ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

September 25, 2020 at 6:48 pm | lanka C news
ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

අද වන විට ආණ්ඩුව අදුරදර්ශී ලෙස සහ ජනවරමේ ආධ්‍යාත්මයට හානි වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

19 සංශෝධනය යහපත් දේ ඉතුරු කර අයහපත් දේ ඉවත් කළා නම් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මේ ප්‍රශ්ණ ඇති නොවන බවද ඔහු පවසයි.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන් ද විරෝධතා මතු වී ඇතැයි ද ඔහු පැවසීය.

හදිසි පනත් සම්මත කිරීමට අවස්ථාව ලබා ගැනීම, රාජ්‍ය සමාගම විගණනය ඉවත් කිරීම, ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දරා වීමේ අයිතිය ලබාදීම ආදී කරුණු හේතුවෙන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් ගැටළු ඇතැයි ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සංශෝධන නිවැරදි කර ඇතුළත් කරන බවට පොරොන්දු වී ඇති බවත් පැවසූ ඔහු එම පොරොන්දු කඩ කරනවාදැයි බලා සිටින බවද කියා සිටියේය.

වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

20,658 views

5 Comments to “ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..”

  1. Anil says:

    විමල්ගේ හඬ වසන්ත ලෙසින්. ගරු කරනවා

    • ඇම්ඩා says:

      ශ්‍රී පවන් අගවිනිසුරුගේ Per incurium / බලවත් ලෙස නීතිය වරදවා 2015 දී 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සුදු හදුන් කරන වසන්ත බණ්ඩාර යන්නේ කොහේද? 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක් ලබා දුන් ඒකමතික තීරණය නොසළකමින් ශ්‍රීපවන් අගවිනිසුරු කටයුතු කළේ කොමර්ෂල් බැංකුවට හිටි ගමන් පනින්නද? දෙයියො දනී..ජාතික සංවිධාන නොදනී…

    • Janaka says:

      එකගොල්ල දෙකට බෙදිලා අපිට නාට්ටිය පෙන්නනවා. අපි නොදන්න මොනරතැන්න

  2. Wewegadara Appuhamy says:

    We too watching their new trend by that proposed of 20th constitution by MR current govt.?

  3. Ashok says:

    Effort of trying to satisfy one powerful person is going to destroy all the good work done by the Mahinda Sulaga movement. Removing the limits of the Ministerial posts, allowing the President to dissolve parliment within one year, dual citizenship issue, and removal of auditor general are damaging the good name of this government. PM and the President must rethink. Please do not fire the first salvo that will give energy to a dead opposition.

Main News