ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීන්ට හය ලක්‍ෂයක මාසික දීමනාවක්…

October 8, 2016 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීන්ට හය ලක්‍ෂයක මාසික දීමනාවක්…

ආණ්ඩුවේ අමාත්‍යංශ අධීක්‍ෂණයට පත් කර ඇති අධීක්‍ෂණ මන්ත‍්‍රීන් වෙනුවෙන් වාහනයක් කුලියට ගැනීම වෙනුවෙන් මාසිකව ගෙවන මුදල් පන්ලක්‍ෂ අනුදහසක් දක්වා ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මේ වන විට ඔවුනට ගෙවනු ලබන මාසික වාහන කුලිය ලක්‍ෂ දෙකකි.

ගිය සතියේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අවස්ථාවේදී ඇමතිවරැන් පිරිසක් ඊට පක්‍ෂව අදහස් පල කර ඇති අතර තවත් පිරිසක් පවසා ඇත්තේ දැනට ගෙවන මුදල ප‍්‍රමාණවත් බවයි.

ඒ අනුව සියළු අධීක්‍ෂණ මන්ත‍්‍රින් කැදවා ඔවුගේ මතය විමසා අවසන් තීරණයක් ගන්නැයි ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා වෙත පවරන බව එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අවසාන වශයෙන් සදහන් කර ඇත.

ආණ්ඩුවේ ඇමතිවරැන් නොවන සියළුම මන්ත‍්‍රීන් පාහේ අධීක්‍ෂණ මන්ත‍්‍රීවරැන් ලෙස කටයුත කරමින් සිටිති.

0 views

3 Comments to “ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීන්ට හය ලක්‍ෂයක මාසික දීමනාවක්…”

  1. fashala says:

    බොහොම හොදා, ලංකාව ආර්ථිකය කඩා වැටෙනවා කියලා පිටරට සගරා වල තියෙනවා. මේවා තමා හේතු. පාලනය නොදත් හරක් රැලක් ගේ නඩත්තුව සදහා ලංකාවම උගස් තියාවි

  2. desta says:

    salli aran rata kewoth ratama mas kadayak karanawa

  3. Champa says:

    යකෝ.., තිබුන පලියට ඔහොම ඉස්මුරුත්තාවට එනකම් කන්න එපා. ඕවා කවදාහරි වමාරන්න වෙනවා. හිරේ යන්නත් වෙයි. මොකොද ඊළඟ චන්දෙදි අනිවාර්යයෙන්ම මිනිස්සු ඉල්ලනවා රටට අහිමි කරපු, නිස්කාරනේ නාස්ති කරපු මහජන මුදල් recover කර ගන්න කියලා.

Main News