වනතුරු ජවිපෙ විරුද්ධත්වය පළ කළේ නැත. සුමන්දිරන් ව හුරතල් කරන අනුර කුමාර එයට විරුද්ධ නොවන්නේ දෙමළ ඡන්ද උදෙසා ය. ජවිපෙ නායක ඡන්දවලට රටේ බෞද්ධ සංස්‌කෘතිය පාවාදී ඇත්තේ ඒ ලෙසටය.

  5. crazy says:

    Uncivilized and hellhound racist politicians. This country is so unfortunate to have people like you.

  6. Sampath says:

    Ane yako rata kawe ranil rajitha champaka atulu hora nadaya bava lokayama dannawa sopitha hitiyanam bada kapagena marenava ratata i una vinase dakala thopi hitapiyaw gota avahama military sanvidana karala gannam paraskkili topi hadanne 20 genath 35000 Marila beragaththa rata bandesiyaka tiyala dennada

  7. Keerthi says:

    Sumanthiran is a deadly man. He is trying to hijack the entire country and establish a regime where the North and East will have virtually a separate state eventually leading to a cessation like in East Timor. All true Sri Lankans be aware.

  8. Nihal says:

    Anura Kumara – A
    Sumanthiran – SU
    Ranil – RA

    ASURA kalliya

Main News